කන්කසන්තුරේ මන්දිරයේ ඇත්ත මෙන්න… – මහින්දගෙන් නිවේදනයක්!

කන්කසන්තුරේ ඉදිකර ඇති බව කියන ජනාධිපති මන්දිරය ගැන කරුණු පැහැදිලි කිරීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මසහතා විසින් සිදු කරයි. මෙහි දැක්වෙන්නේ ඔහු විසින් නිකුත් කර ඇති එම නිවේදනයයි.

මාධ්‍ය නිවේදනය

මාගේ භාවිතය සඳහා කන්කසන්තුරේ ඉදි වෙමින් පැවති ජනාධිපති මන්දිරයක් යැයි කියන ගොඩනැගිල්ලක රූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුනි. කන්කසන්තුරේ ඉදිවෙමින් පැවති කිසිදු ජනාධිපති මන්දිරයක් නැති බව ජනතාවට දැනුම් දීමට මම කැමැත්තෙමි. 1980 ගණන් වලදී කොටි ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන තුරු ජනාධිපති මන්දිරයක් යාපනය කොටුව තුල තිබුණු බව මෙහිදී මතක් කර දිය යුතුය. එය අද දක්වාම නැවත ඉදිකර නැත. කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයකි. එහි ඉදිකිරීම් කටයුතු භාරව හිටියේ නාවුක හමුදාවයි. ලංකාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වන බණ්ඩාරනාක සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, නෙලුම් පොකුණ වැනි ආයතන සියල්ල පැවතියේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය.

කන්කසන්තුරේ හා ආරුගම්බේ යන ස්ථානවල ඉදිවෙම්න් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නොයෙක් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලටත්, උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයින් හා වෙනත් දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍රයෝජනය සදහාත් මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමට සැලසුම් කර තිබුණි. සාමය උදාවීමත් සමග මේ ප්‍රදේශවලට යන එන දෙස් විදේස් අමුත්තන්ගේ ගණන විශාල වශයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මෙකි මධ්‍යස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති සෙසු සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වලින් වෙනස් වන්නේ ඒවායේ නවාතැන් පහසුකම් ද සපයා තිබීමෙනි. මේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණි. මෙවැනි ආයතන ඉදි කිරීම ජනාධිපති මන්දිර සඳහා සිදු කරන නාස්තිකාර වියදමක් හැටියට හුවා දැක්විම පසුගිය වකවානුව පුරාම මට එරෙහිව පැවති අවලාද ව්‍යාපාරයේ කොටසක් බව කිව යුතුය.

මේ සාවද්‍ය ප්‍රචාර වලින් නොමග නොයන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

=========================
යාලුවන්වත් දැනුවත් කිරීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to කන්කසන්තුරේ මන්දිරයේ ඇත්ත මෙන්න… – මහින්දගෙන් නිවේදනයක්!

  • අරෝෂනි

    ජනපති තුමනි ඔබට එරෙහිව මොන චෝදනා දැමුවත් අපි ඔබ සමගය අපේ එකම ඉල්ලිම මෙි රට විනාශයට යාම වැලැක්විම සදහා ඔබතුමා නැවත එන්න යන්නයි

  • ranga perera

    oba thuma hada wiwurtha karapu kesbewa-piliyandala wikalpa pare….hari apuri udeyta…hawasta…loku nonala..magaththayala…jogging yana apuruwa…ahhanata hitai….miss…chandy dunne katada…hitanawa hithni…wehi nethi hena wediyan…me parawalawa yana appachiwa mara gaththa ewunta….!!!!!!

  • rasakka

    mun yahapalana muwawen wada palana kramaya patan aran HITAN HUTANGE WEDA

  • රංග බණ්ඩාර

    අපි ආයෙත් ඔබතුමාට චන්දෙ දෙනවා.
    ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන හදන්න
    ලොකු උසම කුළුණු ගහන්න
    තෙල් ගහන වරායවල් හදන්න
    හඳට රොකට් යවන්න

    අම්මපා…

  • Amila Fernando

    Dear Mr.President (For us Still the president )

    We are ready to make it next prime minister would like to tell you I have survive 03 Bombs in Colombo and I know the dangerous situations which I have face and LTTE is heading the Jaffna we don’t want them to rule the country ( I Respect the Tamils and other nationality )but we need you Mr. Rajapaksha . You see what happen to country and law has taken to there hand Police is out of tracks ,SL army kicked out from Jaffna Colombo is effected and ONE THING MUSLIMS & TAMILS HAS VOTE FOR yahpalanaya just because of them to run the Jaffna way they want and but this time all the Sinhala nationality get to gather and teach you DAM lesion . Please wait for that will teach you .

    Any body can say anything To MR But people with Him not with Mr.Ranil & Mr Siripala

    Take Care the our Nation for our Children – I did not vote for any party but this time we are with Mr .Rajapaksha

  • මට මෙහෙම හිතෙනවා මිත්‍රවරුනි;;;;;දැන් චන්දෙට තව දවස් 6 තියෙන්නේ ,ඔබ දන්න අදුන අයගේ ලිස්ට් එකක් හදන්න …පුලුවන් විදියට ඔවුන් සැමදෙනා ටම..අමතන්න බහුතර පිරිසකට වෙන්නේ මොනවද කියලා වැටහිමක් නැහ ..හෙමිහිට නමුත් ක්‍රමිකව ..රටට වෙන විපත පහදලා දෙන්න ..එ වගේම ලබාදෙන චන්දය නිසි විදියට සලකුනු කිරීමේ වටිනාකම පහදන්න..බඩට වඩා රට ..ගැන හිතන මිනුස්සු තාම ඉන්නවා මේ රටේ.බුලත් කොලයට ලබා දෙන චන්දය මහින්ද මහතාට ලබා දෙන චන්දයක් ලෙස සලකා සැම චන්දයක්ම වලංගු චන්දයක් බවට පත්කිරීමට කටයුතු කලයුතු බව මතක් කරන්න …මේ සටන කරන්නේ..පාවාදෙන්නන්ට,,බෙදුම් වාදයට..බටහිර ..පලිගැනීමට ..සහ අවස්ථා වාදයට එරෙහිව….එවැනි විශාල පිරිසකට අපි සිංහල මිනුසුන් කරන අරගලය ජයගත යුතුව ඇත……මෙයට කාලය යොදවන්න…..එකමුතු වීම සහ උත්සහය තුල අනතුරෙන් ගැලවිය..හැක.. ..

Leave a Reply