Mahinda Rajapaksa: මහින්ද මහර බන්ධනාගාරයට. ජනතාව එක් රොක් වෙයි. රාජිතගෙන් අමුතු කතාවක්!

Friday, March 20, 2015

මහින්ද මහර බන්ධනාගාරයට. ජනතාව එක් රොක් වෙයි. රාජිතගෙන් අමුතු කතාවක්!

mahara

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහර බන්ධනාගාර භූමියට පැමිණි බව දැනගත් ප්‍රදේශයේ අවට ජනතාව විශාල පිරිසක් එතුමාව දැක බලා ගැනීමට එම ස්ථානයට පැමිණියා.



එහි තවත් වීඩියෝ එකක්.



මේ වන විට දකුණු ආසියාවේ කිසියම් රටක ජනතාවගෙන් වැඩිම ආදරයක් ලබන පුද්ගලයා අපගේ මහින්ද රාජපක්ෂ මැතිඳුන් බව වාර්තා වෙනවා. ඒ ජනතා ආදරය හමුවේ සතුරු කම් කළ අයගේ පවා හිත් උණු වෙන්න පටන් අරන්.

එයට හොඳම උදාහරණයක් වන්නේ, මෙතෙක් කාලයක් මහින්ද රාජපක්ෂ මහතාට දොස් නැගූ අමාත්‍ය රාජිත සේනාරත්න, "මහින්ද රාජපක්ෂ මහතා මිතුරෙක් වශයෙන් ඉතාමත් හොඳ බව" පැවසීමයි.



ඉතින් බලන්න මිත්‍රවරුණි, මිතුරෙක් වශයෙන් ඉතාමත් හොඳ බව ඔහුම පවසන මහින්ද මැතිඳුන්ට පහුගිය කාලේ ඔහු දේශපාලනය වෙනුවෙන් කී දේවල්. රටක් දිනා අපට හෙටක් ඉතිරි කළ මහින්ද මැතිඳුන්ගේ චරිත ඝාතනයන් වුණ හැටි.....

සතුරන්ට පවා කාරුණික වන මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අනුකම්පා කළද, ඔහුව නැවත කිසි විටෙකවත් තම දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා බව අප වෙත වාර්තා වී තිබෙනවා.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.