Mahinda Rajapaksa: රනිල් අරලියගහ මන්දිරයේ මල් පෝච්චි ඉවත් කීරිමේ හේතුව මේකයි...

Monday, March 2, 2015

රනිල් අරලියගහ මන්දිරයේ මල් පෝච්චි ඉවත් කීරිමේ හේතුව මේකයි...

flower

අරලියගහ මන්දිරයේ තාප්ප සැරසිල්ලක් ලෙස භාවිතා කර තිබූ මල් පෝච්චි සියල්ලම ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. එම මල් පෝච්චි පසුගිය පොදුරාජ්‍යමණ්ඩල සමුළුව වෙනුවෙන් නගර අලංකරනය සඳහා තැබූවක්.

මෙම මල් පෝච්චි ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය වෙත යවා තිබෙනවා. මෙලෙස මල් පෝච්චි ඉවත් කිරීමට හේතුව ලෙස දක්වා තිබුණේ මේ මල් පෝච්චි නඩත්තුව සඳහා විශාල මුදලක් වැය වීමලු...

මල් පෝච්චි සියල්ලම පෞද්ගලික අංශයට ලබා දුන්නානම් එවිට නඩත්තුවට යළිත් මුදලක් රජයට වැය වන්නේ නෑ කියල කියන්න පුළුවන්. ඒත් ඒවා යවා තියෙන්නේ ගම්පහ ඇති රජයේ උද්‍යානයටයි. එවිටත් නඩත්තුවට දිගටම කරන්නේ රජය විසිනුයි.

Gampaha Henarathgoda Botanical Garden - Mal Watta 72

මල් නඩත්තුව සඳහා විශාල මුදලක් යන බවක් යහපාලන රජය විසින් පවසා තිබුණද මේවා පහසුවෙන් ඕනෑම ශුෂ්ක දේශගුණයක වැවෙන මල් පැලයි. සමහර ප්‍රදේශ වල මේවා හැදුනාම උදළුගාලවත් වඳ කරගන්න බැරි තරම් පහසුවෙන් බෝ වෙනවා. මේ බව ගෘහණියන් වඩාත් හොඳින් දන්නවා.

vlcsnap-2015-02-28-17h57m21s48[1]

පහත දැක්වෙන්නේ මල් පැල ඉවත් කිරීමෙන් පසුව අරලිය ගහ මන්දිරයේ තාප්පය දිස් වූ අයුරුයි.

2111

මෙම මල් පැල වලින් කොළඹ නගරයට ලැබුණේ ඉමහත් අලංකාරයක්. ඒ දවස් වල විදේශිකයින් පවා මේ මල් තාප්පය අසළ මොහොතක් නැවතී ඡායාරූප අරගත්තා. එමගින් අපේ රටට ජාත්‍යන්තරයේ ලැබුණේ හොඳ ප්‍රසිද්ධියක්. ස්වභාවධර්මයට ආදරය කරන විදේශිකයින් මීට කීවේ "නැචුරල් ෆ්ලවර් වෝල්" කියලයි. පහත පින්තූරයේ දැක්වෙන්නේ ඈත මල් පැල ඉවත් කරද්දී, එවිටත් ඉවත් කර නොතිබූ මල් පැල වල අලංකාරත්වය විඳිමින් යන විදේශිකයින් යුවලක්.

vlcsnap-2015-02-28-17h57m16s245[1]

පසුගිය කාලයේ යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් රජයේ ඉදිකිරීම් කටයුතු කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් විශාල හඬක් නැගූ හැටි ඔබට මතක ඇති. ඉංජිනේරු බලකාය යනු ඉදිකිරීම් කටයුතු සඳහාම යොදා ගන්නා, හමුදාවේ සිවිල් අංශයයි. එහෙත් මෙම මල් පැල ඉවත් කිරීමට යොදාගෙන තිබෙන්නේ යුද හමුදාවේ සෙබලුන් බවයි දක්නට ලැබෙන්නේ. පහත පින්තූරයේ ලොරියේ අංකය බලන්න.

247

මෙම මල් පැල ඉවත් කිරීමේ සැබෑ හේතුව ලෙස අපට දැනගන්නට ලබුනේ අපූරු විස්තරයක්. එනම් මල් පැල වල පාට කුරහන් පාට නිසා එමගින් අරලිය ගහ මන්දිරයට එන ජනතාවට මහින්දව මතක් වීම වලක්වා ගත යුතු වීමයි. ඒ අනුව මහින්ද මහතාගේ පාට පවා ඉතිහාසයෙන් මකා දාන එක ඔවුන් සිදුකරනවා. ඒ අනුව ඉදිරියේදී කුරහන් පැහැය සහිත අනෙකුත් මල් පැලත්, කුරහන් පාට ඇති ලීබඩු ආදියත් අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීමට නියමිතයි.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

16 comments:

  1. පහත දැක්වෙන්නේ රාශ්ඨපති භවන් හෙවත් ඉන්දීය ජනාධිපති මන්දිරය.
    http://img.india-forums.com/wallpapers/1280x800/121682-the-mughal-gardens-in-rashtrapati-bhavan-on-monday-.jpg

    ඔවුන් පවා මෙලෙස දුර්ලභ මල් වවමින් විශාල මුදලක් වැය කරමින් ජනාධිපති මන්දිරය අලකාරවත්ව තබා ගන්නවා.

