Mahinda Rajapaksa: මහින්දට එරෙහිව අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි

Tuesday, March 3, 2015

මහින්දට එරෙහිව අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය යළි ලබාදීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට චෝදනා කළා.

අනුර කුමාර සිතාගෙන සිටින්නේ විජේදාස රාජපක්ෂ විසින් විනිශ්චකාර තුමාට නියෝග කර එම බලපත්‍රය නිදහස් කළ බව විය යුතුයි. ඒ අනුව අධිකරන ඇමති දෙන නියෝග විනිශ්චකාරවරුන් පිළිපදින බවයි එතුමා සිතා සිටින්නේ. පහත දැක්වෙන්නේ මේ සම්බන්ධ පුවත් වාර්තාවයි.

http://youtu.be/2EPeSODhRzo

අනුර කුමාරට තිබූ ප්‍රශ්නය වූයේ ඔහු විජේදාස රාජපක්ෂව විවෙචනය කරද්දී ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඊට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන්වීමට හේතුව. ඇත්තටම ඔහු ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් වන්නේ අනුර කුමාර මතු කරන්නේ ඔහුගේ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් නිසයි. එනම් අනුර කුමාරගේ චෝදනාව නිශ්ශංකට සෘජුවම අදාලයි. ඔය දේවත් නොතේරෙන අනුර කුමාර පක්ෂයක නායක කමක් කරන්නේ කෙසේදැයි අපට පුදුමයක් දැනෙනවා.

මෙහි වැදගත්ම කාරනාව වන්නේ ඉහත වීඩියෝ එකේදී විජේදාස රාජපක්ෂගේ එක් ප්‍රකාශයකුයි.
"පහුගිය වකවානුවේ ඒ උදවියට මාතෘකාවක් සොයාගන්න නොතිබුණ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුව දූෂිතයි කියලා ප්‍රචාරය කරගෙන යමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු වල යෙදුණා." - අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි

ඔය දේ කියන්නේ ශ්‍රීලනිප මන්ත්‍රී කෙනෙක් නම් එය නොසලකා හරින්න පුලුවන්. ඒත් මිත්‍රවරුණි, ඉහත කාරනාව ජනතාවට හෙළි කරන්නේ වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා විසිනුයි. පසුගිය කාලයේ අනුර කුමාරලා විසින් හොරා හොරා හොරා කියමින් ගෙන ගිය මඩ ගැන දැන් විජේදාස ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේ අනුර කුමාරගේ ගොබෙල්ස් න්‍යාය දැන් තමන්ට එරෙහිවත් එල්ල වී ඇති නිසා වෙන්න ඕන. ඔවුන්ගේ බලලෝභී මඩ දේශපාලනය නිසා රටක් වටින නායකයෙක් අපට අහිමි වුණ හැටි පේනවානෙ.

70485_anura-kumara-disanayaka-pic-by-sarath-30[1]

ඒ වගේම www.mahinda.info වෙතින් බොහෝ අවස්ථාවන්හි හෙළි කළා අන්තර්ජාලය හරහා විරුද්ධවාදීන්ට මඩ ගහන අය ගැන. විජේදාස මැතිතුමනි, ඔය ආකාරයෙන්ම ඔබට එරෙහිව අන්තර්ජාලය තුළත් මඩ එල්ල වෙන දිනය වැඩි ඈතක නොවෙයි. එනිසා අන්තර්ජාලයේ සාහසික මඩ ප්‍රහාර එල්ල කරන්නන්ට එරෙහිව අධිකරන ඇමති කම තිබියදීම නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගන්න.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.