Mahinda Rajapaksa: මහින්ද ශ්‍රීලනිප ය කැඩුවා ද? මෙන්න පිළිතුරු.

Tuesday, March 24, 2015

මහින්ද ශ්‍රීලනිප ය කැඩුවා ද? මෙන්න පිළිතුරු.

ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් කැප වූ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට ස්තුති කිරීමේ හමු පැවැත්වීම නිසාත්, සංධානයේ පක්ෂ නායකයන් විසින් සංධානය නැවතත් දිනවීමට රට පුරා ජන රැළි පැවැත්වීම නිසාත්, රට පුරා බෝධි පූජා පින්කම් පැවැත්වීම නිසාත් ශ්‍රීලනිප ය දෙකඩ වීමක් සිදුවෙන බව සමහරුන් ප්‍රකාශ කර ඇත. එහෙත් පක්ෂය කඩා ඇත්තේ කවුරුන්දැයි බලමු.

1977 පරාජයත් සමගම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1984 වන විට සිටියේ ඉමහත් බැරෑරුම් අවධියකය. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ දියණිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සිදුකළේ තම මවට ශක්තියක් වීම නොව 1984 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී තම සැමියා විජය කුමාරතුංග සමග "ශ්‍රී ලංකා මහජන පක්ෂය" පිහිටුවීමයි. සැමියාගේ ඝාතනයෙන් පසුව ඇය පක්ෂය පමණක් නොව රටත් හැර ගියාය.

z_p09-Vijaya[1]

1988/1989 භීෂණ සමය වෙද්දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු මර්දනයට ලක් වන පාක්ෂිකයන් වෙනුවෙන් දේශපාලන අරගලයක නිරත වූයේත්, නඩු හබ වලට පවා පෙනී සීයේත් නීතීඥ මහින්ද රාජපක්ෂ මහතායි.

z_Presi-sup-p05-champion1[1]

1990 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය යළි ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සම්බන්ධ වීමෙන් පසු එයට විරෝධය පාමින් සිරිමාවෝ මැතිණියගේ පුත් අනුර බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවට එක්‌විය. ඔහුට එම එජාප ආණ්‌ඩුවේ උසස්‌ අධ්‍යාපන ඇමැති පදවිය හිමිවිය.

1992 දී කොළඹ කතරගම පාද යාත්‍රාව කොළඹ සිට දින 19 ක් කතරගමට පයින් ගමන් කරමින්, රට පුරා ජන රැළි පවත්වමින් යළිත් 1994 දී ශ්‍රීලනිපය බලයට ගෙන ඒමට කටයුතු කළේත් මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි.

pada-yathra1[1]

අද යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් මෙන්ම ශ්‍රීලනිපයේත් තීරක බලවේගයක් ලෙස කටයුතු කරන රාජිත සේනාරත්න මහතා දේශපාලනය ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. එහෙත් ඔහු විජය-චන්ද්‍රිකා සමග එක් වී ශ්‍රීලනිපයෙන් ඉවත් විය. නැවතත් 1994 දී එක්සත් ජාතික පක්ෂයෙන් කළුතරින් මන්ත්‍රීකම ගත්තේය. 2007 දී එක්සත් ජනතා නිදහස් සංධානයේ ඇමති කමක් ගත්තේය. නැවතත් 2014 දී එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සමග එක් විය.

ශ්‍රීලනිපයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 නොවැම්බර් මාසයේ ශ්‍රීලනිපයෙන් ඉවත් වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙසිනි. ශ්‍රීලනිප ඡන්ද දායකයන් ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිවයි. එසේ වුවද එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ඡන්ද වලින් ජනාධිපති වූ ඔහු නැවතත් අර ශ්‍රීලනිප ඡන්ද දායකයන්ගේ නායකයා බවට පත් විය.

maithiripala-ranil-600011[1]

