Mahinda Rajapaksa: අරලියගහ මන්දිරයේ වැසිකිළියක AC තිබීම සහ TV එකක් තිබීමට හේතුව මෙන්න

Sunday, March 8, 2015

අරලියගහ මන්දිරයේ වැසිකිළියක AC තිබීම සහ TV එකක් තිබීමට හේතුව මෙන්න

යහපාලන රජය බලයට පත් වූ පසුව ආරම්භ කළ මුල්ම කටයුත්තක් වූයේ අරලියගහ මන්දිරයට චාරිකාවක් යාමයි. එහිදී එජාප මැතිතුමන්ලා විසින් අරලියගහ මන්දිරයේ තිබූ දේවල් එකින් එක මාධ්‍ය වෙත පෙන්වන්න පටන් ගත්තා. අරලියගහ මන්දිරයේ වැසිකිළියක වායුසමනය කර තිබීම සහ රූපවාහිනියක් තිබීම ගැන මහා ආන්දෝලනයක් ඉන් පසුව ඇති කරනු ලැබුවා.



එලෙස වැසිකිළියේ රූපවාහිනියක් තිබීමට හේතුව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියේ පහත පරිදි දැක්වෙනවා.

ජනාධිපතිවරණයට පසු අරලිය ගහ මන්දිරය අභ්‍යන්තරයේ දර්ශන මාධ්‍ය ඔස්සේ විකාශනය කරමින් මමත්, මාගේ පවුලේ අයත් රජයේ වියදමින් අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කල බව ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහයක් තිබිණි. වැසිකිලියක් ද සහිත වායුසමීකරන කරන ලද හා රූපවාහිනියක් සහිත විවේක පරිශ්‍රයක් (rest area) කෙරෙහි කාගේත් විශේෂ අවධානය යොමුකරවන ලදී.

2013 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව සදහා අරලියගහ මන්දිර පරිශ්‍රයේ මෙම කොටස නිශ්චිත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කළ බව මෙහිදී අප මහජනතාවට මතක් කර දිය යුතුය. සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින් සදහා ප්‍රදර්ශනයක් හා භෝජන සංග්‍රහයක් ද එහි පැවැත්විය. පසුගිය දශකය පුරාම ශ්‍රී ලංකාවට පැමිණි සියලුම විදේශිය රාජ්‍ය නායකයින් පිළිගනු ලැබුවේද අරලියගහ මන්දිරයේ දීය. එවන් තැනක පවතින පහසුකම් අදාල කාරණයට ගැලපෙන ඒවා විය යුතු බව නොකිවමනාය.


අපට චෝගම් සත්කාරක රට වශයෙන් 2013 දී අවස්ථාව ලැබීමට එම කාරණා පවා සලකා බැලුණා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව එලෙස වැසිකිළි වායුසමනය කර රූපවාහිනී තිබිය යුතු බව ඒත් සමහරු විශ්වාස කළේ නෑ. පහත ඡායාරූපයේ පෙනෙන්නේ පසුගියදා ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ලෝක කුසලාන ක්‍රිකට් තරගය පැවැති සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේ තිබුණ වැසිකිළියයි (toilet / wash room). එහි විශාල රූපවාහිනි සවිකොට වායු සමනයකර තිබුණා.

toilet-tv

ඉහත ඡායාරූපය මෙම තරගාවලිය ආවරනය කරන්න අපේ රටෙන් ගිය මාධ්‍යවේදියෙක් තම ෆේස් බුක් පිටුවේ පළකර තිබුණා.

ක්‍රීඩාංගනයේ හැමතැනම මේවගේ රූපවාහිනී සවිකරපු වායුසමනය කළ වැසිකිළි (toilets / wash rooms) තමා තිබෙන්නේ., මොකද ජාත්‍යන්තර නායකයින් පවා පැමිණෙන ක්‍රීඩාංගනයක් නිසා. රාජ්‍ය නායකයන්ට තොරතුරු ලැබෙන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ ජනමාධ්‍ය වෙතින් නිසා, ශරීර කෘත්‍යය කරද්දීත් ජනමාධ්‍ය වෙත ඇස් යොමාගෙන සිටිය යුතු නිසයි එම ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති වී තියෙන්නේ. අනික් අතට උණුසුම වෙනස් වීම මගින් සමහර විදේශ රාජ්‍ය නායකයින් අසනීප විය හැකි නිසා වැසිකිළි පවා වායුසමනය කිරීමට සිදුවෙනවා.

මෙහිදී වැදගත්ම කාරණාව තමයි මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගියත් අර ඒසී මැෂින් එක හෝ ටීවී එක ඉදිරියටත් අයිති රජයටමයි. එහි විදෙස් රාජ්‍ය සමුළු වලට උපකාර විය හැකි පරිද්දෙන් ඒවා පිහිටවා තිබෙනවා.

හැබයි හොඳ වෙලාවට අපේ රටේ යහපාලන වැටලීම් බලකායේ කුප්‍රකට මැතිතුමා ප්‍රමුඛ මැති ඇමති තුමන්ලා සිඩ්නි ගිහින් හිටියේ නෑ. ගියානම් දූෂණ චෝදනා එල්ල කරලා එහේ පත්තර ටීවිවලත් ලොකුවට යන්න තිබ්බා.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.