Mahinda Rajapaksa: "වැලි රාජුටත් ආරක්‍ෂාවක් දුන්නානම් ඝාතනය වෙන්නේ නෑ" - බුද්ධිකට පිළිතුරු

Monday, March 30, 2015

"වැලි රාජුටත් ආරක්‍ෂාවක් දුන්නානම් ඝාතනය වෙන්නේ නෑ" - බුද්ධිකට පිළිතුරු

"මේ ජනාධිපතිවරණයටත් ජනාධිපතිවරයාට හා නොදෙවෙනි ආරක්ෂක නිලධාරීන් තමුන්ගේ මල්ලිලාට පුත්තුන්ට සහෝදරයන්ට දීලා තිබුණානම් මේ වගේ සිද්ධියක් වෙන්නේ නෑ" ලෙස ප්‍රියන්ත සිරිසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මහතා අදහස් දැක්වීය.



ඒ අනුව ඔහුගේ කතාවෙන් ගම්‍යමාන වන්නේ පහුගිය ජනාධිපතිවරයාගේ සහෝදර සහෝදරියන්ට ආරක්ෂාව දී තිබීම ගැන චෝදනාවකුයි. එසේම තවත් බරපතල කතා බොහෝමයක් වත්මන් ආණ්ඩුවට සහාය දෙන මඩ වෙබ් අඩවි ගණනාවක පළ වූ නිසා මේ ගැන කරුණු කිහිපයක් ඔබ හමුවේ තබන්නෙමු.

1. ප්‍රියන්ත සිරිසේන මහතා හෙවත් වැලි රාජුගේ කැරැට්ටුව කෙසේ වුවද ඔහු තවත් මනුෂ්‍යයෙක් නිසා, යහපාලනයක් තිබෙනවා යැයි ආණ්ඩුවෙන්ම කියා ගන්නා කාලයක රටේ ජනාධිපතිවරයාගේ සොයුරාට මෙලෙස අකාලයේ මිය යන්නට සිදුවීම ගැන මනුෂ්‍යත්වයේ නාමයෙන් අප කණගාටු වන්නෙමු. රටේ විධායක ජනාධිපතිවරයාගේ සහෝදරයාටත් ජීවිත ආරක්ෂාවක් නොමැති වකවානුවක සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ඇති වන්නේ භීතියකි.

2. ආණ්ඩුවට කඩේ යන සමහර වෙබ් අඩවි වලින්ම කියන පරිදි වැලි රාජු නීති විරෝධී වැඩ කර තිබුණිනම් කළ යුතුව තිබුණේ අඩුම තරමින් පසුගිය මාස 3 තුළදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. එසේ නැතිව දැන් සිරිසේනගේ මල්ලි ගැන කියමින් රාජපක්ෂවරුන්ගේ කාලෙදි නීතිය ක්‍රියාත්මක වුණේ නෑ ආදී ලෙස මඩ ගැසීමේ තේරුමක් නැත.

3. මහින්ද රාජපක්ෂ මහතා යනු ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමට නායකත්වය දුන් ජනාධිපතිවරයායි. එතුමාගේ සොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්ව මෙන්ම රණවිරුවන්වත් පෙළගස්වමින් නායකත්වය ලබා දුනි. කොටි ත්‍රස්තවාදීන් පරාජය වුවද විසිරී සිටිය හැකි ත්‍රස්තයන්ගෙන් තිබෙන අනතුරු නිසා රාජපක්ෂවරුන්ට සාමාන්‍යයෙන් වෙනත් අයට වඩා ආරක්ෂාවක් ලබා දීමට සිදුවුණි. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැලි රාජුව ව්‍යංගයෙන් සැසඳීමට හදන බුද්ධික පතිරණ මහතා ගැන කණගාටු සිතේ.

4. ප්‍රියන්ත සිරිසේන මහතාට එම අනතුර සිදුවී තිබෙන්නේ සමීපතම මිතුරෙක්ගෙනි. එසේනම් උදාහරණ ලෙස එකල ගෝඨාභය රාජපක්ෂ මහතාට දී තිබුණ ආකාරයේ ආරක්ෂාවක් ප්‍රියන්ත සිරිසේන මහතාට දී තිබුණත් එම මිතුරාගෙන් සිදුවන අනතුර මග හැරීම දුෂ්කරය. එනම් ළඟම හිතවතෙක්ගෙන් එකට කෑම කන මොහොතේ වුවද අනතුරක් වීමට හැකි නිසයි.

5. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා කාන්තා හුටපටයක් නිසා නියෝජ්‍ය පොලිස්පති වරයෙක්ගේ පුතෙකුට පහර දී තිබුණි., මූලාශ්‍රය. මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරු ඩඩ්ලි සිරිසේන කැසිනෝ ගැසූ බව ජාතික පුවත්පත් වල වාර්තා විය. මූලාශ්‍රය. මෛත්‍රීපාල සිරිසේන මහතාට පවා පසුගිය කාලයේ අමුතු චෝදනාවක් එල්ල වුණි. මූලාශ්‍රය.

6. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ කිසිවෙක් විශමාචාර වලට වරදකරු වී නොමැත. පසුගිය කාලයේ යහපාලන මඩ බලකාය විසින් ෆොටෝශොප් කර තිබෙන මඩ සත්‍යනම් ඒවා ඔප්පු කිරීමට පසුගිය මාස 3 හොඳටම ප්‍රමාණවත්ව තිබුණි.

7. වැලි රාජුට පහර දී ඝාතනය කළේ ව්‍යාපාරික හේතුවක් නිසා බව සමහර මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් ප්‍රශ්නය වන්නේ "ව්‍යාපාරික හේතුවක් මත විධායක ජනාධිපතිවරයෙක්ගේ සහෝදරයෙක්ව ඝාතනය කිරීමට තරම් කවුරුන් හෝ ආවේගශීලී වෙනවාද?"

තීරණය ඔබ සතුයි.

වැලි රාජුගේ මරණය සම්බන්ධයෙනුත් තැන් තැන් වල හැංගී සිටින යහපාලනකරුවන් සිදුකරන්නේ රාජපක්ෂවරුන්ට මඩ ගැසීම නිසා ඉහත පිළිතුරු ඔවුන්ට ලැබුණි.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

13 comments:

  1. මෙයට දියහැකි හොඳම උදාහරණයක් ඔබලාට මතක්කරමි එනම් ජනාධිපති ප්‍රේමදාස,එතරම් ආරක්ෂාවක් තිබියදීත් ඔහුගේ ලඟින්ම සිටි හිතවතෙක් ඔහුව ඝාතනය කරන ලදී.

    ReplyDelete
  2. ඔව්..ඔව්...මේ වැලි රාජුටත් හමුදා ආරක්ෂාවක් දුන්නානම් මේ රටේ ඇළ දොළ ගංගා වල බෙහෙතකටවත් ගන්ඩ වැලි ඇටයක් නම් හොයා ගන්ඩ හම්බෙන්නෑ.

    ReplyDelete
  3. බුද්දික මහතො පස්ස පත්තෙන්ද කතාකරන්නෙ , ගදේ බෑහෑ

    ReplyDelete
  4. ඔබ තුමා වෙත දිනෙන් දින වැඩිවන ජන ආකර්ෂනය දැකලා වියරැ වැටි ඇති පාපතරයෝ ඹබ තුමා කෙසේ අවලාද නගන්න උත්සහ ගන්නේ බඩ ගැන හිතන සිංහල සලු පිරිසක් හා රටබෙදා ගන්න අරඅදින අමනයන් හැර දෙශ පේුිමි සියලු දෙනා ඔබ සමගයි රට නැවත ඉල්ලන නායකයා ඔඛයි නොදැකපු දෙවිවරැ අතර අපි දැක්ක දෙවියන් ඔබයි මැතිදුනි අපි බයෙන් ඉන්නේ ඔබගේ ආරකෂාව පිලිබදව ඔබ තුමාට තිුවිධ රත්ණයේ ආරක්ෂාව ලැබෙිවා.....

    ReplyDelete
  5. බුද්ධි -කා

    ReplyDelete
  6. ඝෝඨාභය නම ලක් ඉතිහාසේ රන් අකුරින් ලියවෙන්නේ! මෙයා කව්ද එතුමා වගේ ආරක්ශා කරන්න!

    ReplyDelete
  7. Buddhika කියන නමටත් ලෑජ්ජ්යි මෙහෙම ප්‍රකාශ!

    ReplyDelete
  8. dan ityn hamoma dannewa kawde apee rate raja kiyela...amuthuwen kiyanne deyak naa..ikmanete rate paaleneya athete nogath thoth apite pryanthe goda dapu wali thamay kanne wenne.. mee mareneya gane mate kiyanne puluwan budun kiw deyak.. gasekin koleyak kadanne epa.. kiyela...man hithanne ganga ale dole meyaate saape keranne athy kiyela...mehema akal mareneyak siduwannete..sihaluni...meyin honnde paademak igene ganne...swabawe darmeya winaase keranne epa...puluwanum lanka mathawete thawe thawe watina gas hitewa...salekanne...obelaate /rateta swabawe darmeya/ aseerwaade kerawi... obe hamete dewi pihitai..

    ReplyDelete
  9. OYA HARI MANDA BUDDHIKA MALLI, ETH ECHCHARA SALLI NASTHI KARANNA ONE NA. AAI MEHEMA DEYAK SIDU NOWENNA API WAHAAMA POROWA THAHANAM KARAMU.EHEMA HONDAI NEDA?

    ReplyDelete
  10. Owa ahannath gonnu innawa ne mei rate. Wachala *allo.

    ReplyDelete
  11. My Question is How come his friends wife got Rs: 26 million from the insurence of Priyantha . ( We heard this was settled to his friends wife by Cey.inc. insurence.

    ReplyDelete
  12. අනිල් RJuly 29, 2015 at 10:16 PM

    මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ බුද්දික ගෙ බුද්ධියක් නැති බවයි..
    UNP පිලේ ඉන්න පොඩි කොල්ලො කීප දෙනෙක්ම තමන්ව රාජපක්ෂ වරුන්ට සමාන කරලා ධෛර්ය වැඩිකර ගන්න හදනව මම දැක්ක පහුගිය දවස්වල.. මේක හීනමානයේ ලක්ෂණයක්..

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.