ගෝඨාභය තනතුරු බලාපොරොත්තු වෙනවා ද? මෙන්න ඇත්ත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් ලබා දිය යුතු බවට වෙනත් පාර්ශවයකින් යෝජනා වූවායැයි සමහර වෙබ් අඩවි වල පළ වූ බොරු පුවත සම්බන්ධයෙන් mahinda.info මාධ්‍ය අංශයෙන් කරන කරුණු පැහැදිළි කිරීමයි.

1. තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් දායකත්වය මෙරට ජනතාවට අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. එසේ වී තිබියදීත් එතුමා සේවය කළේ තමන් කළින් සිටි නිලයේ සිටිමින්ම ශ්‍රී ලංකා මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම සිදුකිරීමට මිස කිසිදු තනතුරක් බලාපොරොත්තුවෙන් නොවේ. මානුෂික මෙහෙයුම අවසන් කළ පසුවද එතුමා සිටියේ එම නිලයේ පමණි.

2. හමුදාවේ ඉහල තානාන්තරයක් ලබා ගැනීමට එතුමාට අවශ්‍යතාවයක් තිබුණානම්, තම සහෝදරයා ජනාධිපති බැවින්, මානුෂික මෙහෙයුම අවසන් කළ වහාම කිසිදු ආයාසයකින් තොරව ඕනෑම ඉහළ තානාන්තරයකට යාමට හැකියාව තිබුණි. එවකටත් සිටි කොටි හිතවාදීන් සුළු පිරිස හැරුණ විට කිසිවෙක් ඊට එරෙහිව යන්නේ නැත.

3. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී හෝ ඉන් පසුව ගෝඨාභය මහතා ඉහල තානාන්තරයකට ඉල්ලීමක් කර නොමැති අතර, එනිසා ඉහල තානාන්තරයක් දීම සිදුවූයේත් නැත. එතුමා ඉදිරියේදීත් කිසිදු ඉහල හමුදා තානාන්තරයක් බලාපොරොත්තු වෙන්නේ හෝ ලබා ගන්නේත් නැත.

4. “ෆීල්ඩ් මාෂල් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහාතාටත් ලබාදිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමියෝ රජයෙන් ඉල්ලති.” මැයෙන් සමහර වෙබ් අඩවි වල පළ වී තිබූ වාර්තාත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බොදු බල සේනා නිල ෆේස්බුක් පිටුවේ දමා ඇති පහත පැහැදිළි කිරීමෙන් සනාථ වෙයි.

bbs

5. රාජපක්ෂවරුන්ට මඩ ගැසීමටම භාවිතා කරන “ලංකාඩේලි” නැමැති මඩ වෙබ්අඩවිය මූලාශ්‍ර කරගැනීමට ගොස් ස්වාධීන වෙබ් අඩවි පවා වැරදියට වාර්තා කර ඇත. එනිසා මඩ වෙබ් අඩවි පදනම් කරගනිමින් පුවත් පළ කිරීමෙන් ස්වාධීන වෙබ් අඩවි වල පවා ජනතා විශ්වාසනීයත්වය පළුදු වෙන බව කිව යුතුය. ඒ අතරම මඩ වෙබ් අඩවි කියවීමෙන් ඔබගේ කාලය අපතේ යාම මිස ඔබට අවශ්‍ය තොරතුරක් නිරවද්‍යව ලැබීම සිදු නොවන බව mahinda.info සහෘද ඔබගේ කාරුණික අවධානයට පාත්‍ර කරමි.

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to ගෝඨාභය තනතුරු බලාපොරොත්තු වෙනවා ද? මෙන්න ඇත්ත.

