එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එහි ඇඳන් සිටින්නේ පුල් ඕවර් ලෙස හැඳින්වෙන ජර්සි එකකුයි. එය සීතලට අඳින ඇඳුමක්.
ඔබ නුවරඑලියේ ගොස් ඇතිනම් මෙවැනි ඇඳුම් සීතලට අඳින බව දන්නවා. නැතිව ස්ටයිල් එකට ඇන්ද ඇඳුමක් හෝ ජාතික ඇඳුම මොඩ් කිරීමක් නෙමෙයි.
එම සාකච්ඡාවට ඇවිද යන අතරතුරේදී එලියේදී ගත් ඡායාරූපයකුයි පහත දැක්වෙන්නේ.
එලියේ සීතලට එය ඇඳන් සිටි අතර ඇතුලට යද්දී අපි මේ බයික් එකට අඳින ජැකට් එකක් ගලවනවා මෙන් රාජ්ය නායකයෙකුට ඇඳුම් ගැලවීමට නොහැකි බව ඔබට වැටහෙනවා. අනික් අතට වායු සමනය කර තිබුණත් බොලිවියාවේ අයට සුපුරුදු ලෙස ඇතුලේත් තිබී ඇත්තේ අඩු උෂ්ණත්වයකුයි. ඒ අනුව ජර්සි එක පිටින්ම අදාල සාකච්ඡාව කර තිබුණා.
එසේම යහපාලන මඩ කල්ලිය විසින් එම පින්තූරය උස්සන ලද වෙබ් අඩවියේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා 2014 ජූලි මාසයේදී බොලිවියාව සමග ඇතිකරගත් ව්යාපාරික සංවර්ධන සැලසුමක් ගැනයි. එහි ප්රතිඵලයක් ලෙස කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනය වුණා. 2014 ඔක්තෝබර් වෙද්දී ලෝකප්රකට ෆෝබ්ස් සඟරාව විසින් ශ්රී ලංකා කොටස් වෙළඳපොළ ලෝකයේ හොඳම කොටස් වෙළඳපොළක් ලෙස පෙන්වා දෙන අතර මෙහි ආයෝජනය කිරීමට හේතු 10 ක් ම පෙන්වා දෙනවා. (Sri Lanka has one of the best cases for an economy with the stars aligned in its favor. - forbes.com)
එහෙත් වත්මන් පාලනය යටතේ කොටස් වෙළඳපොළට අත් වී ඇති ඉරණමයි පහත දැක්වෙන්නේ. ලැම්බොගිනි, බකිම්හැම් මන්දිර ආදිය හොයමින් රාජපක්ෂවරුන්ට මඩ ගහන අතරේදී පසුගිය මාසයේදී කොටස් වෙළඳපොළ කඩා වැටීම.
මහින්ද රාජපක්ෂ මහතා කළා යැයි කියන ඊනියා මෙගා ඩීල් ගැන හතර වටේ මඩ ගසමින් යහපාලන නඩය එතුමාව පරාද කළා. මාස 2 කට අධික කාලයක් ගොස් ඇතත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කිසිදු ඊනියා චෝදනාවක් ඔවුන්ට ඔප්පු කර නීතිමය ක්රියාමාර්ග ගැනීමට හැකි වී නෑ. සීතල රටවල සීතලට මහින්ද රාජපක්ෂ මහතා ඇන්ද ජර්සි එක පවා යොදා ගනිමින් යහපාලකයින් දැන් මඩ ගැසීමෙන් කාලය ගත කරනවා.
යාලුවන්ටත් මේවා දැනගන්නට Share කරන්න.