    අපේ රටේ පහසුවෙන් වැවෙන මල් පැල අපේ අය ඉවත් කරනවා.

    ආයිත් අර කාලකනි කොළඹ ගඳ එන ගඳ ගහන යුගයකට අපේ රට යනවා නේද? ගෝඨාභය සර් රට ලස්සන කරන්නට කරපු ඔක්කොම වැඩ වතුරේ ගියා.

    ReplyDelete
  2. ඉස්සර කොළඹ නගරය තිබුණෙ කුණු ගඳ ගහමින්, ගෝඨාභය මැතිතුමා කොළඹ සුවඳවත් කළා සුන්දර කළා. දැන් මේ උදවිය ගඳ ගහන නගරයක් නිර්මාණය කර ආසියාවේ ආශ්චර්ය විනාශ කර මහින්ද රාජපක්ෂ නාමය මේ රටේ මිනිසුන්ට අමතක කරන්න උත්සහ කරන බවක් පේනවා.....

    ReplyDelete
  3. http://youtu.be/m6hBy0zZjXM

    ReplyDelete
  4. The fellow who instructed to remove these plants from Temple Trees Premises is completely confused "MEKATA AMU KAWILA"

    ReplyDelete
  5. meka yakada frame tikath uuru nattami kenakuta wikunayi. ehema nathnam me athmenma niwan dakinna Asath Sali wage minihekuta dan devida danne nahe ,Mun wata dan uuru miiyo pirilalu

    ReplyDelete
  6. The beauty of nature can only be admired by people with beautiful hearts and minds! We are forever grateful to Gotabhaya Methithuma for making Colombo city so beautiful and clean for everyone to enjoy including the tourists.

    ReplyDelete
  7. Mekata "AMU" kawila ,dan pissu natanawa

    ReplyDelete
  8. Munta mal palawala agayak naha pus ne

    ReplyDelete
  9. mee wagage lassana suwabawika dewal aage karanna bari nam , Rata lassana karai da yaha palane ,ape ratae minissunta mula amathaka wela ,dan dan therum gihilla Obata jaya niyathai ***Budu Saranai Mahinda Ape janadipathi thumani Obata

    ReplyDelete
  10. http://youtu.be/8SgGqomloUQ

    ReplyDelete
  11. මේ කාළකන්ණි කැඳපාලක ගෝතයෝ ටික ලස්සන කරන්ඩ දන්න උන් ටිකක් නෙමෙයි,
    මුං කරන්නෙ තියන ලස්සනත් නැති කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩක් ගහන එක.

    හැබැයි ඔය මල්පැළ වලින් කුරහන් පාට එනවා කියලා ඒ දේවල් ඉවත් කරලා එමඟින් අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාව එපා කරවන්ඩ මුං හදනවානම් ඊට වැඩිය විහිලුවක් තවත් නෑ.

    අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට වෙනුවෙන් කළ අසීමිත වූ සේවය සදා අමරණීයයි!

    ReplyDelete
  12. ඇත්තටම මට මේකට ලියන්නේ මොකද්ද කියලා මටම හිතා ගන්න බෑ. මේවා මෙහෙම දකින්න, දකින්න මහින්ද ගැනත්, ගෝටාබ්හය ගැනත් ඇතිවෙන්නේ පුදුම හෞව්රවයක්.
    මේ අති නින්දිත ආණ්ඩුව මෙච්චර ලස්සන රට විනාස කරන්නේ කාගෙන් පලිගන්නද? ඇයි මේ හිවල් රැලට මේක තේරෙන්නේ නැත්තේ ? මේ කරන විනාසෙට මුන්ට ශාපවෙනවා.

    ReplyDelete
  13. Please publish this news also

    http://www.gossiplankanews.com/2015/03/current-status-on-temple-trees-flower.html#more

    ReplyDelete
  14. Gahata kola yata adarayak nathi aya gana kawara kathada

    ReplyDelete
  15. Samanya purawasiyek washayen, malpala iwath kireema ithamath heladakinna one karanayak. Mokada ewa ithamath alankarayak ekathu kara. E wunath methanadi mage daneeme hatiyata karunu dekak pilibandawa mage adahas dakwanna kamathi. (1) Wideshikayanta thiya Sri Lankikayantath oya natural flower wall eke pinthura ganna watapitawak e dawaswala thibune naha. Mokada, mama wada karapu office eka Kollupitiye thiyeddi, mama othanin giya kihipa warakma, mata paren anik paththata panala yanna wuna. Mokada e dawaswala oya flower wall eka langin yanna dunne naha. (2) Economics knowledge eka thiyena one kenek dannawa, scale economies kiyana concept eka nisa, yam deyak maha parimanayen karana kota, eyata yana ekaka wiyadama adui. Eka nisa, oya malpala Gampaha garden eke nadaththu kireemen wiyadam ithiriyak aniwaryen wenawa.

    ReplyDelete
  16. Plants purify the air. Motor vehicles exhausts are inhaled by people causing numerous ailments.

    Even now it is not too late plant some trees all along the Galle road to protect the environment.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.