මහින්ද සහ මෝදි කතා කළේ මොනවාද? මෙන්න ඇත්ත…

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි නරේන්ද්‍ර මෝදි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් 14/03/2015 දා පැවැත්වුණා. පහත දැක්වෙන්නේ එහිදී ලබාගත් එකම ඡායාරූපයයි.

11067497_1560859574164689_7362780462706252198_n[1]

සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් නායකයින් දෙපළ අසුන් ගනිද්දීම මෙම ඡායාරූපය ලබා ගත් මාධ්‍ය අංශ හිතවතා ඇතුළු මහින්ද මහතාගේ හිතවතුන්ට එතුමා එම කාමරයෙන් ඉවත් වෙන ලෙස දැනුම් දුන්නා. ඒත් සමගම මෝදි මහතා සමග පැමිණි තානාපති තුමා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස ඒ මහතා දැනුම් දුන්නා. පසුව ඔවුන් දෙපළ ඉතාමත් රහසිගතවයි එම සාකච්ඡාව කරනු ලැබුවේ.

දිවයින පුවත්පතහි මෙසේ දැක්වෙනවා.

modi

ඒ අනුව එම සාකච්ඡාවේ වුණ දේවල් ගැන දන්නේ මහින්ද මහතා සහ මෝදි මහතා පමණයි. ඔවුන් දෙපළ ඒ දේවල් වෙන කිසිවෙකුට නොපැවසූ බවත් සහතික වශයෙන්ම කියන්නට පුළුවන්.

එසේ වී තිබියදීත් එහිදී මෝදි මහින්දට බැන වැදුනා කියමින් එජාපයට සම්බන්ධ සමහර ගොසිප් වෙබ් අඩවි එක එක මඩ කතන්දර වාර්තා කර තිබුණා. එවන් කතන්දර වල කිසිදු පදනමක් නොමැති අතර ඒවා එම මඩ කතා කරුවන්ගේම හිත් වල මැවුණ දේවලුයි. එසේම කිසිදු පදනමක් නොමැති ඒවන් මඩ කතා වාර්තා කරන වෙබ් අඩවි කියවීමට වැය කරන කාලය අපතේ යැවීමක් බවත් කීමට කැමතියි.

එම සාකච්ඡාවේ සිදුවුණ දෑ මහින්ද පාර්ශවයෙන් පිට නොවුණද ඉන්දීය පාර්ශවයෙන් (මෝදිගෙන්) පිට වුණා යැයි කවුරුන් හෝ සිතන්නේනම් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් විමසා ඇත්ත නැත්ත දැනගත හැකියි.

සාකච්ඡාවේදි සිදුවූ දෑ අප නොදන්නා නමුත් එහි ප්‍රතිඵල නුදුරේදීම රටට දැකගත හැකි වේවි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to මහින්ද සහ මෝදි කතා කළේ මොනවාද? මෙන්න ඇත්ත…

Leave a Reply