Mahinda Rajapaksa: කන්කසන්තුරේ මන්දිරයේ ඇත්ත මෙන්න... – මහින්දගෙන් නිවේදනයක්!

Thursday, March 5, 2015

කන්කසන්තුරේ මන්දිරයේ ඇත්ත මෙන්න... – මහින්දගෙන් නිවේදනයක්!

කන්කසන්තුරේ ඉදිකර ඇති බව කියන ජනාධිපති මන්දිරය ගැන කරුණු පැහැදිලි කිරීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මසහතා විසින් සිදු කරයි. මෙහි දැක්වෙන්නේ ඔහු විසින් නිකුත් කර ඇති එම නිවේදනයයි.

මාධ්‍ය නිවේදනය

මාගේ භාවිතය සඳහා කන්කසන්තුරේ ඉදි වෙමින් පැවති ජනාධිපති මන්දිරයක් යැයි කියන ගොඩනැගිල්ලක රූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුනි. කන්කසන්තුරේ ඉදිවෙමින් පැවති කිසිදු ජනාධිපති මන්දිරයක් නැති බව ජනතාවට දැනුම් දීමට මම කැමැත්තෙමි. 1980 ගණන් වලදී කොටි ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන තුරු ජනාධිපති මන්දිරයක් යාපනය කොටුව තුල තිබුණු බව මෙහිදී මතක් කර දිය යුතුය. එය අද දක්වාම නැවත ඉදිකර නැත. කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයකි. එහි ඉදිකිරීම් කටයුතු භාරව හිටියේ නාවුක හමුදාවයි. ලංකාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වන බණ්ඩාරනාක සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, නෙලුම් පොකුණ වැනි ආයතන සියල්ල පැවතියේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය.

කන්කසන්තුරේ හා ආරුගම්බේ යන ස්ථානවල ඉදිවෙම්න් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නොයෙක් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලටත්, උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයින් හා වෙනත් දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍රයෝජනය සදහාත් මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමට සැලසුම් කර තිබුණි. සාමය උදාවීමත් සමග මේ ප්‍රදේශවලට යන එන දෙස් විදේස් අමුත්තන්ගේ ගණන විශාල වශයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මෙකි මධ්‍යස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති සෙසු සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වලින් වෙනස් වන්නේ ඒවායේ නවාතැන් පහසුකම් ද සපයා තිබීමෙනි. මේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණි. මෙවැනි ආයතන ඉදි කිරීම ජනාධිපති මන්දිර සඳහා සිදු කරන නාස්තිකාර වියදමක් හැටියට හුවා දැක්විම පසුගිය වකවානුව පුරාම මට එරෙහිව පැවති අවලාද ව්‍යාපාරයේ කොටසක් බව කිව යුතුය.

මේ සාවද්‍ය ප්‍රචාර වලින් නොමග නොයන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

=========================
යාලුවන්වත් දැනුවත් කිරීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.