රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඉතිහාසය

m06230_rajapaksa[1]කුරහන් සාටකය පැලඳ දේශපාලනයට පිවිසි ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම ජාතික නායකයා වනු‍ෙය් රුහුණේ සිංහලයා ලෙසින් විරුදාවලි ලත් ඩී. එම්. රාජපක්ෂ මැතිතුමාය. එතුමා එදා අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිට සුද්දාට විරුද්ධව වැඩකරන ජනතාව වෙනුවෙන් අභීතව සටන් කරමින් ජනතාවට නායකත්වය සැපයූ රුහුණේ සැබෑම සිංහලයා විය. එතුමා රුහුණු රටේ ගිරිවාපත්තුව ජනතාව නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැමිණියේ මීට දශක 7කට පමණ ඉහතදී ය.

z_page-9-The-Legend-01[1]ඒ වර්ෂ 1931 දීයි. වර්ෂ 1945 දී එතුමාගේ අභාවයෙන් පසුව ඒ අමරණීය කුරහන් සාටකය පැළැඳගෙන දකුණේ දේශපාලනය හරහා පාර්ලිමේන්තුවට පැමිණියේ එතුමාගේ සොයුරු ඩී. ඒ. රාජපක්ෂ මහතාය. එතුමා වර්ෂ 1947 සිට 1965 දක්වා දකුණු පළාතේ හම්බන්තොට ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත්, චමල් රාජපක්ෂ කථානායකතුමාගේත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ‍ලේකම්තුමාගේත් පියාණන් ය.

රුහුණේ රාජපක්ෂවරු දේශපාලනයට පිවිසෙන්නේ මීට දශක හතකටත් පෙරාතුවය. ඩී. එම්. රාජපක්ෂ මහතාත්, ඉන් අනතුරුව ඩී. ඒ. රාජපක්ෂ මහතාත් දේශපාලනයට පිවිසියහ. එසේම ඩී. එම්. රාජපක්ෂ මහතාගේ පුතුන් වන ලක්ෂ්මන් රාජපක්ෂ හා ජෝර්ජ් රාජපක්ෂ යන මහත්වරු ද රුහුණේ දේශපාලනය හරහා මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත්වුණි.

ජෝර්ජ් රාජපක්ෂ මහතා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ධීවර අමාත්‍යවරයා විය. එතුමාගේ දියණිය අදත් දකුණේ මුල්කිරිගල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා නියෝජ්‍ය අමාත්‍යවරියක ලෙසින් සිටින නිරූපමා රාජපක්ෂ මහත්මියයි.

ශ්‍රීමත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා‍ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන විට එතුමාගේ සෙවනැල්ල මෙන් පසුපස ගමන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට ධෛර්ය, ශක්තිය හැම අතින්ම ලබා දුන්නේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා ය.

z_p14-President-Rajapaks-02[1]

ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා වර්ෂ 1967 නොවැම්බර් 07 වැනිදා මිය යෑමෙන් පසුව ඔහුගේ තරුණ පුත්‍රයා වූ මහින්ද රාජපක්ෂ මහතා කුරහන් සාටකය පැළඳගෙන 1970 මහා මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසුණි. එදා මහින්ද රාජපක්ෂ මහතා 1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී බෙලිඅත්ත ආසනයෙන් ඡන්ද 23,103ක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ එක්සත් ජාතික පක්ෂයේ දොස්තර රංජිත් අතපත්තු මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 16,477 ක් පමණි.

එකල පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතා විය. එතුමාගේ පවුලේ දේශපාලන දිවියට දශක හතකටත් වඩා වැඩි වූ අතර එතුමාගේ දේශපාලන දිවියට දශක හතරක් සම්පූර්ණ වී තිබේ. පටන්ගත් දා සිට අද වනතුරුත් මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂවලට නොගිය පවිත්‍ර ශ්‍රී.ල.නි.ප. දේශපාලඥයෙක් විය.

z_p08-Dedicated-02[1]

මහින්ද රාජපක්ෂ මහතා 1988-90 භීෂණ සමයේ අතුරුදහන් වූවන් වෙනුවෙන් නොමිලේ නඩුවලට පෙනී සිටි නීතිඥයෙකු විය. ඔහු අතුරුදන් වූවන්ගේ මවුවරුන්ගේ පෙරමුණ ආරම්භ කිරීමට පුරෝගාමී විය.

