ආරක්ෂක ලේකම් මුදල් කොල්ල කෑවා කියන චෝදනාව…

ආරක්ෂක හමුදාවට අයත් ඉතාම වටිනා දේපලක් විකුණා ඒ මුදල මහා භාණ්ඩාරයට නොයවා වෙනම ගිණුමක තැම්පත් කළා යැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද පැහැදිළි කිරීමකුයි පහත දැක්වෙන්නේ.

Gota[1]

දැන් මේ කොළඹ තියෙන හමුදා පමණක් නොවෙයි මේ තියෙන රජයේ ආයතන සියල්ලක්ම කොළඹින් ඉවත් කරලා ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේට ගෙන යන්න ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ තීරණය වුණා, ඒ අනුව මේ වනවිට විශාල සංඛ්‍යාවක් දිගින් දිගටම සිදුවෙමින් පැමිණ පහුගිය කාලයේදී විශාල ප්‍රමාණයක් මේ ආයතන වලට ගොඩනැගිලි හදලා දීලා ගෙන ගියා… විගණකාධිපති දෙපාර්තමේතුව වැනි දෙපාර්තමේන්තු හැම එකක්ම ඒ අයට හොද නිවහනක් ලබාදීලා එම ප්‍රදේශයට ගෙන ගියා… මෙවැනි හොද විටිනා කමක් තියෙන භූමියක හමුදා මූලස්ථානය පැවතියා.

මෙහිදී මතක් කර දිය යුතුයි ” ටාජ් හොටලය ” අද තියෙන ස්ථානයත් යුද හමුදාවට අයිතිව පැවති ස්ථානයක්, මම දෙවැනි ලුතිනල් වරයෙකු ලෙස බැදුණු අවස්ථාවේදී ඔය ස්ථානයේ තමයි යුද හමුදාවට අයිති රගර් ක්‍රීඩාංගණය පැවැතියේ.. එම ස්ථානයේ තමයි යුද හමුදාවේ ටෙනිස් පිටි පැවතියේ..ඔය ස්ථානයේ තමයි ” Officers Mess “ එක පැවතියේ.. මේවා එදා ටාජ් හෝටලයට විකුණලා එතන ටාජ් හෝටලය හදලා හමුදාවට ඒ කොටසක් නැති වුණා..

ඉතින් මේ හමුදාවට ඉඩම් කොටසක් අකුරේගොඩ වෙන්කළේ ඔය කාලේ ඉදන්, ඒ කියන්නේ අවුරුදු 30 කට 35 කට ඉස්සර ඉදන් බත්තරමුල්ලේ අකුරේගොඩ භූමිභාගයක් වෙන්කළා.. නමුත් මේ කිසිම ගොඩනැගිල්ලක් ඒකේ හැදුණේ නෑ.. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාර නායක මැතිනිය ජානාධිපතිවරිය ලෙස ඉන්න කාලේ මෙතන මේවගේම ගොඩනැගිලි සංකීර්ණයක් හදන්න සැලැසුම් ඇන්දා.. ඒ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරියේ තියෙනවා… නමුත් ඒවා ක්‍රියාතමක වුණේ නෑ , ඒව හදන්නට බැරි වුණා..

මම ලේකම් වරයා ලෙස පත්වෙලා මුල අවුරුදු කාලේ 2009 වෙනකම් අපිට මේවා හිතන්න අවස්ථාවක් තිබුණේනෑ .. මේ යුද්ධයට යොමුවෙලා තිබුණා.. ඊට පස්සේ මේ රටේ සාමය ඇතිවෙලා විවිධ ආයෝජකයෝ මේ රටට එන්න පටන් ගත්තා .. මෙහෙම ආපු ආයෝජකයෙක් තමයි ” ” Shangri – La ” ඒ ” ” Shangri – La “” ආයතනය ආයෝජන මණ්ඩලයට ( BOI ) ගිහිල්ලා ඒ අයගෙන් මේ භූමිය ඉල්ලා සිටියා.. එතකොට භාණ්ඩාගරයත් ආයොජක මණ්ඩලයත් මට කිව්වා මේ ඉඩම ඒ අයට ලබා දෙන්න කියලා... ;;;;

එය ඇයි පොදු ගිණුමකට ආරක්ෂක ආරක්ෂක අමාත්‍යංශය යටතේ.. ඒක නැතිවේච්ච නිසා දැන් වෙච්ච දේත් මම කියන්නම්, දැන් අපි මේක දෙනකොට මම හමුදාපති තුමා එක්ක සාකච්ඡා කළාම එතුමා කිව්වා ගොඩනැගිල්ලක ලැබෙනවානම් , ගොඩනැගිල්ලට මුදල් ලැබෙනවා නම් අපි මේක දෙන්න කැමතියි.. එහෙම නැත්නම් අපිට වෙන තැනකට යන්න බෑ දැනටමත් අපි ස්ථාන 15 පමණ අපේ අයව ස්ථාන ගත කරලා තියෙනවා අපිට අනිවාර්‍යෙන්ම ස්ථානයක් හදාගන්න ඕනි කියලා..

