මහින්දව උසාවි කැඳවයි. සිරගත කිරීමේ සූදානමක්…!

මාර්තු 31 වැනිදාට මහින්ද රාජපක්ෂ මහතාව උසාවියට කැඳවා ඇත. එජාපයෙන් පුන පුන කියපු මෙගා ඩීල් සොයාගත නොහැකි වූ තැන, ආරක්ෂාවට හමුදාව යෙදවීම සම්බන්ධයෙන් මෙලෙස උසාවි කැඳවා තිබේ. පහත දැක්වෙන්නේ 2015-02-19 දින මව්බිම පුවත්පතේ පළවූ ලිපියකි.

3

55

ඉහත සිදුවීම සම්බන්ධයෙන් අපගේ අදහස් මෙලෙස කරුණු වශයෙන් සාරාංශ කර දැක්වීමට කැමැත්තෙමු.

1. මැතිවරණ සමයේ පොලිසියට අමතරව හමුදා ආරක්ෂාව ලබා දීම මීට පෙර මැතිවරණ වලදීද සිදුවී ඇත. එකල උල්ලංඝනය නොවුන මූලික අයිතිය පසුගිය ජනාධිපතිවරණයේදීම උල්ලංඝනය වීම පුදුම සහගතයි.

2. මැතිවරණයක ආරක්ෂාවට හමුදාව යෙදවීම මගින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූවා කියන මොවුන් උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුම ගැන මොන වගේ දේවල් කියනු ඇත්ද… මොවුන් මේ කරන්නේ මුට්ටිය දමා බැලීමකි.

3. පසුගිය ජනාධිපතිවරණයේදී හමුදා ආරක්ෂාව ලබා දී ඇත්නම් එයට හේතුවක් වන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද, දහස් ගණනින් පැමිණ අරලියගහ මන්දිරය වැටලිය යුතුයැයි එවකට සමහර විපක්ෂ වල නායකයින් පැවසූ බවක් මාධ්‍ය වලින් වාර්තා කර තිබීමයි. ඒ අනුව සැබෑ කුමන්ත්‍රණය සිදුකර ඇත්තේ එවකට සිටි සමහර විපක්ෂ කණ්ඩායම් වලිනි.

4. පරාජය දැනුන විගසම මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිට වීම හරහා මහින්ද පාර්ශවයෙන් කිසිදු කුමන්ත්‍රණයක් සිදු නොවී ඇති බව පැහැදිළියි.

5. රාජිත සේනාරත්න මහතා පවා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ චෝදනා ඉල්ලා අස්කරගත්තේය. මේ ලිපියේ ඇති වීඩියෝ බලන්න. >> https://www.mahinda.info/2015/02/coup-2/ සමහරු පැවසූ පරිදි හමුදා කුමන්ත්‍රණයක් සිදුවූවානම්, මැතිවරණ කොමසාරිස් තුමා එලෙස මහින්ද රාජපක්ෂ මහතා ගැන ප්‍රසංශනාත්මකව කතා කරන්නේ නැත.

6. පසුගිය කාලයේ තිස්ස අත්තනායක මහතාව අත් අඩංගුවට ගත්තත් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි කියමින් එතුමාව නැවත නිදහස් කරන ලදී. https://www.mahinda.info/2015/02/thissa/ තිස්සට කරපු දේම මහින්ද රාජපක්ෂයන්ටත් සිදුකිරීමට යන බව පෙනේ. උසාවියට කැඳවූ එතරම් ජනතා විරෝධයක් එල්ල නොවේනම් මහින්ද රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමේ පවා අවදානමක් ඇති බවට අපට ආරංචි වී ඇත.

tissa[1]

Mahinda Rajapaksa

7. හිටපු විධායක ජනාධිපතිවරයෙක්ගේ පාලන කාලය තුළ ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ඇසීමට නොහැකි ලෙස ව්‍යවස්ථාවේ ඇති බවත්, එනිසා අප කලබල විය යුතු නැති බවත් සමහරුන් පවසාවි. එහෙත් මේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා පත් වීමේ සිට අගවිනිසුරුව පත් කිරීම දක්වාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ප්‍රබල චෝදනා ඇත. එසේනම් මේ ආණ්ඩුවේ පාලන කාලය තුළදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නා බවට අපට ඇති සහතිකය කුමක්ද?