වර්ෂ 2002 දී විපක්ෂනායක ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා වර්ෂ 2004 අප්‍රේල් 06 වනදා මෙරට දහතුන් වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.

දකුණේ ජනතාව රාජපක්ෂවරුන්ට සලකන්නේ දෙවියන්ට මෙනි. ඒ තරමටම රාජපක්ෂවරු ජනතාවට සේවය කර ඇත. ජනතා සේවයට කැපවී සිටීම නිසාම ජනතාව ඔවුන් සමඟ සිටිති. ජනතාව ඔවුන් සමඟ සිටින තුරු කවුරු කෙසේ කීවත් රාජපක්ෂවරු දේශපාලන බිමෙන් ඉවත් කළ නොහැකිය.

රාජපක්ෂවරු දේශපාලනයට පිවිසීම නිසා පවුල්වාදය ඇතිවී ඇතැයි පැවසීම මිථ්‍යාවකි. ඒ මන්ද යත් රාජපක්ෂවරුන්ට දේශපාලන නායකත්වය ලැබෙන්නේ බණ්ඩාරනායක – සේනානායක පවුල් මෙන් තාත්තාගෙන් පුතාට ලැබුනාක් මෙන් නොව ජනතාව සමඟ ගැටී ජනතාවගේ දුක් ගිනි නිවාලන්නට, පළාත සංවර්ධනය කරන්නට, සමාජයට සේවය කරන්නට දක්වන උනන්දුව හා ලැදියාව නිසාය. එසේ නැතිව බණ්ඩාරනායක පවුල් ගස, සේනානායක පවුල් ගස ලෙසට පරම්පරාවෙන් පරම්පරාවට ගමන් ගන්නා පවුල් වාදයත්, රදළ වාදයත්, ධනපති පංතියත් රාජපක්ෂලාට නැත.

රාජපක්ෂලා දේශපාලනයට රැගෙන එන්නේ ඔවුන්ගේ හැකියාව හා කැපවීම මෙන්ම සමාජ සේවා වපසරිය හරහා ඔවුනට ආදරය කරන ජනතාවගේ ආශිර්වාදයයි. දේශපාලනයට පිවිස සිටින රුහුණු පුරවරයේ රාජපක්ෂවරු දේශපාලනය නිසා සිය ධනය හා වත්කම් නැති කරගත්තා මිස වැඩිකර ගත්තේ නැත. ඔවුන් සේවයට කැප වූයේ කුරුඳුවත්තේ ධනපතියන් හා රදළයන් ලෙස නොව මහ පාරේ ගමේ සාමාන්‍ය ජනතාව අතරේය. ඔවුන් ජනතාවගේ දුක වේදනාව මෙන්ම දහඩිය සුවඳ ද හොඳින් හඳුනති. ජනතාව අතරින් මතුවී ජනතාව සමඟ එකට ගැටී ඔවුන් වෙනුවෙන් උපරිම සේවාවක් ලබාදීම රාජපක්ෂවරුන්ගේ ජන්ම පුරුද්දකි.

15969_197578331466_197351301466_3561412_372140_n

රාජාවලියේ සඳහන් වන අන්දමට ත්‍රීසිංහලය එක්සේසත් කිරීමට අභීතව පෙරමුණ ගත්තේ රෝහණ දේශය ජන්ම භූමිය කරගත් දුටුගැමුණු, මහා විජයබාහු හා මහා පරාක්‍රමබාහු වැනි රජවරුන්ය. රාජපක්ෂවරුන් ද එසේමය.

