Mahinda Rajapaksa: යෝෂිතව CCD යට කැඳවීමට හේතු වූ ගුවන් යානයේ ඇත්ත මෙන්න

Wednesday, March 4, 2015

යෝෂිතව CCD යට කැඳවීමට හේතු වූ ගුවන් යානයේ ඇත්ත මෙන්න

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වී දින කිහිපයකින් මාධ්‍ය ප්‍රදර්ශන මගින් රටම භීතියට පත් කරමින් වාර්තා වූයේ අබිරහස් ගුවන් යානයක් සොයා ගත් බවයි. තවද එය LTTE ත්‍රස්තවාදීන් භාවිතා කළ ආකාරයේ සැහැල්ලු ගුවන් යානයක් බවත් වාර්තා වූවා. එමගින් ඉදිරියේදී මහා විනාශයක් කිරීමට ගිය බව ෆේස්බුක් ආදියේ මඩ අවලාද කණ්ඩායම් විසින් දිගින් දිගටම ශෙයා කරනු ලැබුවා.

දින කිහිපයකට පසුව ජනමාධ්‍ය විසින් වාර්තා කරන්නේ අදාල ගුවන් යානය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතාට අයත් පෞද්ගලික ගුවන්යානා පුහුණු පාසලක තිබූවක් බවයි. එතුමා එය යෝෂිත රාජපක්ෂ මහතාට තෑගි දෙනු ලැබූවක් බවත් වාර්තා වුණා.

https://www.youtube.com/watch?v=BZ6AOsaGHhA

ඉන් පසුව වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාල ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපතල විද්‍යාඥයෙක් වන රේ විජයවර්ධන මහතාගේ නිර්මාණයක් බවයි. පහත දැක්වෙන්නේ රේ විජේවර්ධන මහතා සහ එතුමගේ ගුවන් යානය ගැන විස්තරයක්.



අද දිනයේ යෝෂිත රාජපක්ෂ මහතාව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවූයේ අදාල ගුවන්යානය ගැන පරීක්ෂණ කිරීමටයි. ඒ අනුව තමන්ට ලැබුණ තෑගි භාණ්ඩයක් තමන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුට අපරාධකරුවන්ට මෙන් කට උත්තර දීමට සිදුවී තිබෙනවා.

https://www.youtube.com/watch?v=OIyy7oTNquw

බෙදී වෙන් වී තිබූ රටක් එක් සේසත් කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ දරුවන්ගෙන් පවා පළි ගැනීම සිදුවන්නේ මේ ආකාරයටයි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.