Mahinda Rajapaksa: April 2015

Thursday, April 30, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගී විය යුතුද?

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප මැයි දින රැළියට සහභාගී නොවිය යුතු බවත්, එතුමා සහභාගී විය යුත්තේ වැඩ කරන ජනතාවගේ සැබෑ මැයි දින රැළියට බවත් ප්‍රකාශ කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විද්වතුන් සහ වෘත්තිකයින්ගේ සංවිධාන වෙතින් ලිපියක් ලැබී තිබේ.

1112

19 ගැන එජාපය කණගාටු වෙන හැටි.

[1]. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත වීම එක්සත් ජාතික පක්ෂය තනිව ලබාගත් ජයග්‍රහණයක් බවත්, එය මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ලක්ෂ 58 ක ජනතාවගේ පරාජයක් බවටත්, ෆේස්බුක් හි කුලියට වැඩ කරන එජාප මඩ කල්ලිය විසින් පසුගිය දිනවලදී ප්‍රචාරය කරන්නට යෙදුණා. පහත දැක්වෙන්නේ ඔවුන් එලෙස පළ කළ මඩ පින්තූර 2ක්.

2

 

1

[2]. නමුත් සැබෑ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව පෙනී යන්නේ එජාප නායකයන්ගේ ප්‍රකාශ ඇහුණ විටදීයි. සම්මත වීමට පෙර ඉඳන්ම ඤාව් ඤාව් ගෑවේත්, සම්මත් වීමෙන් පසුව උණ ගත්තේත් කාටද කියා අප බලමු.

 

[3]. පහත දැක්වෙන්නේ 19 වන සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකුයි.



රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයේ අඩංගු වැදගත් කරුණු.

(i). විරුද්ධ පක්ෂයේ සහයෝගය නැතිව අපිට මේක සම්මත කරගන්න බෑ.


(ii). ඒත් අපිට මෙතන බහුතරයක් නෑ, මේ සුළුතර ආණ්ඩුවක්. එතන සම්මුතියකට එන්න සිදුවුණා.


(iii). අපිට තිබුණ තීරණය, මේක සම්මත කරගන්නවාද, අඩු ගානෙ අපි යන ගමනේ මේ කොටස හරි යනවාද, නැතිනම් මේක සම්පූර්ණයෙන්ම අතහරිනවාද කියලා.

 

[4]. පහත දැක්වෙන්නේ 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකුයි.



රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයේ අඩංගු වැදගත් කරුණු.

(i). අපි හැම එක්කෙනාගේම බලාපොරොත්තු 100% ක් ඉෂ්ඨ වුණේ නෑ.

(ii). කෙසේ හෝ අපි සම්මුතියකට පැමිණියා.

(iii). සියලුම මන්ත්‍රීවරුන්ට ස්තුතිය ප්‍රකාශ කරනවා.

(iv). විශේෂයෙන්ම කථානායක තුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා.

 

[5]. පහත දැක්වෙන්නේ 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කරන ලද ප්‍රකාශයකුයි.



ඔහු පවසන්නේත් ඇතිකරගත් සංශෝධනය ඉතාමත් පසුගාමී බවයි. එනම් ඔහු වෙනත් අකාරයකට කියන්නේ සම්මත වූයේ ඔවුන්ට අවශ්‍ය දේ නොවන බවයි.

 

[6]. පේනවනෙ ඤාව් ඤාව් ගාන්නේත් , උණ ගත්තේත් කාටද කියලා. ඒත් ෆේස්බුක් එකේ කුලියට ලියන UNP කට්ටිය පසුගිය දා පෙන්වන්න හැදුවේ එය ඔවුන්ගේ ජයග්‍රහණයක් කියලයි.

 

[7]. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ පිරිස් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එලෙස කළකිරීමට පත් වී සිටී. හේතුව නම් ඔවුන් බලාපොරොත්තු වූ රටට සහ ජනතාවට අහිතකර දේවල් සම්මත නොවීමයි. ජනතා ඡන්දයෙන් බලයට පත් වෙන ආණ්ඩුවට රටේ බලය හිමි වීම, පාර්ලිමේන්තුවට පරිබාහිර NGO කාරයින්ට රටේ පාලනය යාම වැළකීම, එලෙස එජාපයේ කූඨ අරමුණු පරාජය කර ජනතාව ලැබූ ජයග්‍රහණ වෙයි.

 

යාළුවන්ටත් බලන්නට Share කරන්න.

