ජාතිය පාවා දී වසර 200 යි. විරුවන්ට සෙත් පතා මහා පින්කමක් කිරිවෙහෙරේදී

ජනාධිපතිවරණයෙන් පසු දින කිහිපයක් විශ‍්‍රාම සුවයෙන් මැදමුලනට වී කල් ගත කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට සෙත්පතා රට පුරා සංවිධානය වන බෝධි පූජාවන්ට සහභාගී වීම සදහා රට පුරා යාමට තීරණය කර තිබේ.

පසුගියදා ඓතිහාසික යාපහුවෙන් මෙහි පළමු අදියර ආරම්භ වූ අතර තවත් මහා පහන් පූජාවක් හෙට දිනයේ කතරගම කිරිවෙහෙර අභියසදී පැවැත්වෙන අතර රාජපක්‍ෂ මහතා ඊටද හභාගී වෙයි.

රාජකීය පණ්ඩිත අති පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සහ මහා සංඝරත්නය ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ මතිඳුන්ගේද සහභාගීත්වයෙන් එම පින්කම පැවැත්වෙයි.

අප රටේ අවසාන රාජධානිය රජුන් සමග පාවා දී මාර්තු මසට අවුරුදු 200 කි. එදා මෙදා තුර මේ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකර පින් පතා අදිෂ්ඨාන පුජාවට සහ විශේෂ පින්කමට කිරිවෙහෙර පුජා භූමියට මාර්තු මස 15 ව සවස 3 ට සුදුවතින් සැරසී පැමිණෙන්න…!

11069947_1560626530854660_8411548634758230347_n[1]

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to ජාතිය පාවා දී වසර 200 යි. විරුවන්ට සෙත් පතා මහා පින්කමක් කිරිවෙහෙරේදී

  • Amar

    kirivehera mey udhaara pinkamata dayaka vana Abhayatissa himi athulu samata apey bhakthi pranayama! sarvaprakaarayenma saarthaka veva!

  • Power

    එදා රජ දවස මේ පින්බර ශ්‍රී ලංකා මාතාව මුහුණ දුන් අනේක විද වූ සතුරු උවදුරු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා තම ඇස් හිස් මස් හා තම අවසන් හුස්ම පොද වාතලයට මුසු කළ වීරෝධාර රණවිරුවන්ට හා මගේ කාළයේ පැවති මම දැකපු ඒ මහා අති බිහිසුණු මර බියෙන් ගැහි ගැහී සිටි යුගය නිමාකළ සේනාධිනායක අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එඩිතර නායකත්වය හා එම දැවැන්ත ශක්තියට නොදෙවෙනි තවත් ශක්තියක් වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් තම ඇස් හිස් මස් හා තම දෙමාපියන් හා තම දරු පවුල් ගැන වත් නොසිතා ඉදිරියටම ගොස් තම අවසන් හුස්ම පොදත් මේ ශ්‍රී ලංකා මාතාවටම එක්කොට අවසන් ගමන් ගිය අපේ දස දහස් සංඛ්‍යාත වූ වීරෝධාර රණශූර සදා අමරණීය රණවිරුවන්ට මාගේ ගෞරවනීය උත්තමාචාරය පුදන්නෙමි!

    ඒ ආකාරයෙන්ම මේ රට වෙනුවෙන් අති දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ එම අභීත රණවිරුවන් වෙනුවෙන් මෙවැනි බෝධීපූජා පිංකමක් සංවිධානය කළ සියලුම පිරිසට අප අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ අනුභාවය හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! කියා ප්‍රාර්ථනා කරන අතරම එම බෝධිපූජා පින්කමේ බුදුගුණේ බලය එම සියලු රණවිරුවන්ට ලැබේවා! නැවතත් මේ රට අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ට නායකත්වය දැරීමට හැකිවන රටක් බවටත් පත්වේවා!

  • Daya

    Me swaminige kriyadamaya koyitharam age neda , me uthum pikamata nimalayo, yapo, dilanayo, premajayanthayo saha eki noki Gas bendu, gasballantath sadeha sithin sahabagi wanna puluwan athi

Leave a Reply