ඊයේ දිනයේ යාපහුව කොන්ඩදෙනියේ රජමහා විහාරයට බෝධිපූජා පින්කමක් සඳහා පැමිණි මහින්ද රාජපක්ෂ මැතිඳුන්ව ජනතාව පිළිගත් අයුරුයි මේ.
‘බෝධිපූජාවට සමබ්න්ධ වෙන්න ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා.? රෑබෝවෙලා තියෙද්දිත් අපිට සහය දැක්වූවාට ස්තුතීයි.
බෝධි පූජා බලයෙන් රණවිරුවන්ට රටට සෙත් පතන අතර පාලකයන්ගේ සිත් තුළින් වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව දුරුවී පළි ගැනීම් නතර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
රැකියාවලින් අස් කළ අය දස දහස් පිරිසකට නැවත රැකිය ලබාදෙන්නට මේ පාලකයන්ට සිත් පහළ වේවා.
අපට ජන්දය දුන් පනස් අට ලක්ෂයක් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අප හැම වෙලාවෙම කැපවෙලා ඉන්නවා’ යයිද රාජපක්ස මහතා එහිදී රැස්ව සිටි පිරිස අමතමින් කීය.
බෝධි පූජාවට සහභාගී වීම සදහා තුන් දහසකට වැඩි පිරිසක් සහභාගී වූ අතර එම පිරිස මග දෙපස රැස්ව හිටපු ජනාධිපතිවරයාට ප්‍රීති ඝෝසා නගමින් පිළිගත් අයුරු දැකගන්න ලැබිණ.