Wednesday, April 29, 2015

19 යේ විශ දළ ගලවා සම්මත කළ හැටි විමල් හෙළි කරයි. (VIDEO)

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීන් හැර හිතවතුන් පත් කිරීමේ උත්සාහය පරාජය කළ ආකාරයත්, එහි සභාපතිවරයා ලෙස පත් කිරීමට සිටියේ කවුදැයි දන්නා බවත් ඔහු කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි ජී.ඇල්, පීරිස්, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන මන්ත්‍රීහූ ද 19 වැනි සංශෝධනය මගින් එජාපයේ සැලසුම් පරාජය කළ ආකාරය වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

පහත දැක්වෙන්නේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා එහිදී කරන ලද පැහැදිළි කිරීමයි.



පහත දැක්වෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා විපක්ෂයට අවශ්‍ය පරිදි කපා කොටා දමන එක් අවස්ථාවක් සහ රටේ ජනතාවට අවශ්‍ය ලෙස සම්මත කළ ආකාරයයි.



මේ ආකාරයේ සංශෝධන 174 ක් සිදුකෙරුණු අතර, විශකුරු 19 සංශෝධනයේ දළ ගලවා විපක්ෂයේ අභිමතය පරිදි රටට ජනතාවට සුදුසු ලෙස සම්මත කෙරුණි. නමුත් එජාපයේ සමහරු තවමත් සිතාගෙන සිටින්නේ එජාපය ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ බවයි.

ඔවුන්ටත් දැනුවත් වීමට Share කරන්න.

මහින්දව අල්ලස් කොමිසම්ට කැඳවනවානම් රනිල්වත් කැඳවන්න - රජීව

TH10_RANIL__G71_TH_2274393e[1]පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන යාමට යහපාලන ආණ්ඩුවෙන් උත්සාහ ගත්තේ, ජනාධිපතිවරණ කාලය තුළ පුරප්පාඩු වී තිබූ සෞඛ්‍ය ඇමති කම තිස්ස අත්තනායක මහතාට දුන්නා කියමිනි. එහෙත් හිස් වූ ඇමති ධූරයක් පිරවීම ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතියක් වන අතර, එම ජනාධිපති බලතලය ජනාධිපතිවරණ කාල සීමාව තුළදීවත් අහෝසි නොවන බව ව්‍යවස්ථා විශේෂඥයින් විසින් පෙන්වා දී තිබුණි. වැඩි විස්තර මෙම ලිපියෙන්.

නමුත් ඊට වඩා අති බරපතල චෝදනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති බව වාර්තා විය. අප මෙය පළ කරන්නේ පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වූ එම ඇමතිකම ලබා දීම ගැන චෝදනාවට තවත් පිළිතුරක් වශයෙනි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිෂව් සභාවට පැමිණිලි කළ යුතු යයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා විසින් එම කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවා ඇත.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ තිස්ස අත්තනායක මහතාට අල්ලසක් දීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ද එවැනි චෝදනා මත විමර්ශනයක් කළ හැකි බවයි.

[1]. අමාත්‍ය රවුෆ් හකීම් මහතා වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට සහායදීම සඳහා "මුදලක් ඉල්ලූ බව" අගමැතිවරයා තමන්ට පවසා ඇති බවත්

[2]. රිශාඩ් බදියුද්දීන්ට ඇමති ධුරයක් ලබා දුන්නේ ඔහු වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට සහය පළ කිරීමේ කොන්දේසියක්මත බව අගමැතිවරයා පැවසූ බවද

එම ලිපියේ දැක්වේ.

rajiw

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉහත චෝදනාව නගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි මන්ත්‍රීවරයෙක් නම් ජනතාව එය නොසලකා හරිනු ඇත. එහෙත් ඉහත චෝදනාව නගන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා පසුගිය කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් අයෙකි. ඒ අනුව යහපාලනයට සහාය දුන් අයම යහපාලනයේ කෙරුවාව ජනතාවට හෙළිකරමින් සිටී.

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

Tuesday, April 28, 2015

ජන ගඟ තවත් වැඩි වෙයි. නාරම්මල පින්කම ජනතාවගෙන් පිරී ඉතිරී යයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ලක්වැසි සැමට සෙත් පතා කෑගල්ල මන්ත්‍රී එකමුතුවෙන් සංවිධානය වුණ බෝධි පූජා පින්කමක් නාරම්මල දම්පැළැස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙනේ පැවැත්වුණා. ඒ සඳහා අති විශාල ජනකායක් සහභාගී වුණා. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැමිණි පිරිස අමතා වචන ස්වල්පයක් ප්‍රකාශ කළා.



එහි පින්තූර කිහිපයක් පහතින්.

