Mahinda Rajapaksa: මහින්ද හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න හැදුවා කියූ චෝදනාවත් බොරු බව ඔප්පු වෙයි.

Tuesday, March 17, 2015

මහින්ද හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න හැදුවා කියූ චෝදනාවත් බොරු බව ඔප්පු වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසුව ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් ලබාගෙන පාර්ලිමේන්තුවට පත් වීමට හැදූ බව පසුගිය කාලයේ ජනමාධ්‍ය විසින් වාර්තා කළා. එය පදනම් කරගනිමින් එජාප මඩ යුනිට් එක විසින් මහින්ද රාජපක්ෂ මහතා බලලෝභියෙක් කියමින් ඉතාමත් පහත් ආකාරයට අපහාස කරනු ලැබුවා.

z_p17-Positive-02[1]එහෙත් වර්තමානයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය සමග එක්ව සිටින ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයකින් එම චෝදනාව බොරුවක් බව සනාථ වී තිබෙනවා. මෙන්න එම ප්‍රකාශය 2015/03/11 දින දිවයින පුවත්පතේ තිබුණේ මෙලෙසයි.
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වීමෙන් පසු ඒ මහතා ජාතික ලැයිස්‌තුව හරහා පාර්ලිමේන්තුවට පත්කර විපක්‍ෂ නායක ධුරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සාකච්ඡා කළද එයටද ඔහු අකමැත්ත ප්‍රකාශ කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

එලෙස පවසා ඇත්තේ විමල් වීරවංශ මහතා හෝ උදය ගම්මන්පිල මහතා නොවේ. වර්තමානයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය සමග සමග එක් වී සිටින ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා විසිනි.

ජනමතයට ගරු කළ මහින්ද රාජපක්ෂ මැතිඳුන් ජනමතයකින් තොරව අඩුම තරමින් විපක්ෂනායක බවට පත් වීමටවත් අකමැති වූයේ එලෙසයි. එතුමා සෑම විටම ගරු කරන්නේ ජනමතයටයි. ඉදිරියේදීත් එලෙසයි. එහෙත් හොර පාරෙන් සමහර තානාන්තර ගත්තෝ කවුරුන්දැයි ඔබ සැමට අමුතුවෙන් කීමට ඇවසි නෑ.

එජාප මඩ යුනිට් එක විසින් අන්තර්ජාලයේ පැතිරවූ තවත් මඩක් දැන හෝ නොදැන අවසන් කිරීම සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාට අපි ස්තුතිවන්ත වන්නෙමු.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

3 comments:

  1. මේ රටට,ජනතාවට අසීමිතව ආදරය සෙනෙහස දක්වන අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මොන අමාරුවකට ද ආය හොරෙන් එන්නෙ..ඔබතුමා නැවත එන්ඩ ඕන හිටියටත් වැඩිය අභිමානයක් එක්ක.එතකොට තමයි ඔය බොරු කතා මවන උන්ගෙ කටේ පණුවෝ ගහන්නෙ.

    ReplyDelete
  2. Dilanayath ekthara yatikuttuwek, Umbe HALIELA asanen umba paradayi, ekayi thopita one Jathika andu, Ubala Mahinda Mahathayage passa lewa kaka giya
    ahikuntika badagosthara wadiyek
    Mahinda mahatha abimanawath uthumek ,
    Boru katha wapurana eyanta wehi nathi hena paathwewaa

    ReplyDelete
  3. wajira jayavickramaMarch 18, 2015 at 1:23 AM

    mahinda mahata tamai jatiye piyanan kauru monawa kiuwat ratama eka dannawa rata me wena vinasen bera genemata atuma newata peminiya utumai mahinda mahatage nayakatwen ena onama kenekuta ape chandaya denawa

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.