2010 “ජිල්මාට්” කතා පට්ට පල් බොරු! අනුර කුමාර සහ විජේදාසගේ ප්‍රකාශ වලින් තහවුරු වෙයි.

2010 ජනාධිපතිවරණ ප්‍රතිඵලය කොම්පියුටර් ජිල්මාට් එකක් බව එවකට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් හඳුන්වාදෙනු ලැබුවා. ඒ මත පදනම් වෙමින් එකල අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජවිපෙ නායකයින් මැතිවරණ පරාජයට හේතුව එය බව පුන පුනා ප්‍රකාශ කළා.

පසුව ඔවුන් අධිකරණයේ පෙත්සමක්ද ගොනු කළේ මැතිවරණය දූෂිත බවත් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මහතා විසින් කොල්ල කෑ බවත් සපථ කරමිනුයි. ඒ ගැන මඩ අවලාද මේ දක්වාම සමහරුන් එල්ල කරනවා.

නමුත් මඩ අවලාද කරුවන් නොදන්නවා වුණාට මේ වන විට එම “කොම්පියුටර් ජිල්මාට්” කතාව සම්පූර්ණයෙන්ම පුස්සක් වී තිබෙනවා.

2010 මැතිවරණයට කලින්ම සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වන බව තම පක්ෂය දැන සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත හෙළි කර තිබෙනවා. ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර පැවති නුවර එළියේ ජන රැලියෙන් පසු තමන් ඒ බව ෆොන්සේකා මහතා ඇතුළු අයට ප්‍රකාශ කර සිටි බවද ඔහු පවසනවා. Daily Mirror වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජවිපෙ නායකයා මේ අදහස් පළ කර තිබෙයි.

සාකච්ඡාකරු : 2010 ජනාධිපතිවරණයේදී ඔබ තුමාල කිව්වා ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිගන්නේ නෑ කියල.ඒක ඇත්ත ප්‍රතිඵලය නෙවෙයි කියල.අද තවම ඒ මතයේ ඉන්නවද?

අනුර කුමාර දිසානායක මහතා : “අප හිතනව විශේෂයෙන්ම රටේ මතුවී තිබුණු තත්වය පිළිබඳව අපට පැහැදිලි අදහසක් තිබුණා.අපි විශේෂයෙන් නුවර එළියේ, ගම්පොළ මීටින් එක ඉවර වෙලා නුවර එළියේ රැස්වීමක් තිබුණ. ජෙනරල් ෆොන්සේකා, රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ පක්ෂයෙන් මමයි විජිත සහෝදරයයි සහභාගි වුනා. ඒ වෙලාවේදී අපි කිව්වා ජනාධිපතිවරණයේදි අපි පරාදයි කියල. හැබයි ජයග්‍රහණය කරන්න ඉඩ තියෙනව. හරියට සංවිධානය උනොත් සැලසුම් හැදුවොත් කියල. අද ඔබට කියනව ප්‍රතිඵලය පිළිබඳ අපට හොඳ දැක්මක් තිබුණා.

ඊළඟට පසුගිය දෙරන 360 වැඩසටහනකට සහභාගී වුණ විජේදාස රාජපක්ෂ මහතා පවසනවා, 2010 මැතිවරණයට කලින්ම සරත් ෆොන්සේකා මහතා ජනාධුපතිවරණයට ඉදිරිපත් කළේම ඔහු එහිදී පරාජය වන බව දැනගෙන කියලා.

“2010 ජනාධිපත් මැතිවරණයේ යුධ ජයග්‍රහණයෙන් පස්සේ එදා රනිල් වික්‍රමසිංහ මහත්තය නෙවෙයි මේ ලෝකේ කවුරු ඇවිල්ල ඉල්ලුවත් මහින්ද රාජපක්ෂ මහත්මය දිනනව. ඒක අපි නොදැන හිටිය නෙවෙයි. ඒ බව දැනගෙනම තමයි අපි සරත් ෆොන්සේකා මහත්මය දැම්මේ. අපට කිසිම විස්වාශයක් තිබුනේ නෑ ඔහු දිනාවි කියල. අපි මැතිවරණ ව්‍යාපාරය උපරිමයෙන් කළා. ඒ කලේ පරාද වන බව දැනගෙන.”

ඉහත ප්‍රකාශය කරන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. වර්තමාන අධිකරණ අමාත්‍ය තුමයි.

ඊළඟට කොම්පියුටර් ජිල්මාට් කතාවට පිළිතුරු දෙන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට ආලපාලු ආර්ථිකය පොත සම්බන්ධ විද්වත් හමුවකදීයි.