කවුරුන් කොහොම පැන්නද මහින්ද රාජපක්ෂ මහතා අඩ සිය වසකට ආසන්න තම දේශපාලන දිවිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගොස් හෝ එය කඩා ඉහිරවා නොමැත. ඔහු ජීවිත පරිත්‍යාගයෙන් තම කාලය ධනය ශක්තිය වැය කළේ ශ්‍රීලනිපය ආරක්ෂා කරන්නටයි. ශ්‍රීලනිපය ප්‍රමුඛ සංධානයට ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබා ගැනීමට එතුමා සමත් විය. අවසන් වතාවට ශ්‍රීලනිප නායකත්වයේ සිටියදී ලක්ෂ 58 ක ජනවරමක් සහ කොට්ඨාශ මට්ටමෙන් බැලුවහොත් මහ මැතිවරණ ජයග්‍රහණයක් ඇති ජන පදනමක් එතුමා ලබා දී තිබුණි.



යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

5 comments:

  1. Mahinda mathiduni oba editharayi, oba parada naha ,Hitan Hutange badagosththra wadiyo , Yatikuttuwo thamayi pakshaya nathibanga karanne, U.N.P. trap ekata Hitan Hutan mattuwela , Unta athisaraya hedenna onna menna gande baha ,
    Kohomada wililajja nathi SakkiliBalla , apawiththra, Asubadarshani kiw katha e dinawala

    ReplyDelete
  2. Mahinda Methidhun Pakshaya ihalata gaththa! kisidineka paava dunne nehe. SLFP nayakathvayata ekama sudussa obathuma pamanai! Sandhaana nayaka viya yuththeth obathuma pamanai! mey kerena vada katayuthu api hamotama vihiluvak! hamadeyakma venas vennama oney! apey uthum Mawbima me bhayanaka anathurin galavaa gannama oney! Obathuma vataa Laksha 58 kata vadaa vishaala senagak innava!! Obathumata JAYEN JAYA! Theruvan Saranath Siyalu Dev Rekavaranath Pathamu!

    ReplyDelete
  3. නිදහස් පකෂෙ කැඩුවේ එක එකාට පු* දෙන්ඩ යන ජාතියක් ජන්මයක් නැති දැන් ඉන්න කොන්ද පණ නැති සිරිසේනයානේ...

    ReplyDelete
  4. ඉහළ මට්ටමේදී බෙදී ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන පදනම කිසි සේත් බෙදී හෝ බිඳී හෝ නැත. බලහත්කාරයෙන් ජනාධිපති බලතල පාවිච්චි කර පක්ෂයේ නායකකම පොකට් ගසා ගත් දේශ ද්‍රෝහී පක්ෂ ද්‍රෝහී නිවටයෙකුට ජනාධිපති වූ පළියට හෝ රටේ නායකයා වූ පළියට හෝ ජනතාවගේ හදවත දිනා ගැනීමට නොහැකිය. මහින්ද මහතා ම වරක් කී පරිදි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්තේ බෝඩ් ලෑලි වල හෝ පක්ෂ මුලස්ථාන ගොඩනැගිල්ලේ හෝ නිල තනතුරුවල හෝ නොව පක්ෂයේ ජාතිකත්ව ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි කශේරුකාවක් ඇති ජනතා විශ්වාසය දිනූ එමෙන් ම ජනතාව ගැන තෙතක් මෙතක් ඇති සැබෑ නායකයාණන්ගේ හදවතෙහිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ ජාතිකත්වයයි. ජාතිකත්වය සොයා යන රටට ආදරය කරන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ සැවොම ජාතිකත්වයේ සුවඳට ඉව අල්ලමින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක්සිත්ව එක්සත්ව එක්රොක් වෙති. එබැවින් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී නැතුවා පමණක් නොව එතුමාගේ නායකත්වයෙන් එය ළඟ එන මහා මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ද ලබනු ඇත.

    ReplyDelete
  5. ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේOctober 27, 2015 at 9:32 AM

    ඔය විජය කුමාරතුංගට එහා පැත්තේ ඉන්න ගෑනි දෙහිවල බෝම්බෙන් චුතවෙලා ගියානම් අද මෙච්චර විනාශයක් වෙන්නේ නෑනේ

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.