ගම්පහ සහ කොළඹ මන්ත්‍රීවරුනුත් එක හඬින් මහින්දව ඉල්ලයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් ට ස්තුති කිරීමේ හමුවක් අද පැවැත්වුණි. කලුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් සඳහා දහවල් පැවැති අතර, සවස 3 ට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් සමගත්, සවස 6 ට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් සමගත් එම හමුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් 223 කින් 191 ක් එහි ආරම්භයේදී පැමිණ සිටි බව වාර්තා වූ අතර සංවිධායක වරුන් පැවසූයේ තවත් පිරිසක් පසුව පැමිණි බවයි. කුමන ලකුණකින් හෝ කුමන පක්ෂයකින් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවද තම සහයෝගය ලබා දෙන බව ඔවුන් පැවසීය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් 131 කින් 106 ක් පැමිණ සිටින අතර ඔවුන් ඒකමතිකව යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා විය යුතු බවයි. තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණෙමින් සිටී. එම හමුව මේ වෙන විටත් පැවැත්වෙයි.

ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාව වෙනුවෙන් ඉදිරියටත් එතුමා පෙනී සිටින බවත්, එය වැළැක්වීමට කිසිවෙකුටවත් නොහැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගේ ප්‍රීතිඝෝෂා මැද පවසනු ලැබුණි.

3 copy

4 copy

21083_677774202330893_4601174229386992502_n

4

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

16 comments to ගම්පහ සහ කොළඹ මන්ත්‍රීවරුනුත් එක හඬින් මහින්දව ඉල්ලයි.

  • Bhashitha Vidushan

    jaya wewa mahinda methi thumani. api kawadath oba samagai

  • Wasantha Tennakoon

    ලෝකයේ මිනිසෙකුගේ ප්‍රතිපත්ති පාදක කරගනිමින් බිහිවූ දේශපාලන පක්ෂ හිගය.. බොහෝ විට අපි දකින්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම උදෙසා මිනිසුන් නායකත්වය ගෙන බිහිවූ පක්ෂයන්ය. එසේම මා දන්නා දේශපාලනය තුල මිනිසුන් ඒකරාශී වී තවත් මිනිසෙකුට දේශපාලන නායකත්වයක් ගන්න ලෙසත් පක්ෂයක් බිහිකරන ලෙසත් බලකර සිටින දේශපාලන වතාවරණ මම අසා නැත. ශ්‍රී ලංකාවේ එය සිදුවෙමින් පවතී. ජනතාව අකමැති වූ කණ්ඩායමකට නායකත්වය හා පක්ෂය පැවරීම මහින්ද පාක්ෂිකයෝ අනුමත නොකළහ. එහෙත් මහින්ද එය කළේය. එදා මහින්ද කල එම ක්‍රියාව ජනතාව අනුමත නොකළා පමණක් නොව එතැන් පටන්ම ජනතාව ඔහු ලුහුබැදීම ඇරැබුහ. දහස් ගණනින් ඔහුගේ නිවෙස වැටලු ජනතාව ඔහුට බල කර කියා සිටියේ ජනයාට හා රටට මහින්දගෙන් ඉටු විය යුතු යුතුකම හා යුක්තිය ඉටු වන තුරු ඔහු එහි වගකීම ගත යුතු බවයි. නුගේගොඩට, නුවරට ගිය ජනතාව ඔහුට අනතුරු ඇගවුයේ ඔහු තව දුරටත් නිහඩ වීම මහා ජන විප්ලවයක් දක්වා යන මග විවර වන බවයි. මහින්ද යනු ජනතා අත් අඩංගුවට පත් නායකයෙකි. අද වන විට පැහැදිලිවම ඔහු වෙනුවෙන් 58 ලක්ෂය ඉක්මවූ ජනප්‍රසාදයක් සහිත මිනිසුන් ඔහුව ඇත අඩංගුවට ගෙන ඇති බව නොරහසකි. ඒ මිනිසුන් දැන් කියන්නේ “මහින්ද මේ ඔබට ආගමනයට කාලයයි” කියාය. මහින්ද මහතාණෙනි .. ඔබට මේ මිනිසුන්ට නායකත්වය දෙනු මිස අන් සරණක් නැත.

