Mahinda Rajapaksa: ගෝඨාභය තනතුරු බලාපොරොත්තු වෙනවා ද? මෙන්න ඇත්ත.

Saturday, March 21, 2015

ගෝඨාභය තනතුරු බලාපොරොත්තු වෙනවා ද? මෙන්න ඇත්ත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් ලබා දිය යුතු බවට වෙනත් පාර්ශවයකින් යෝජනා වූවායැයි සමහර වෙබ් අඩවි වල පළ වූ බොරු පුවත සම්බන්ධයෙන් mahinda.info මාධ්‍ය අංශයෙන් කරන කරුණු පැහැදිළි කිරීමයි.

1. තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් දායකත්වය මෙරට ජනතාවට අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. එසේ වී තිබියදීත් එතුමා සේවය කළේ තමන් කළින් සිටි නිලයේ සිටිමින්ම ශ්‍රී ලංකා මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම සිදුකිරීමට මිස කිසිදු තනතුරක් බලාපොරොත්තුවෙන් නොවේ. මානුෂික මෙහෙයුම අවසන් කළ පසුවද එතුමා සිටියේ එම නිලයේ පමණි.



2. හමුදාවේ ඉහල තානාන්තරයක් ලබා ගැනීමට එතුමාට අවශ්‍යතාවයක් තිබුණානම්, තම සහෝදරයා ජනාධිපති බැවින්, මානුෂික මෙහෙයුම අවසන් කළ වහාම කිසිදු ආයාසයකින් තොරව ඕනෑම ඉහළ තානාන්තරයකට යාමට හැකියාව තිබුණි. එවකටත් සිටි කොටි හිතවාදීන් සුළු පිරිස හැරුණ විට කිසිවෙක් ඊට එරෙහිව යන්නේ නැත.

3. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී හෝ ඉන් පසුව ගෝඨාභය මහතා ඉහල තානාන්තරයකට ඉල්ලීමක් කර නොමැති අතර, එනිසා ඉහල තානාන්තරයක් දීම සිදුවූයේත් නැත. එතුමා ඉදිරියේදීත් කිසිදු ඉහල හමුදා තානාන්තරයක් බලාපොරොත්තු වෙන්නේ හෝ ලබා ගන්නේත් නැත.

4. "ෆීල්ඩ් මාෂල් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහාතාටත් ලබාදිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමියෝ රජයෙන් ඉල්ලති." මැයෙන් සමහර වෙබ් අඩවි වල පළ වී තිබූ වාර්තාත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බොදු බල සේනා නිල ෆේස්බුක් පිටුවේ දමා ඇති පහත පැහැදිළි කිරීමෙන් සනාථ වෙයි.

bbs

5. රාජපක්ෂවරුන්ට මඩ ගැසීමටම භාවිතා කරන "ලංකාඩේලි" නැමැති මඩ වෙබ්අඩවිය මූලාශ්‍ර කරගැනීමට ගොස් ස්වාධීන වෙබ් අඩවි පවා වැරදියට වාර්තා කර ඇත. එනිසා මඩ වෙබ් අඩවි පදනම් කරගනිමින් පුවත් පළ කිරීමෙන් ස්වාධීන වෙබ් අඩවි වල පවා ජනතා විශ්වාසනීයත්වය පළුදු වෙන බව කිව යුතුය. ඒ අතරම මඩ වෙබ් අඩවි කියවීමෙන් ඔබගේ කාලය අපතේ යාම මිස ඔබට අවශ්‍ය තොරතුරක් නිරවද්‍යව ලැබීම සිදු නොවන බව mahinda.info සහෘද ඔබගේ කාරුණික අවධානයට පාත්‍ර කරමි.

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.