එම හමුව සඳහා කළුතර දිස්ත්රික් ශ්රීලනිප පළාත් පාලන මන්ත්රිවරුන් 140 ක පමණ පිරිසක් පැමිණියහ. ඔවුන් සියළු දෙනා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා අත්තේ නැවත දේශාපලනයට ඕනෑම ලකුණකින්, ඕනෑම පෙරමුණකින් පැමිණෙන ලෙසයි. මහින්ද රාජපක්ෂ මහතා කුමන පක්ෂයෙන් පැමිණියද තම සහාය ලබා දෙන බව සියල්ලන්ම ඒකමතිකව සම්මත කළෝය.
අද සවස 3 ට ගම්පහ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්රීවරුන්ගේ හමුව පැවතෙන අතර සවස 5 ට කොළඹ දිස්ත්රික්කයේ අදාල මන්ත්රීවරුන්ගේ හමුව පැවැත්වේ.
මේ අතර මීට එකට එකක් කිරීමක් වශයෙන් කළුතර දිස්ත්රික් ශ්රීලනිප පළාත් පාලන මන්ත්රීවරුන් සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේම කැඳවා තිබූ විශේෂ සාකච්චාව සඳහා සහභාගීත්වය ඉතා අඩු මට්ටමක වූ බව වාර්තා වෙයි.
යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.