4

3

2

1

ඊට අමතරව නාරම්මල දම්පැළැස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙනේ දෙමහල් සංඝාවාසය අද පස්වරුවේ විවෘත කරන ලද්දේත් මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. මේ එහිදී එතුමා පළකළ අදහස් කීපයක්.



 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

මැතිසබය ගිණියම් කළ, 19 ගැන විමල්ගේ කතාව මෙන්න.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවත්වන ලද කතාව.



19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රෙෂ්ඨාධිකරණයට දුන් පිටපත, කථානායක තුමාට දුන් පිටපත, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දුන් පිටපත, ජනමාධ්‍ය වෙත නිකුත් කළ පිටපත, ගැසට් කළ පිටපත ආදී වශයෙන් පිටපත් කිහිපයක්ම තිබෙන බවට චෝදනා ඇත. පහත දැක්වෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැසට් පත්‍රයයි.

සැයු: දෙවන වර සහ තෙවන වර කියවීමේදී ඉහත කෙටුම්පතට සංශෝධන  174 ක් එක් වූ අතර බොහෝ වගන්ති (ඉහත වීඩියෝවේ විමල් වීරවංශ මහතා පවසන හානිකර වගන්ති ද ඇතුළුව) ඉවත් කෙරුණි. ඒ පිළිබඳ කෙටි පැහැදිළි කිරීමක් මෙම ලිපියෙන්. කරන ලද සියලුම සංශෝධන ලයිස්තුව ඔබ වෙත ගෙන ඒමට අපි උත්සාහ දරන්නෙමු.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

Monday, April 27, 2015

මහින්දෝදය නැවතත්... දින 100 ට පසුවත් ඇත්තේ මහින්දගේ වැඩ විතරයි.

[1]. විශාල ගෝෂාවක් නැගූ දින 100 වැඩපිළිවෙළ තුළ ජනතාවට දැනෙන ආකාරයේ කිසිදු සංවර්ධනයක් ආරම්භ වුණේ නෑ. දින 100 ට පසුවත් බිහි වන්නේ පසුගිය වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කඩිනමින් ඉදි කළ සංවර්ධන ව්‍යාපෘතීනුයි.

(i). මීට දින කිහිපයකට පෙරත් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත් වූ අතර, අද දිනයේත් මහින්දෝදය විද්‍යාගාර 2ක් සිසු අයිතියට පත් වූවා.

(ii). පහත දැක්වෙන්නේ දිවුලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය, බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් සභා මන්ත්‍රීනී සමන්මලී සකලසූරිය මෙනෙවිය අතින් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවයි.

24 copy

6 copy

16 copy

1 copy

5 copy

9 copy

10 copy

15 copy

19 copy

21 copy

 

(iii). පහත දැක්වෙන්නේ පස්යාල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවයි.

5 copy

4 copy

3 copy

2 copy

1 copy

6 copy

7 copy

8 copy

9 copy

 

[2]. මහින්දෝදය

(i). රට පුරා ඉදිකෙරමින් පවතින මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1,000 අතුරින්, බස්නාහිර පළාතේ මහින්දෝදය විද්‍යාගර 56 ක් ඉදිකර වැඩ අවසන් කර තිබෙනවා. මෙතෙක් සිසු අයිතියට පත් නෙකෙරුණූ විද්‍යාගාර කඩිනමින් වැඩ අවසන් කර විවෘත කිරීමට කටයුතු යොදනවා.

(ii). සෑම දෙමහල් "මහින්දෝදය" තාක්ෂණික විද්‍යාගාරයකම, පරිගණක 40 කින් යුත් පරිගණක මධ්‍යස්ථානයක්, පරිගණක 20 කින් යුත් භාෂා විද්‍යාගාරයක්, භෞතික විද්‍යාගාරයක්, ගණිත විද්‍යාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා "නැණසල" ඒකකයක් අඩංගුයි.

(iii). 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා වලට අයත් පාසල් (ජාතික පාසල් නොවන ඒවා) ගැන තීරණ ගන්නේ පළාත් සභා වලින් බැවින් ඉහත විද්‍යාගාර වල "මහින්දෝදය" නම වෙනස් කිරීමට යහපාලන ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා.

 

මහින්ද රාජපක්ෂ මැතිතුමා අද තම නිවසේ විවේකීව සිටියත්, තවමත් බිහි වෙන්නේ එතුමා එදා ඉදි කළ යෝධ සංවර්ධනයේ ප්‍රතිඵල නෙමෙයිද?

යාලුවන්ටත් Share  කරන්න.

Sunday, April 26, 2015

පිස්තෝලයක් සහිතව මෛත්‍රීපාල ළඟටම ආවාද? මෙන්න ඇත්ත.

