පහත දැක්වෙන්නේ මල් බඳුන් ඉවත් කිරීමට පෙර විකීමීඩියා වල පළ කර තිබූ ඡායාරූපයකුයි.
එලෙස දෙස් විදෙස් ජනතාවගේ නෙත් සිත් වශී කරගත් මල් පැළ වලට සිදුවුණ දේ කොහෙත්ම හිතකර නෑ. ඉවත් කරන ලද මල් බඳුන් ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට යවා නැති බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ. ඒවා අනපේක්ෂිත ලෙස මහනුවර උද්භිත උද්‍යානයේ පාළු පෙදෙසක කුණුගොඩක් ගොඩ ගසන්නා සේ ගොඩ ගසා තිබුණා.
අප මීට පෙර ලිපියකින්ද පෙන්වා දුන් පරිදි මේවාට වතුර ටිකක් දමා නඩත්තු කරගන්නට නොහැකිනම් කළ යුතුව තිබුණේ මෙසේ විනාශ වෙන්නට දීම නෙමෙයි. එක්කෝ මේවා පෞද්ගලික අංශයට ලබා දෙන්න තිබුණා. එසේත් නොමැතිනම් වෙන්දේසියේ විකුණන්න ඉඩ තිබුණා.
දැන් ඒවා කාටවත් ප්‍රයෝජනයක් නැති කුණු ගොඩක් බවට පත් කරලා. අතීතයේ ලොව හෙල්ලූ විස්මිත නිර්මාණ බිහිකළ අපේ රට අද මල් පෝච්චි ටිකක් නඩත්තු කරගන්න බැරි බව ලෝකයා ඉදිරියේ ඔප්පු කරමින් සිටිනවා.
අපේ රටේ පහසුවෙන් වැවෙන මල් පැල පවා නඩත්තු කරගන්න බැරුව වීසි කරද්දී, අපගේ අසල්වැසි ඉන්දියාවේ ජනාධිපති මන්දිරය අසළ තාප්පයක දසුනකුයි පහත දැක්වෙන්නේ.
යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.