  • නිමල්

    සිරිසේන “අත” දුන්නොත් හැමෝම දිනුම්
    නොදුන්නොත් “අත” ඔයාල ගෙ …කේ ගහගන්න.
    වෙන ලකුනකින් අපි දිනනව.

  • ජිනේ

    Jayawewea

  • ranga perera

    dushana chodana tiyene kisima ayek newatha lan kara ganna epa…ugatha buddimak kandayamak samaga newatha enna….anniwaryenma gotabaya mahathayata chandy illanna kiyanna…api hemadama mahinda mahathya samaga…..moken awatha api denawa…!!!!!!!

  • දේශප්‍රිය.

    වර්තමනය ඉතාම අමිහිරි දේ නිතර කන වෙටෙන අතර … මා දන්නා තරමින් ඒයට විසදුම ඈත්තේ මහින්ද ජනදිපති තුම ලග පමනක් බව අපි කවුරුත් හොදින් දනිමි….එනිසා ඔබතුමගේ සම්ප්‍රප්තිය අපි ඉතා ඔනෑ කමින් බලගෙන සිටින අතර…කපුවත් වෙනස් නොවෙන පාට අපට නොමෑත…ඔබ් තුමාගේ ඉදිරි ගමනට තුනුරුවන් පිහිට හා අරක්ශාව පතමි…

  • Power

    වෙන කෙනෙකුන් කොයින්ද
    මුලු රටට ම මහින්ද

  • nisala chamara

    හිටපු ජනපති තුමනි අපි ඔබ සමගයි.

  • Daya

    Nomalayo Dilanayo mehe ahapalla !!Badagosthara wadi kenahillan, Yatikuttuwan nathiwa
    ape edithra nayaka Mahinda mahatha kumana pakshayakin awath api dinawanawa, Nimalayo warak obalage Chawra Rajini oya pakshaya kada mahajana pakshayak kiya ekak haduwa mathaka nadda Ithin e Chawra Rajinilaa neda thopilawa gonata andanne , Dathupalata mehe ahaapiya !! owa therenne naha, Thopila atha pavichchikarapiya wena
    wadakata

  • Rama

    Mahinda Methidhuni jaya niyathay! e sadhahaa uparima daayakathvaya dee kepa veemata hamoma adhishtana kara ganimu!

  • Kavinda

    ” මා යුද කලේ රුදිරය දැකිමේ ආශාවක් නිසා නොවේ , ශක්තිවන්තයා ජයග්‍රාහකයෙක් යයි කිමටත් නොවේ,මනුශත්වය වෙනුවෙන් ධර්මය ආරක්ශාකර දීමටයි,ඒ ධර්මය රකින රට ආරක්ශාකර දිමටයි” ඉලන්ගට ජයග්‍රහනය කරහම අපිට රටයි ධර්මයයි දෙකම ආර්ක්ශා කරල ඔනා,එය ඔබේ වගකිමක්…………..ජය වේවා…..

  • Mahesh

    He is our great leader!

  • hasith

    api samada oba samagai janadipathitumani.oba wenuwen api divi himiyen kapa wenawa oba thuma ai ape janadipathi wenawamai samadatama obai ape janadipathi obata budusaranai sathtaya jaya gannawa..

  • chandima rajapaksha

    chiran jayathu maha rajanani obai ape rajano

  • prabath

    දෙමළ ඊළමට පාර කපන්න ඉන්දියාවට අවැසි භුමිය නිර්මාණය කර ගන්න, රටට හෙන ගැසුවත් බලය ලබා ගන්න, කලුකොටින්ට නිදහස ලබා දෙන්න,අධි ආරක්ෂිත කළාප ඉවත් කරන්න,රටට ආදරය කළ විරුවන්ගෙන් පළි ගන්න,රටේ දේපළ කුණු කොල්ලෙට විකුණා දමන්න,රාජ්ය ආයතන වසා දමා එක්සත් ජාතික පක්ෂ ගොබිලන් රජ කරවන්න,සියලු සංවර්ධන කටයුතු නවතා ගන්න,

Leave a Reply