[1]. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාව ඝාතන කිරීමේ ප්‍රවෘත්තියක් ගැන ව්‍යාජ කටකතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මඩ කණ්ඩායම විසින් දියත් කරලා තිබෙනවා. අපට වාර්තා වෙන පරිදි එම මඩ මෙහෙයුමේ අරමුණු මෙලෙසයි.

(i). මහින්ද රාජපක්ෂ මැතිතුමාට දී ඇති ආරක්ෂාව අඩු කිරීම සාධාරණීකරනය කිරීම.

(ii). මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මඩ ගැසීම.

(iii). තාර්කිකව බලන කල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ආරක්ෂාවට වැඩිම තර්ජනය එල්ල වන්නේ එජාපයෙන් බැවින් (එවිට රනිල් වික්‍රමසිංහ මහතා ඉබේම ජනාධිපති වන නිසා) එතුමාට මොනයම් හෝ හානියක් වුවහොත් එය මහින්ද පාර්ශවයට බැර කිරීමට කල් තියාම පිඹුරුපත් සකසා ගැනීමට එජාප පාර්ශවයට අවශ්‍ය වීම.

 

[2]. එහි එක් පියවරක් විදිහට, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත මඟින් පළකළ පුවතකුයි පහත දැක්වෙන්නේ.

lankadeepa

**********************


එම පුවත මීටත් වඩා සාහසික ආකාරයෙන් අනෙකුත් එජාප මඩ වෙබ් අඩවි වල පලවී ඇති නමුත් ඒවායේ  අයිතිකරුවන් අප්‍රකාශිත බැවින් කිසිදු වගකීම් සහගත භාවයක් නොමැති නිසා ඔවුන්ට ඕනෑම දෙයක් ලිවීමට හැකි බව මැදහත් ජනතාව වටහා ගන්නවායැයි අප විශ්වාස කරනවා. එනිසා ලංකාදීප පුවත ගැන පමණක් අවධානය යොමු කරමු.

(i). අඟුණුකොළපැළැස්ස්සේ පැවතුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිත සම්මේලනයයි. නමුත් එයට සියලුම මහජනතාවට විවෘතව ආරාධනා කර තිබුණා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් එතුමාට ලැබුණ ආරාධනාව පිට එයට සහභාගී වුණා. ඒ බව ලංකාදීප ලිපියේ සඳහන් කරලා නෑ.

(ii). කිසිදු හමුදා කෝප්‍රල් වරයෙක් හෝ වෙනත් හමුදා නිලධාරියෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරක්ෂකයින් ලෙස වර්තමානයේදී ලබා දී නෑ. ඒ අනුව එකී නිලධාරියා නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙක් ලෙස දැක්වීම බොරුවක්.

(iii). එලෙස පැමිණි පුද්ගලයා හමුදාවේ නිවාඩු ලබා සිටින රණවිරුවෙක්. ප්‍රදේශයේ රැස්වීමක් නිසාත්, රටේ ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු රටේ ප්‍රභූන් පැමිණ සිටින නිසාත්, එතුමන්ලාව දැකබලා ගැනීම සඳාහ එම රණවිරුවාත් එහි පැමිණ තිබෙනවා. සාමාන්‍ය ජනතාව අසුන් ගත් ප්‍රදේශයේම ඔහුත් වාඩි වී තිබෙනවා.

(iv). ඉතින් ඔහු යුද හමුදවේ සේවය කළ රණවිරුවෙක් නිසා, ජනාධිපති ආරක්ෂක අංශයේ අය (ඔවුනුත් යුද හමුදා සෙබලුන්) ඔහුව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු ආවේ කුමකටදැයි ප්‍රශ්න කර තිබෙනවා. එවිට හේතුව කියා තිබෙනවා. (රටේ ජනාධිපතිවරයා, කථානායකවරයා ආ බැවින් එතුමන්ලාව දැක බලා ගැනීමට පැමිණියා).

(v). ඔහු සතුව කිසි සේත්ම පිස්තෝලයක් තිබී නෑ. එවැනි පිස්තෝලයක් තිබුණානම් එම රැස්වීමට ඇතුළු වීමට ඔහුට කිසි සේත්ම ඉඩක් ලැබෙන්නේත් නෑ.  එම් සිද්ධිය ඇසින් දුටු හම්බන්තොට ශ්‍රීලනිප පාක්ෂිකයින් අපට වාර්තා කළ ආකාරයට එම රණවිරුවා සතුව තිබී ඇත්තේ මුදල් පසුම්බිය, වතුර බෝතලයක් සහ පුද්ගලික ලේන්සුවක් පමණක් බවයි.