  • Saman

    අනේ අපේ වීරයානෙනි !
    ගෝටාභය රාජපක්ෂ මැතිදුනි !
    ඔබ දෙදෙනාට අද මේවා දකිද්දි මොනවා හිතෙනවා ඇත්ද කියා අපිට දැනෙනවා. ඔබලා මේ දේශය බේරා ගන්න මොන තරම් කැපවීම් කලාද යන්න අපි දන්නව. ඒ සියල්ලම අද වතුරේ ගියා වගේ නේද ?
    මේ ගුණමකුවෝ දන්නේ නෑ ඒ කැපවීම් කොයි තරම් ප්‍රබලයිද කියා. අනේ අපිට අපේ නිදහස් රට ඕනේ. අපිට අපේ දරුවෝ වටිනව.. උන්ගෙ අනාගතේ අදුරුයි .
    දරු සෙනෙහසක තරම නොතේරෙන අනාගතයක් නැති අමණ රැළ පරදා මේ රට නැවත බේරා ගැනීමට නම් ඔබ දෙදෙනාගේ උදව්ව අනිවාර්යයෙන්ම අපිට ලැබිය යුතුයි.
    එසේ නොවුනොත් වෙන්නේ අපිට කොටියා ගෙන් මැරුම් කන්න. නැතහොත් අපඅ අත් වලින් බෙල්ල මිරිකගෙන මැරෙන්නයි.,
    අපේ මෝඩ අමණ හැත්ත නිසා කොටියා ජය ගත්තා..
    අපේ රටට මේ කරන අපරාධයට තොපිට සාප වෙනව

  • nandana

    ගෝඨාභය කියන්නේ ජාතික වීරයෙක්. රට පාවල දීපු ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා වගේ නොවෙයි.
    ඔබතුමන්ලා කරපු කැප කිරීම් සියල්ලම මේ කාලකන්නි අමන රැල එකින් එක පාවා දෙනවා අපට බලං ඉන්න බැහැ. නමුන් තනි තනිව අපට ඊට විරුද්ධව කලහැකි දෙය අල්පයි. මහින්ද ජනාධිපති තුමයි ඔබ තුමයි නායකත්වය දෙන්න​. රටම ආදරේ සැවොම ඔබලා පිටුපස පෙල ගැසේවි. ඔබ දෙපොල සියලු දෙවි දේවතාවුන් විසින් ආරක්ශා කරත්වා. තෙරුවන් සරනයි.

  • Power

    අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි යුද්ධය පිළිබඳ ඉදිරි මනා අවබෝධය නිසා තමයි අපේ රණවිරුවන්ට සතුරා විනාශ කරමින් ඉදිරියටම යෑමට ශක්තිය ලැබුණේ.එතුමා වගේ කෙනෙක් ආරක්ෂක ලේකම් ධූරයේ නොසිටියානම් සමහර විට යුද්ධය තවත් පැවතීමට බොහෝ ඉඩකඩ තිබුණා.මොකද ආරක්ෂක අංශ වල මුදල් වලින්,බල ලෝබීත්වයෙන් අන්ධ වෙලා ඉන්න සමහර අවජාතක පිරිස් මුදල් වෙනුවෙන් තමන්ගෙ මවු වැනි මේ උතුම් රට සමඟ අපේ වීරෝධාර රණවිරුවනුත් මිනීමරු කොටියට පවා දෙන්ඩ ඉඩ තිබුණා.

    එම නිසා මේ කරපු යුද්ධයේ පූරෝගාමීයා සේනාධිනායකයා ලෙස අපේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාගෙන් පසුව ආරක්ෂ ලේකම් තුමා ඉන් පසුවය ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා තමයි අති විශිෂ්ඨ අයුරින් යුද්ධය ජයග්‍රහණය කලේ.කවුරුන් හෝ සරත් ෆොන්සේකා මහතා ප්‍රමුඛ යුධ හමුදාව පමණක් තනියම යුද්ධ කරලා මේ රට ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරලා දුන්නා කියලා කියනවානම් ඔවුන් අනිවාර්යයෙන්ම මානසික ලෙඩ්ඩු පිරිසක් වෙන්ඩ ඕන.ඒ වගේම එ් කියන කතාව තරම් හෙණ ගහන අපරාධ කතාවක් තවත් නෑ.

  • Overall planning and management was under Gota while Army, Navy and the Airforce commanders looked after their respective areas and strategies.

    Top credit should go to Gota.

Leave a Reply