අද උදෑසන නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට වැඩම කළ 300 ක පමණ භික්ෂූන් වහන්සේලා පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසුණි.
රට වේගයෙන් විනාශය කරා ගමන් ගන්නා බවත්, ඉන් රට බේරා ගන්නා ලෙසත් උන්වහන්සේලා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළහ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාව හමු වීමට අද කලාකරුවන්ද 300 ක පමණ පිරිසක් අවස්ථා කිහිපයකදී පැමිණියා. දිනෙන් දින අස්ථාවර වෙන රට බේරා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියෝය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා අසල පුවරුවක සඳහන් කර තිබූ ‘නියමිත වේලාවට රාජකාරිය වාර්තා කරන්න’ යන වැකිය වෙනස් කර මෙසේ කීවේය. ‘නියමිත වේලාවට රාජකාරියට වාර්තා කරමි’ කලාකරුවෝ සියල්ල මහ හඬින් අත්පොලසන් දෙමින් ජයඝෝසා නැගූහ.
දැන් සිටින්නේ ඇමතිවරු නොව විධායක ජනාධිපතිවරු බවද රාජපක්ෂ මහතා එහිදී කීය.
යාලුවන්ටත් බැලීමට Share කරන්න.