8. විජාතික සහ ජාතික සළු පිළි සහිත බලවේග පසුගිය කාලයේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගත යුතු බවයි. එනිසා මෙහි ඇති අවදානම සුළුපටු නොවේ.

champika

මහින්ද රාජපක්ෂ මහතා ට එරෙහිව එවකට විපක්ෂය විසින් ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේ දූෂණ අක්‍රමිකතා (මෙගා ඩීල්) ගැන කියමිනි. නමුත් ඔවුන් බලයට පත් වී මාස 3 කට ආසන්න කාලයක් ගත වුවද, තවමත් ඔප්පු කළ මෙගා ඩීල් එකක් නැත. ඔහුට එරෙහිව ගෙන ගිය සෑම මඩ අවලාදයක්ම ගල් පැලෙන බොරු බව දිනෙන් දින ඔප්පු වෙමින් පවතී. ඔප්පු කළ හැකි කිසිදු චෝදනවක් නැති කළ, ආරක්ෂාව සඳහා රණවිරුවන්ව යොදා ගැනීම කියමින් මහින්ද රාජපක්ෂ මහතාව වැලිකඩ ගෙන යාමට සැරසෙයි. ආදරණීය ජනතාවෙනි, ඔබ එයට ඉඩ දෙනවාද?

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to මහින්දව උසාවි කැඳවයි. සිරගත කිරීමේ සූදානමක්…!

  • rasakka

    හෙල ලේ වලින් තෙත්වු අප රන් පොලව
    කෑල වද්දන් පෙම් කෙලිනව බය නෑතුව
    දල නෑති අලිත් දගලනවා හොඩ කුනුව
    බල අති සිහලයෙනි නගිටිව් යුහුසුලුව

  • Amar

    හර්ද සාක්ශියක් ඈති සෑම ශ්‍රී ලාන්කිකයෙකුම විරුද්දව නෑගිටිනු ස්තීරයි! මේවා මහ පොලොව නුහුලන අපරාද!

  • Rama

    ලක්බිම එක්සේසත් කල ජනතා ආදරය දිනූ ජාතික වීරයාට අත තිබ්බොත් මහ විනාසයක් සිදු වේවි අනිවාර්යයෙන් එයට මුල් වන සෑමට!

  • nadaraja

    ජන හද දිනු මහින්ද මතිදුන්ට කරදරයක් කලොත් ඔහුනට වෑසි නෑති හෙන පාත්වෙවා

  • Power

    මේක තනිකරම මේ යමපාලන පළිගැනීමක් මේ හදන්නෙ මේ රටේ මරණ බිය තුරන් කර ගමේ දුප්පත් මනුස්සයා වෙනුවෙන් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට අති මහත් කාර්යභාරයක් ඉටුකළ දුප්පතාගේ හිතවතා වූ අපේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාව කෙසේ හෝ සිර කිරීමේ පොටක් පාදා ගැනීමටයි.

    යමපාලනය හැදිගෑවිලාම පල….

  • Balangoda Sumangala

    ගුණගරුක සත්පුරුෂයා ඉන්ද්‍රකීලයක් මෙන් නින්දා අපහාසවලදී නොසැලී සිටියි. එ‍මෙන් ඔහුට එල්ලවන නින්දා අපහාස දිය මතුපිට හටගන්නා පෙනපිඩු මෙන් වහා නැසී යයි. නින්දා අපහාස නොලබන කෙනෙකු ද ලොව නැත. නින්දා අපහාසාදියෙන් සත්පුරුෂයාගේ ගුණ බල ශක්තිය වැඩෙනවා මිස පිරිහෙන්නේ නැත. අප භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද මිනීමැරුම් චොaදනා, ස්ත්‍රී දූෂණ චොaදනාදී අතිශය දරුණු චොaදනාවලට මුහුණ දෙන්නට සිදු විය. සම්මා සම්බුදු රජාණන් වහන්සේට පිඩුපිණිස වැඩම කරන්නට ද නොහැකි තරම් භයානක අභූත චෝදනා වලට මුහුණ දෙන්නට සිදු විය. එහෙත් එය දින කිහිපයකට සීමා විය. එය බුදු ගුණ සිය දහස් ගුණයෙන් පැතිර යාමට ඉවහල් විය. ජනපති තුමනි, සදුන් ක| කපා කොටා කැබලි කලත් කුඩු කලත් එක ලෙසම සුව| පැතිර පවතින්නා සේ ඔබ තුමට එල්ලවන අවලා චෝදනා සියල්ලම ඔබ තුමගේ ගුණ සුව|, කීර්තිය ඉතා හොන් දසත පැතිර යාමට හේතුවෙයි. නොසැලී අභීතව ඉදිරියට පැමිණීමට ආසිරි පතමු…..!

  • Jinadari

    ජන හද දිනු මහින්ද මතිදුන්ට කරදරයක් කලොත් ඔහුනට වෑසි නෑති හෙන පාත්වෙවා

Leave a Reply