ත්‍රිවිධ රත්නයත්, මාතෘභූමියත් හැරුණ විට ලොව අන් කිසිවෙක් ඉදිරියේ නොනැමෙන ප්රතාපවත් නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා කාට හෝ නැමී සිටින පින්තූරයක් කඩිමුඩියේ සොයා බැලූ මඩ කල්ලියට හමුවූයේ එම පින්තූරයයි.
එහෙත් එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වාඩි වී සිටින පුටුවෙන් නැගිටින අවස්ථාවකි. පහත පින්තූරයේ එම අවස්ථා දෙක මැනැවින් දිස් වෙයි.
රටක රාජ්‍ය නායකයෙක් තවත් රටක රාජ්‍ය නායකයෙක් හා කතා බස් කරද්දී ඔවුන් දෙදෙනාම සම ආකාරයට සිටිය යුතු වීම ලොව පිළිගත් සම්ප්රදායයි. එනම් එක්කෝ දෙදෙනාම නැගිට හෝ දෙදෙනාම අසුන් ගෙන සිටිය යුතුය. ඒ අනුව තමන් ඉදිරියට ඇවිත් හිටගත් ජොර්දාන් රැජින හා කතා කිරීමට හිටගන්නා අවස්ථාවේදී ගත් ඡායාරූපය මඩක් ලෙස භාවිතා කරන්නට ගොස් හත් පොළේ ගාගෙන ඇත.
ඊගාවට සමහරුන් පවසා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට ලොව අනෙකුත් නායකයින්ගෙන් පිළිගැනීමක් නැති බවයි. එයට පිළිතුරක් ලෙස පසුගිය චෝගම් සමුළුවේදී බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාම ඇවිත් අපේ රටේම ක්‍රමේට මහින්ද මැතිඳුන් හා සුහදව ආචාර කරගත් ආකාරයයි පහත දැක්වෙන්නේ.
අද සමහරුන් විනාශ කරන්නේ, අපේ රටට ඇති ඒ මහා ජාතික අභිමානයයි.
යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.