“මම තමුන්නාසේලාට බොහොම පැහැදිළිව කියන්නම්, මගේ දේශපාලන අත්දැකීම් එක්ක මම මේ කියන්නේ, මම මැතිවරණ කොමසාරිස් තුමා සහ මැතිවරණ දෙපාර්තමේන්තුව මම විශ්වාස කරනවා. මම දන්න විදිහට ඔය විදිහට ඔය ඡන්ද පෙට්ටි මාරු කරන්නත් බෑ, ඔය විදිහට කොම්පියුටර් ජිල්මාට් දාන්නත් බෑ, එහෙමනම් මීට කළින් බලයට පත් වෙලා තිබුණ එකම ආණ්ඩුවක්වත් ඡන්දයෙන් පරදින්නේ නෑ හාමුදුරුවනේ.”

එසේනම් “2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කළා, එහෙත් කොම්පියුටර් ජිල්මාට් කර ප්‍රතිඵලය වෙනස් කළා” කියමින් ඇතැමුන් තවමත් කරන ප්‍රකාශයක් කොතරම් සාහසික ප්‍රකාශයන්ද කියලා පැහැදිළියි නේද?

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ජිල්මාට් කරනවා ආදී ලෙස එතුමාට එරෙහිව තව කොතරම් මඩ කන්දරාවක් ගහන්න ඇතිද කියලා www.mahinda.info වෙබ අඩව්ය කියවීමෙන් ඔබට වැටහේවි.

2010 දී කළා කියන ජිල්මාට් ගැන එතුමන්ලාගේ අනුගාමිකයින් තාමත් ෆේස්බුක් එකේ පවසන නිසා ඔවුන්ට දැන්වත් ඇත්ත දැනගන්න මෙය හැකි තරම් Share කර බෙදා හරින්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to 2010 “ජිල්මාට්” කතා පට්ට පල් බොරු! අනුර කුමාර සහ විජේදාසගේ ප්‍රකාශ වලින් තහවුරු වෙයි.

  • Daya

    wijedasa mahathaneni anura kumaraya samaga satanata yanne nedda oya aya parlimenthuwen pitaman kalayuthuyi

  • suneetha yonamulla

    Mama Computer jilmart gena lokuwata danne ne. Namuth samannya rajaye sevikawak hetiyata mama godak metiwrana rajakari walata gihin thiyenawa. chnda ganina vidimath krama wedaya anuwa eka manapayak wenas karanna ona unoth aduma gane niladarin 6-k 7k wath ekathu wenna ona. ethana inne ekata ekkena wediya danne nethi ekea eka matha darana niladari. ithin me pocket money keeyak hari hoyagena apple gediyak cheese kellak honda kemawelak chocalate ekak nescafe ekak wage samannya rajaye sewakayinta wediya kanna bonna lebenne nethi dewal tikata asawatai api election duty gihin rassawa nethi karaganna awadanam wedak karanna lesthi kauruth mata nam election duty gihin hamu wela ne. Anik athata eka madyasthaneka inna CCO mahaththayek okkoma tally sheets hadala athsan karata passei e ganan kirime madyasthane weda iwara wenne. e ka adala disapathi thuma langata giyata passe aye eka wenas karala kawawath dinawanna thamange —- iraganna lesthiwena niladarin nam api kawadawath election duty gihin apita hamuwela ne. Anika Fonseka mahththayai Somawansa mahaththayai kiuwa vidihata “COMPUTER JILMAART” DDemmanam ei e gollo niyama mudala thenpath karala newatha ganan kireemak illuwe neththe? ekenma penawa e gollo ehema kiuwata ehema deyak oppu karanna e gollannta beribawa e gollo danna nisa. Eth ethakota siti methiwarana komasaris thuma wath e gena apasu e chodana kala kattiyata praurrthi saakachchawaladi wath abiyoga nokale ei hithuna. Hebei mama adunika raajya sewikawak vidihata pana baye kala methiwarana rajakariyak mathakai, 88 janadipathiwaranaya. Udenma kauruth ne.Dawal wenakota dethun denek awa.In passe van ekak evith haiyen break gahala neweththuwa.SPO mahaththayata kiuwa kalabala karala illan kanne nethiwa “PAADUWE APE RAJAKARIYA ” karaganna denna kiyala. Chanda poth okkoma gaththa. Api balagena iddima wedi hariyak premadasa mahaththayata demma. Tikak methinitath gehuwa. in passe e tika pettiyata dala ahasatath wedi dekak thiyala yanna giya. Api wathura ugurak wath biuwe peya kalak vithara giyama. (ME mahiyangane chanda polaka). Pasuwa duty giya godak mithurangen denaganna lebuna e then walath ehemai une kiyala. Namuth94n passe apita e jathiye metiwarana rajakari ath dekeem ne. Eth samahara loku niladari kiyanawa ehuna 97 Wayamba chandedi Chandrika madam kaleth ehema una kiyala. Apita hari pudumai ei pasu kale me dewal gena athdekeem anuwa denuwath nokale kiyala.Den wath uthsaha karanna.

Leave a Reply