ගම්පහ දිස්ත්රික්කයේ මන්ත්රීවරුන් 223 කින් 191 ක් එහි ආරම්භයේදී පැමිණ සිටි බව වාර්තා වූ අතර සංවිධායක වරුන් පැවසූයේ තවත් පිරිසක් පසුව පැමිණි බවයි. කුමන ලකුණකින් හෝ කුමන පක්ෂයකින් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවද තම සහයෝගය ලබා දෙන බව ඔවුන් පැවසීය.
කොළඹ දිස්ත්රික් මන්ත්රීවරුන් 131 කින් 106 ක් පැමිණ සිටින අතර ඔවුන් ඒකමතිකව යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා විය යුතු බවයි. තවත් මන්ත්රීවරුන් පිරිසක් පැමිණෙමින් සිටී. එම හමුව මේ වෙන විටත් පැවැත්වෙයි.
ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාව වෙනුවෙන් ඉදිරියටත් එතුමා පෙනී සිටින බවත්, එය වැළැක්වීමට කිසිවෙකුටවත් නොහැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි මන්ත්රීවරුන්ගේ ප්රීතිඝෝෂා මැද පවසනු ලැබුණි.