මහින්ද සරණව බැලීම ගැන ගැහූ මඩ එජාපයටම ආපසු කැරකෙයි.

සරණ ගුණවර්ධනගේ සුවදුක් බැලීමට මහින්ද රාජපක්ෂ මහතා මහර බන්ධනාගාරයට යෑම සම්බන්ධයෙන් පසුගිය දින වල එජාපයේ යහපාලන මඩ කල්ලිය විසින් මඩ ගසනු දක්නට ලැබුණි. පහත දැක්වෙන්නේ එලෙස මුදා හැරි මඩ ප්‍රහාරයක්.

slblood

එහෙත් එම යහපාලන මඩ කල්ලිය නොපවසන දේ වන්නේ සරණ ගුණවර්ධනව බැලීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාත් ගොස් තිබීමයි.

6ac4d40165c6be299bd06b086d749295_L[1]

මේ සම්බන්ධයෙන් mahinda.info වෙතින් පහත කරුණු අවධාරණය කිරීමට කැමතියි.

1. සරණ ගුණවර්ධනව බැලීමට යාම නිසාම මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට එලෙස මඩ ගහන එජාප යහපාලන මඩ කල්ලිය, සරණව බැලීමට ගිය අපේ රටේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාටත් එලෙස මඩ ගසනවාද?

2. සරණ ගුණවර්ධනව රිමාන්ඩ් කිරීමක් මිස අධිකරණයෙන් දඬුවම් ලබා දීමක් සිදුවී නොමැත. ඔහු තවම සැක කරුවෙක් පමණි.

3. සරණට එරෙහි චෝදනාව වන්නේ රුපියල් ලක්ෂ 96 ක් පුද්ගලික ව්‍යාපාරිකයෙක්ගෙන් වංචා කිරීමයි. එම චෝදනාව විභාග කිරීම සඳහා අද දිනයේත් නඩු ඇසූ අතර ලබන 30 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

4. එහෙත්  2009 දී ඇමරිකන් ඩොලර් ලක්ෂ 30 (රුපියල් ලක්ෂ 3900) ක මුදලක් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් ඇප ලැබූ, රවි කරුණානායක යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති බවට පත් විය. තවත් ඩොලර් බිලියනයකට (රුපියල් ලක්ෂ 1,300,000) අධික මුදලක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් නඩුවක් තිබියදීම රවි කරුණානායක මුදල් ඇමති තනතුරේ සිටිමින් විදේශ විනිමය හසුරුවයි. (සරණව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට චෝදනා කරනු ලැබූ මුදල සහ රවිට එරෙහිව ඇති චෝදනාවේ මුදල සසඳා බලන්න.)

vinimaya

5. රජයට රුපියල් කෝටි 540 ක හෙවත් රුපියල් ලක්ෂ 54,000 ක පාඩුවක් සිදුකළ බවට වාර්තා වෙන භාණ්ඩාගාර බැඳුම්කර වංචාවක් ගැන චෝදනා ලැබූ මහ බැංකු අධිපතිවරයා ව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා තියා අඩුම තරමින් පාස්පෝට් තහනම් කිරීමක්වත් සිදුවී නොමැත. (සරණව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට චෝදනා කරනු ලැබූ මුදල සහ මහ බැංකු අධිපතිට එරෙහිව ඇති චෝදනාවේ මුදල සසඳා බලන්න.)

divaina

මිත්‍රවරුණි එය තමයි යහපාලනය. මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට මඩ ගහන්නට ගොස් යහපාලනයේ රෙදි ඔලුවෙන්ම ගැලවෙන්නේ එලෙසයි. මේ ගැන වැඩි විස්තර විමල් වීරවංශ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

යාලුවන්ටත් බලන්නට් Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to මහින්ද සරණව බැලීම ගැන ගැහූ මඩ එජාපයටම ආපසු කැරකෙයි.

Leave a Reply