එතකොට මම මේක භාණ්ඩාගරයේ ලෙකම් වරයාට කිව්වා , අපි මේක දෙන්නම්, හැබැයි අපිට මේ ගොඩනැගිල්ල හදන්න මේ මුදල් අනිවාර්යෙන්ම අවශ්‍යයි..අපිට ඒකට ක්‍රම වේදයක් යොදන්න කියලා..එතකොට භාණ්ඩාගරයෙන් තමයි කැබිනට් අනුමැතියක් ලබාගත්තේ,මේ මුදල මේකාර්ය කරන්න ගිණුමකට යොදන්න කියලා..මම දාගත්තු එකක් නෙමෙයි මට ඉඩම් විකුණන්න බෑ..මට නෙමෙයි මුදල් එන්නේ භාණ්ඩාගරයට , මම භාණ්ඩාගාරයට කිව්වේ මේ ඉඩම ලබා දෙන්නේ මෙන්න මේ මුදල් යුද හමුදාවට මේ ගොඩනැගිල්ල හදන්නට අනිවාර්යෙන් ලබා දෙනවා නම් පමණයි කියලා… නැතනම් මම මේකට අත ගහන්නේ නෑ..අද මට බෑ අවුරුදු 60 ක් මේ ස්ථානයේ යුද හමුදාව පැවතුණා.. ඒ තිබුණු ගොඩනැගිලි පරණ එක හරි, නමුත් මේ ස්ථානයෙන් යනවානම් මට බෑ ඒ වගකීම භාර ගන්න , මේ අයට අනාථ වෙන්න දෙන්න.

එතකොට මම කිව්වේ මේ මුදල මට ප්‍රශ්නයක් නෑ ඒවා කොහොම වෙනවාද කියන එකට,මේ ප්‍රශ්නේ තියෙන්නේ මට මේ මුදල් මේ කාර්ය සදහා ලැබිය යුතුයි…එතකොට භාණ්ඩාගාරයෙන් ඒ සදහා මට අයිතියක් නෑනේ ඒ ලැබෙන මුදල් මට හිමි නෑ. භාණ්ඩාගරයට එන්නේ මට කිසිම විදිහකින් නෑ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා විදිහට මගේ අතට ඒ මුදල් එන්නේ නෑ.. මට නෙමෙයි එන්නේ භාණ්ඩාගාරයටයි එන්නේ. මම ඉල්ලා හිටියෙත් භාණ්ඩාගරයෙන්, ::::

මම කිසිම චෙක්පතක් අත්සන් කරලා නෑ චෙක්පත් අත්සන් කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉන්න ගණකාධිකාරී වරුන් දෙන්නා..නමුත් ඒ මුදල් නිකුත් කිරීමේදී ඊට ඉස්සෙල්ලා අර රජයේ තියෙන නීති රීති වලට අනුව නියම ටෙන්ඩර් පටිපාටියට ගිහිල්ලා” Technical Evaluation ” කරලා, ඒ ඔක්කෝම ලැබුණායින් පස්සේ තමයි ඒ අය මේවා ඉදිරිපත් කරන්නේ Accountant ට ..එතකොට Accountant මේ ගිණුමෙන් මුදල් දෙනවා.. මේ ගිණුමෙන් කිසිම වෙන දේකට සල්ලි ගන්න බෑ, ඒක ඒකේ පැහැදිලිවම සටහන් කරලා තියෙනවා… එතකොට මොකක්ද මෙතන තියෙන වැරැද්ද?? :::