ශාස්ත්‍රපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ
dinamina.lk

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඉතිහාසය

  • Kasun

    ඩී.එම්. රාජපක්ෂ, ඩී.ඒ. රාජපක්ෂ යන මහත්වරුන් ගිරුවාවේ මැදමුලනෙන් බිහි වූ මහා ගැමියන්ය. එම ගැමියන් මහා නුග වෘක්ෂයක් ලෙස මුළු ගමටමත් රටටත් ආරක්ෂාව ලබාදුන්නේ ඔවුන්ගේ මුදුන් මුල ඉත‍ා ශක්තිමත් වූ නිසාය. එම නුග ගස් පරම්පරාවේ තවත් ප්‍රධාන නුග ගසක් මේ වන විට මුළු රටටම සෙවණ හා ආරක්ෂාව ලබාදෙමින් රට පාලනය කරයි. ඒ වෙන කිසිවකු නොවේ. ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුතණුවන් වන මහින්ද රාජපක්ෂ මහතාය‍. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරග කිරීමට අදාළ නාම යෝජනා පත්‍රයට ඩී.ඒ.රාජපක්ෂ මහතා අත්සන් කරන ලද්දේ කුඹුරේ සිටය. අත්සන් කිරීම සඳහා අත්සෝදා ගත්තේ වක්කඩේ වතුරෙන්ය.

    වක්කඩේ වතුරෙන් අත් සෝදාගෙන නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම යනු ගැමි සංස්කෘතික නියෝජනයේ උච්ඡතම ස්ථානයයි. එවැනි සිද්ධියක් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ නැති තරම්ය.

  • Power

    “රාජාවලියේ සඳහන් වන අන්දමට ත්‍රීසිංහලය එක්සේසත් කිරීමට අභීතව පෙරමුණ ගත්තේ රෝහණ දේශය ජන්ම භූමිය කරගත් දුටුගැමුණු, මහා විජයබාහු හා මහා පරාක්‍රමබාහු වැනි රජවරුන්ය. රාජපක්ෂවරුන් ද එසේමය”

    අනිවාර්යයෙන්ම ඒ කතාවේ ආය දෙකක් නෑ.එදා දුටුගැමුණු රජතුමා එළාර පරාජය කර මේ රට එක් සේසත් කළා සේම අපේ කාළයේ මහින්ද දුටුගැමුණු මිනීමරු පිරභාහරන් පරාජය කොට මේ රට එක් සේසත් කළා.
    ඒ දෙය ඔය එකෙකුටවත් නෑ කියන්ඩ බෑ.එහෙම නෑ කියලා කියන උන් අනිවාර්යයෙන් ම අවජාතක සක්කිළියෝ වෙන්ඩ ඕන.

  • Daya

    Kolamba inna papol lansi Toyyo Ranil wage aya mewa danaganna one, Ewagema siri lanka nidahas pakshaye inna Horikadayo, Yatikuttuwoth, Gas Balloth mewa kiyawa danaganiw

  • Rama

    1931 ke sita 84 vasarak puraa janathaa aadaraya dinuu parapuraka ABHEETHA Nayakaya Mahinda! Obathumata jayaveva!

  • Amar

    Janatha vishvasaya dinuu Mahindata pamanay adirajyavaadi gaththanta erehiva Sirilaka jayagatha hakke! Budunta erehi vuu Ajasattalaa Devdathlaa sadahatama apaaye! Lankaveth ada e vagemai. Amunugama Puthraya, Badulla Pradeshiya Sabhava vani konda pana athi aya thava bihivevi! Mahinda Methidhuni, Obathuma peramuna ganna! Laksha 62 katath vadaa pirisa dan oba samagai! Obe jaya ape jayay! Ape subhashinsana samadaa obatai!

  • Ranjith

    What Kasun has stated is perfectly true. DA refused to come to politics telling people when he takes to politics “who is going to plough the fields? My family will have nothing to eat” Then people who went to persuade him volunteered to do all that work and beg him to represent them in the States Council. DA came to Colombo to attend meetings with a measure of rice and a coconut and gave it the cook at Srawasthi to make a meal for him.

    I am from Matara I know in an out of this family but never had any political connection or relationship with them. I knew most of their relatives in Kapugama and Palatuwa. But I have never met Any Rajapaksha in my life time. Now I am an old man and all my children are citizens of another country. No one wants return to SL.

Leave a Reply