(vi). ඉහත ලංකාදීප ලිපියේ මෙලෙස සඳහන්.
පොලිස් විශේෂ බලකාය නාමල්ගේ ආරක්ෂකයන් සෝදිසි කර ඔහු ළඟ පිස්තෝලයක් ඇති බව සොයා ගත්තේය. ඔහු එම ස්ථානයෙන් ඉවත් කැරිණි.

යහපාලන බොරුව අතේ පැලවුණ ප්‍රධානම තැන තමයි ඒ. යම් විදිහකින් රටේ ජනාධිපතිවරයා අසළට අනවසරයෙන් පිස්තෝලයක් හෝ වෙනත් ඕනෑම ආයුධයක් රැගෙන ආවානම් අනිවාරයයෙන්ම ඔහුව අත් අඩංගුවට ගත යුතුයි. ඒත් පවසනවා අදාල සැක කරුව "එම ස්ථානයෙන් ඉවත් කැරිණි" කියලා. පිස්තෝලයක් ගෙනාවා කියන කතාව පට්ට පල් බොරුවක් බව ඒකෙන්ම පේනවා.

(vii). එම රණවිරුවාව අත් අඩංගුවට ගෙන නෑ. ඔහු වැරැද්දක් කර නොමැති නිසා (ඒ කියන්නේ ඔහු ඔය කියන විදිහට පිස්තෝලයක් ගෙනැවිත් නැති නිසා) තමයි ඔහුව අත් අඩංගුවට නොගෙන එතනින් යැව්වේ. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන වගේ, රටේ අලුත්ම ජනාධිපතිව දැකබලා ගන්න ආවට පස්සේ ප්‍රශ්න කළාම ඒ රණවිරුවා යන්න ගියා. නිවාඩු ලබා සිටින රණවිරුවෙකුට රටේ ජනාධිපතිවරයා සිටින රැස්වීමකට ඇවිත් වාඩි වෙන්න තහනම් වුණ බවකුයි දැන්නම් අපිට පෙනී යන්නේ.

(viii). වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ ප්‍රධනියා වන එස් එම් වික්‍රමසිංහ මහතා ගැනත් ලංකාදීප ලිපියේ සඳහන්. යහපාලන කෙප්පයේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා අසලට පිස්තෝලයක් රැගෙන යාමට ඉඩ හැරියානම් එස් එම් වික්‍රමසිංහ මහතාව ඒ මොහොතේම ක්‍රියාත්මක වන පරිදි සේවය අත් හිටුවා තිබිය යුතුයි. එසේ නොකර ඇත්තේත් එවැනි පිස්තෝල හමුවීමක් නොමැති නිසා.

 

[3]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමානම් තමන්ගේ රැස්වීම් වලට එන නිරායුධ රණවිරුවන්ව කිසිදා හරවා යවන්නේ නෑ. ඒ විතරක් නොවෙයි එතුමා උතුරු නැගෙනහිර යුද වදින රණවිරුවන් ගාවටත් ගියා. ඒ ගියේ එම රණවිරුවන් මැෂින් ගන් ඇතුළු ජීව උණ්ඩ සහිත දරුණු ආයුධ වලින් සන්නද්ධව ඉන්නකොටයි. යුද්ධයක් දිනපු නායකයෙක්ගේ ප්‍රෞධත්වය එයයි. වාකරේ මහ සටන ජයග්‍රහණය කළ රණවිරුවන්ට සුබ පැතීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ගිය මොහොත.

z_vpg03-impossible[1]

 

[4]. මහින්ද රාජපෂ මහතාට තර්ජනයක් වුණේ කොටි ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ හිතවතුන් මිස ශ්‍රී ලංකා හමුදාවන්ගේ සෙබලුන් නොවෙයි. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට මුළු ත්‍රිවිධ හමුදාවම සිටියත්, මේ වෙද්දී එතුමාගේ ආරක්ෂාව හොඳටම අඩු කර තිබෙනවා.

(i). ඊට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යන යන තැන් වල දහස් ගණනින් ජනතාව වටවීමත්, ඒක යහපාලන ආණ්ඩුවේ සමහරුන්ට ඇස් වල කටු ඇනෙනවා වගේ වීමත් නිසයි.

(ii).  දෙමළ ඩයස්පෝරා තහනම ඉවත් කිරීමත් ඒ සමගම විදේශවල සිටින කොටි හිතවාදීන්ට කිසිදු අවහිරතාවයකින් තොරව ශ්‍රී ලංකාවට ඒමට හැකි වීමත් නිසා එතුමාගෙ ආරක්ෂාව මේ වන විට බරපතල අවදානම් තත්ත්වයකයි තිබෙන්නේ.