ඇමති රවි කරුණානායකගේ ප්‍රකාශය_ ” ජනාධිපති මහින්ද රාජපක්ෂ එතුමා අපෙන් අහනවා මේ ව්‍යාපෘති 200 ක් විතර නවත්තලා තියෙනවයි කියලා… මට කියන්න ,එක පිරිසිදු ව්‍යාපෘතියක් අපි නවත්තලා තියෙන්වාද කියලා ?? ඒක මේ බදු ගෙවන්නාගේ සල්ලි 25 % ක් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ පවුල්වල සාක්කු වලට යන එවැනි ව්‍යාපෘති නවත්තලා තියෙනවා . ඒකේ වැරැද්ද මොකක්ද ?? ආරක්ෂක මූලස්ථානය ඇමෙරිකාවෙ පෙනටගන් එකටත් වැඩිය වියදම් කරලා මූලස්ථානයක් තමයි ගිය ආණ්ඩුව හදන්න යොමු වෙලා තියෙන්නේ… කෝටි 5000 ක් වියදම් කරලා අතුරුගිරියේ මෙවැනි මූලස්ථානයක් ඇති කරන එක අද අපිට නවත්තන්න වෙලා තියෙනවා ,ඒ නවතන්න වෙලා තියෙන්නේ මේ අහිංසක ජනතාවගේ මේ ගෙවල හදන්න පුළුවන් සල්ලි එක ස්ථානයකට අනවශ්‍ය මට්ටමට හදලා එවැනි ව්‍යාපෘති තමයි අපි නවත්තලා තියෙන්නේ..””

දැන් ඉතින් තේරෙනවානේ මෙ මුදල් ආරක්ෂක අමාත්‍යංශයෙන් ගත්තු නිසා සිද්ධ වුණදේ .. ත්‍රිවිධ හමුදාවට මූලස්ථානයක් නෑ.. පෙන්ටගනය හරි අපි යුද හමුදාවේ ඕනෑම නිලධාරියෙක්ගෙන් අහන්න ඒගොල්ලෝ බංගලිදේශයට ගියත් , සිංගප්පූරුවට ගියත් ,මාල දිවයිනට ගියත් ඒ හැමෝම ගියාම යන්නේ මොන වගේ මූලස්ථානයකටද කියලා පෙනටගන්වල විතරක් නෙමෙයි එක තමයි අපේ අභිමානය , අපේ හමුදාවල අභිමානය තියෙන්නේ එතන එහෙම නැතුව ටෙන්ට් එකක් ගහලා ගව මඩුවක් ගහලා ගව මඩුව ඇතුළට යන්න පුළුවන්ද මේක ඕගොල්ලනගේ හෙඩ් ක්වාටස් කියල යන්න පුළුවන්ද ?? නම් දෙන්න පුළුවන් නම්වල නෙමෙයි වැදගත්කම තියෙන්නේ , අපි මේ අවුරුද්දේ ගොඩ නැගිල්ලක් හදනවානම් අපි ඒ ගොඩනැගිල්ල අවුරුදු 50 කට 100 කට ඉදිරියට හිතලා හදන්නට ඕනි, මේක මූලස්ථානයක් හදන්නේ..!! කාගේවත් නිවසක් නෙමෙයි මේ හදන්නේ ..!! ත්‍රිවිධ හමුදාවේම මූලස්ථානය හදන්නේ ..!! යුද හමුදාවේ ගුවන් හමුදාවේ නාවික හමුදාවේ මේ සියලූම හමුදාවල මූලස්ථානය හදන්නේ.. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ අවුරුදු 30ක් තිබුණ යුද්ධය ත්‍රස්තවාදය පරාජය කල අපේ අභිමානවත් හමුදාවට මූලස්ථානයක් හදන්නේ…!! කාටවත් ගෙයක් හදන එකක් නෙවෙයි …!!!

– චාමික

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to ආරක්ෂක ලේකම් මුදල් කොල්ල කෑවා කියන චෝදනාව…

  • Rama

    yahapalanayata aayusha adui! Sanvardana katayuthu nathara karanavaa kiyamin udam aneema hari pudumay! Thrivida Hamudaave Abhimaanaya gana kisima avabodhayak nethiva thamange durvala kama pradarshanaya karanavaa!! Gotabhaya Methidhunge agaya venadatath vadiyen apita dan danenavaa! Ethumata Thrivida Ratnaye Pihitay! Aarakshavay!

  • Amar

    Rata rekagath viruvaaneni, Janatha hadavath thulin nagena Uththamachaaraya obata sadaa himiy!! Rataka Trivida Hamudavakata diya yuthu gowravaya nodanna Mudal Amathi kenek!!

  • Deshapremi

    Mu Amu Kotiya..Raj Rajrathnamgen salli gaththa den hamudawa baldu karanawa. Muuta hena hathak eke digata wadinna one

  • suhadini

    brabakarange sihinaya gotabaya horakan kala thamai ,ekada mehema salakanne?

    • suhadini

      rata rakinna mahindata sahayogaya dunna eka kotiyata vitharai ridenna one eth hora nama kiyana sarama yatin wettiya adina singhala unta kawadda meaya gana hodak kiyanna puluwan

Leave a Reply