Mahinda Rajapaksa: ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට සූදානම්...!

Thursday, March 12, 2015

ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට සූදානම්...!

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගෙන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව සෞඛ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

dinamina

සිව් දින නිල සංචාරය නිමාවා ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමි‚ වහාම මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට ද මෙහිදී යෝජනා වූ බව ඇමැතිවරයා කීවේය. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික විධායක සභාවේ දී අවධාරණය කළේය. ඊයේ (11) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති ජාතික විධායක සභාවේ දී මෙම තීන්දුවලට එළඹි බවද ඇමැතිවරයා කීය. (dinamina.lk)

ඊට අමතරව වික්‍රමබාහු කරුණාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින්, ගෝඨාභය රජපක්ෂ මහතාව අත් අඩංගුවට පත් කිරීමට ජාතික විධායක සභාවේදී කතා වූ බව පවසයි.



ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට යාම සම්බන්ධව පහත කරුණු අප සහෘදයන් වෙත අවධාරණය කරන්නෙමු.

1. ලක්‍ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ‘ඇවන්ගාඞ්’ සිදුවීමේ නීත්‍යානුකූලභාවය පෙන්වා දී තිබුණා. එසේනම් නීත්‍යානුකූල දෙයක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගන්නේ කෙසේද?



2. ඊට අමතරව රජය විසින් ඇවන්ගාඩ් නීත්‍යානුකූල බව ප්‍රකාශ කර තිබෙනවා. පහත දැක්වෙන්නේ ඒ ගැන දිවයින පුවත්පත් වාර්තවයි.

divaina

3. රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණි වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමට තීන්දුව ගන්නවා. අත් අඩංගුවට ගත යුත්තේ කවුද , නොගත යුත්තේ කවුද කියලා දැන් තීන්දු කරන්නේ රටේ ජනාධිපතිවරයායි. ඒ අනුව රටේ ජනාධිපතිවරයා විසින් අධිකරණ බලතලත් යොදා ගන්නවා. විධායක බලතල අහෝසි කරන්න කියා බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අධිකරන බලතල ත් භාවිතා කරනවාට ඔබ එකඟද?

rajitha

4. ජාතික විධායක සභාව කුමන නෛතික පදනමක් මතද එහිදී පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම ගැන සාකච්ඡුා කරන්නේ? අත්අඩංගුවට ගත හැක්කේ පොලීසියට හෝ අධිකරණ නියෝග මතයි. ඒ අනුව අපට පෙනෙන්නේ මේක ජාතික විධායක සභාවක් නොවෙයි, සිය ප‍්‍රතිවාදීන් ‘දඩයම් කිරිමේ සභාවක්’ බවයි.

11024688_939167122783295_1636967176112485205_n

5. මානුෂික මෙහෙයුමට එරෙහිව කටයුතු කළ වික්‍රමබාහු කරුණාරත්න වැන්නෙක් විසින්, මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කර දුන් මහ මොළකරුවා වන ගෝඨාභය රාජපක්ෂ මහතාව දඩයම් කිරීමට තීන්දු ගැනීම ඔබ අනුමත කරනවාද?

vikramabahu

6. ඔබ දන්නවා, පසුගිය දිනවල මහ බැංකුවේ විශාල වංචාවක් සිදු වී තිබෙනවා. පුවත්පත් මගින් අනාවරණය කර ඇති අන්දමට මේ වංචාවේ ප‍්‍රමාණය රුපියල් කෝටි 270ක්. අනුර දිසානායක ජ.වි.පෙ නායකවරයා තමන්ගේ ගෝලබාලයන් ලවා කියවනවා, ‘මහ බැංකු අධිපති ඉල්ලා අස්විය යුතුයි’ කියලා. ඇයි ජාතික විධායක සභාවේදී ඒ ගැන කතා නොකළේ? ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්න ඒකමතිකව තීරණය කරන ජාතික විධායක සභාවේදී ඇයි, රුපියල් කෝටි 270ක් වංචා කළ මහ බැංකු අධිපතිව තාවකාලිකව හෝ සේවයෙන් ඉවත් කිරීමට තීරණයක් ගන්න බැරි වුණේ? අනුර දිසානායකගේ කට මේ වගේ දේවල්වලදී ඇරෙන්නේ නැත්තේ ඇයි?

7. එදා යුද්ධය පවතිද්දී මරාගෙන මැරෙන බෝම්බයක් එවලා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවර කරන්න කොටි සංවිධානයට අවශ්‍ය වුණා. අද කොටි සංවිධානය විනාශ කළාට පස්සේ දෙමළ ඩයස්පෝරාවට, ඉන්දියාවට, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ට ඕනැ වුණා ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු මෙරට රණවරුවන්ගෙන් පලි ගන්න. යුද අපරාධ චෝදනා ගෙනාවේ ඒකට. ඊනියා මානව හිමිකම් කඩකිරිමේ චෝදනා ගෙනාවේ ඒකට. ඒ විදියට ජාත්‍යන්තර තොණ්ඩුවක් රණවිරුවන්ගෙ බෙල්ලට දමන්න හැදුවා. ඒ දේ අද සම්බන්ධන්ලා, මනෝගනේෂන්ලා, වික‍්‍රමබාහු කරුණාරත්නලා, අනුර දිසානායකලා, රාජිත සේනාරත්නලා, චම්පික රණවකලා ජාතික විධායක සභාවේ එකට වාඩිවෙලා දේශීයව ඉතා ලස්සනට කරන්න හදනවා.

10428504_343995342454032_5486040596676038829_n[1]

මේ ගැන සියල්ලන්වම දැනුවත් කරන්නට Share කරන්න.