(iii). ලංකාදීපයේ දැක්වූ ව්‍යාජ පිස්තෝල සිද්ධිය ආකාරයේ කතන්දර, යහපාලන ආණ්ඩුවෙන් ගෙතුවේ අන්න ඒක සාධාරණීකරනය කිරීමටයි.
පසුව ලියමි: ඉහත සිද්ධිය සම්බන්ධයෙන් එජාපයට සම්බන්ධ මඩ වෙබ් අඩවි වලින් එක එක කතා පළ කරන අතර, ඊට අමතරව පුවත්පත් ලිපි ලෙස පෙනෙන ආකරයට සෑදූ ව්‍යාජ ස්ක්‍රීන් ශොට් සමාජ ජාලයන්හි පළ කරමින් සිටී. ඒවාට නොරැවටෙන මෙන් අප හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

යාලුවන්ටත් ඒ ගැන දැනුවත්වීමට Share කරන්න.

Saturday, April 25, 2015

මහින්ද මැතිඳුන් නුවර එළියට - ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්.

මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය ශ්‍රී සම්බෝධි විහාරයේ බෝධි පූජාවකට සහභාගිවී සමන් දේවාශිර්වාදයද ලබා ගැනීමේ අවස්ථාවට අද සහභාගී වුණා. නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් බෝධිපූජාව පැවැත්වුණා. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස, නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පගමගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.





පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ පින්තූර.

mahinda-2[1]

mahinda3[1]

mahinda4[1]

යාලුවන්ටත් දැක බලා ගන්නට Share කරන්න.

පොලිස් රණගලගේ පහරදීම සහ ජනපතිවරණයේ කුමන්ත්‍රණ හෙළිදරව්ව.

කතුවැකිය: මෙම සියලු හෙළිදරව් වල පරමාර්ථය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත අන්තර්ජාලයේ එල්ල කරන අභූත සහ අසත්‍ය මඩ චෝදනා සඳහා ප්‍රති උත්තර ඉදිරිපත් කිරීම පමණි. මෙහිදී පුද්ගල නම් හෙළිදරව් කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ මෙම ලිපියේ කරුණු සත්‍යාපනය කිරීම මිස කිසිවෙකුවත් අපහසුතාවයට පත් කිරීම නොවේ.

[1]. මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම සඳහා ආණ්ඩු පාර්ශවයේ අය විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවකින් මෙම පෝස්ටරය දමා තිබුණි. මේ පෝස්ටරය තුළින් වැදගත් කතන්දරයක් දිගහැරේ.

ranagala

(i). එදා මහින්ද පාලනය යටතේ සරසවි සිසුන්ට පහර දීමක් ගැන ඔවුන් දමා තිබෙන පින්තූරයේ සරසවි සිසුන්ට පහර දෙන උසස් පොලිස් නිලධාරියා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධතා ඇති පොලිස් SSP ප්‍රේමලාල් රණගල මහතායි. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ තවත් පින්තූරයකි.

Capture[1]

(ii). ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී සරසවි සිසුන්ට මෙලෙස පහර දීමට මහින්ද රාජපක්ෂ මහතාට කිසි සේත්ම අවශ්‍ය නැත.

(iii). අනික් අතට පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයෙක් (SSP) මෙලෙස උද්ඝෝෂකයින්ට පහර දීම සාමාන්‍යයෙන් සිදු නොවන්නකි.

(iv). පහර දීමට කිසිදු නියෝගයක් නිකුත් කර තිබුණේත් නැති බව අපට වාර්තා විය.

(v). එසේම පළමු පින්තූරයේ දැක්වෙන පොලිස් පහරදීම් අවස්ථාවේ එහි සිටි උසස්ම පොලිස් නිලධාරියාත් SSP ප්‍රේමලාල් රණගල මහතායි.  ඒ අනුව එය මෙහෙයවූයේ රණගල මහතාගේ අණ පරිදි බවට අපට නිගමනය කිරීමට සිදුවෙයි.

(vi). පොලිස් SSP ප්‍රේමලාල් රණගල මහතාගේ සහෝදරයෙක් මෙන්ම පුතාත් එජාප ප්‍රබලයන් ය.

