අද දින (6/2/2015) මහනුවර පැවැත්වූ ජනතා රැළියට විශාල බාධාකිරීම් සිදුවිය. පළමුවෙන්ම සමහර නායකයින් විසින් මෙම රැළියට සහභාගී වීම තහනම් කරන ලදී. අනතුරුව වාර්තා වෙන ආකාරයට නුවරට පැමිණෙන ජනතාවට මැරයන් ලවා ගල් ගස්සවනු ලැබුණි. ශබ්ද විකාශන යන්ත්‍ර වල වයර් කපනු ලැබුණි. කෘතිමව මහනුවර වාහන තදබදය වැඩි කරමින් පැමිණෙන ජනතාව මහ මග රඳවාගනු ලැබුණි. අන්තර්ජාලය හරහා ඔබ සම්බන්ධ වූවානම් අන්තර්ජාල විකාශන කටයුතු වලට සිදුකරන ලද බාධාවන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කුමක් වාරණය කළත් ජනතාවගේ හදවත් වාරණය කිරීමට පාලකයින්ට හැකි වෙන්නේ නැත.
https://www.youtube.com/watch?v=xSPuNdWFenE
https://www.youtube.com/watch?v=gMIJGMaZXXw
https://www.youtube.com/watch?v=n1HeJElyyyo