(vii). පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවෙන් එම පහර දීම ජනාධිපතිවරණයට පෙරදා ත් දේශපාලන ප්‍රචාරයට යොදා ගත් අයුරුයි.

ranagala1

(viii). එසේනම් ජනාධිපතිවරණයෙන් පසු මේ වන විට දින 100 කට වඩා ගත වී ඇතත් ප්‍රේමලාල් රණගල මහතාට එරෙහිව එරෙහිව කිසිදු ආකාරයේවත්  නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවී නැත. අනෙක් අතට එය එජාපයෙන් කළ මඩ ගැසීමක්නම් ඊට එරෙහිව රණගල මහතා නීතිමය ක්‍රියාමාර්ග ගෙනත් නැත. ඒ අනුව එහි සිදුවී ඇත්තේ දේශපාලන "කුමන්ත්‍රණයක්" ම බව වැටහෙයි. (පාථලී චම්පික රණවක මහතා පසුගිය ආණ්ඩුවේ සිටිමින් මුස්ලීම් ජනතාවට බැනවැදී, ආණ්ඩු මාරුවත් සමග ඒවා කතා නොකිරීමත් එවැන්නකි)

(ix). පොලිස් SSP ප්‍රේමලාල් රණගල මහතාගේ පුත් ප්‍රධාන් රණගල යනු එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වරයෙකි. ඔහුත් ඉහත පින්තූර යොදාගනිමින් කළේ ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි. ඒ ඉන්නේ තමන්ගේ පියා බව නිකමටවත් පවසා නැත.

premalal-ranagala

ප්‍රධාන් රණගලව දන්නා අය "යහපාලන ආණ්ඩුවෙන් තාත්තාට දඬුවම් ලැබුණේ නැත්තේ ඇයි?" දැයි ඇසිය යුතුයැයි සිතේ.

 

[2]. ප්‍රේමලාල් රණගල නැමැති තමන්ගේ පියා මහින්ද රාජපක්ෂ මහතාට යටහත් පහත් බව ප්‍රධාන් රණගල පැවසුවද ඔහුගේම තවත් පෝස්ට් එකකින් කියන්නේ තවත් කතාවකි. (පහත දැක්වෙන ෆේස්බුක් ස්ටේටස් එක ඔහු මකා දමා ඇතත් වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් එයම කොපි කර නැවත පළ කර ඇත)

pra

(i). නමුත් එවන් හමුදා කුමන්ත්‍රණයකට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ නැති බව අණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාම පැවසුවේය. ඊනියා හමුදා කුමන්ත්‍රණය ගැන මැකො ඇතුළු අනෙකුත් අය කී දේවල් මෙතනින්.



(ii). එවන් හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේනම් ඒ ගැන කටයුතු කිරීමට ආණ්ඩුවෙන් දින 100 ම බලා සිටින්නේ නැත. එසේම මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කිරීම සඳහා තිස්ස අත්තනායක මහතාට ඇමතිකමක් දීම වැනි විහිළුසහගත චෝදනාවක් නැගීමට අවශ්‍ය වෙන්නේත් නැත.

 

[3]. ප්‍රධාන් රණගල මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසා අතේ මාට්ටු වූ තවත් අවස්ථාවක් පහතින්. එහි විස්තර මෙතනින් කියවන්න.

10856464_758871110864295_1073830589837453706_o

 

[4]. ප්‍රධාන් රණගලගේ තවත් අතේ පැලවූ මඩක් පහතින්. මූලාශ්‍රය.

pradan

(i). නමුත් එහි සිටින්නේ ආනන්ද විජේතිලක නැමැත්තෙක් හෝ විමල් වීරවංශ මහතාට සම්බන්ධ අයෙක් නොවේ. එම පුද්ගලයාගේ නම Mohd Syakir නම් වෙයි. එම ෆේස්බුක් ප්‍රොෆයිලය දැන් ඉවත් කර ඇති නමුත් ගූගල් කෑශ් වලින් මෙතනින් බලන්න.

(ii). අපගේ තොරතුරු ජාලය හරහා ලැබුණ Mohd Syakirගේ තවත් පින්තූර පහතින්.

shakir3

shakir2

(iii). ප්‍රධාන් රණගල පවසන ආකාරයට "ආනන්ද විජේතිලක" නැමැත්තෙක් ඉහත ආකාරයේ ඇඳුම් වලින් සැරසී නොසිටින බවට ඔබට අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නැත. ඒ අනුව ජනපතිවරණයේදී මඩ ගැසීම සඳහා ප්‍රධාන් රණගල විසින් ජාතිබේධ ඇතිකළ ආකාරය පැහැදිළි නොවන්නේද?

 

[5]. ප්‍රේමලාල් රණගල මහතාගේත්, ඔහුගේ පුත් ප්‍රධාන් රණගලගේත් කුමන්ත්‍රණකාරී කටයුතු ගැන දැනගැනීමට ඒ ප්‍රමාණවත් යැයි සිතමි.

[6]. "විදේශ කුමන්ත්‍රණ" යන වචනය පවසද්දී ඒවාට ඉහත පරිදි බොහෝ අය නිශ්චිත මූලාශ්‍රදක්වන්නේ නැති බැවින් එය සමහරුන්ට විහිළුවක් වී ඇත.  එහෙත් ඉහත දැක්වෙන්නේ එලෙස විදේශ අරමුදල් හරහා පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සිද්ධීන් කිහිපයක් පමණි.

[7]. ඒ අනුව මෛත්‍රීපාලනය සහ මහින්ද පාලනය ගැන සංසන්දනය කිරීමට UPFA - Brighter Future මඩ පිටුවෙන් දැමූ පින්තූරය අතේ පැලවුණ තවත් යහපාලන පචයක් විය.

[8]. මෙහිදී ප්‍රේමලාල් රණගල මහතා සහ ඔහුගේ පුතා ගැන අන්තර්ජාලයේ මූලාශ්‍ර ඇති තොරතුරු පමණක් මූලශ්‍ර සහිතවම වාර්තා කර ඇත. ඒවා නැවතත් කියවා "කුමන්ත්‍රණ" ගැන නිගමනයට එළඹීම ඔබට බාරයි.

[9]. එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන ලංකාඊනිවුස් වැනි වෙබ් අඩවි මෙන්ම එජාප ෆේස්බුක් පේජ් වලින් පවා පසුගිය රජයේ නිලධාරීන් ගැන ලිපි ලිවීමේදී භාවිතා කරන "සට්ටැඹියා" "හොරා" "මැරයා" "මිනීමරුවා" ආදී වචන සහිත පහත් භාෂා විලාෂයන්, මහින්ද රාජපක්ෂ මහතාට පූර්ණ වශයෙන්ම සහාය දෙන එකම වෙබ් අඩවිය වන mahinda.info කිසි සේත්ම භාවිතා නොකරන අතර විරුද්ධවාදීන්ට වුවද "මහතා" ලෙස අමතන්නෙමු. එය ඔවුන් සහ අප අතර වෙනසයි.

 

යහපාලනයේ වෙනස.

[10]. පහත දැක්වෙන්නේ යහපාලන ආණ්ඩුවේ නියෝග මත 2015/03/31 දින ජයවර්ධනපුර සරසවියේ සිසුන්ට සහ භික්ෂූන් වහන්සේලාට පොලිසිය ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කළ අවස්ථාවකි. (මේ ලිපියේ මුලින්ම ඔබ වෙත ගෙන ආ පින්තූරයෙන් එජාපය සරසවි සිසුන්ව රවටන හැටි පේනවානෙ.)



[11]. සංධාන ආණ්ඩුව කාලයේදීත් එවැනි දේවල් සිදු නොවූවායැයි අපි නොකියමු. එහෙත් ඒ බලයට පත් වී අවුරුදු ගණනාවකට පසුවය. එජාපය බලයට පත් වී මාස 2 ක් ගිය තැන, පාර්ලිමේන්තුවේත් බහුතරය නොමැතිව, තවත් මහ මැතිවරණයක් ඔන්න මෙන්න තිබියදී එවැන්නක් වුණානම්, අවුරුදු 6 කට එජාපය බලයට පත් වුවහොත්, සරසවි සිසුනි ඔබට වෙන දේ සිතාගත හැකියි නේද?

[12]. අප දන්නා ඉතිහාසය අනුව අප රටේ රාජ්‍ය නායකයෙක් බුදු පිළිම වලට පහර දී කඩා දැමුවානම් ඒ ක්‍රිපූ 77 දී රජ වූ "චෝර නාග" නැමැති පාලකයා විසිනි. විස්තර. නමුත් මෑතකදී පත් වුණ යහපාලන ආණ්ඩුව, කූරගල පුද බිමට බොදු බැති ගී ගයමින් සංසුන්ව වැඩම කළ භික්ෂූන් වහන්සේලාට පහර දුන් අතර, ඉදිරියෙන් වැඩම කළ බුදු පිළිම වහන්සේටත් අධි බල ජල ප්‍රහාරයක් එල්ල කර එය කුඩුපට්ටම් කිරීමට හැදුවේය. මූලාශ්‍රය. (මෙපමණ මූලාශ්‍ර දැමීමට සිදුවන්නේ යහපාලනයෙන් අන්ධ වූ අය ඒවා දරාගත නොහැකිව එය මහින්ද යුගයේ සිදුවූවක් බව කිව හැකි නිසයි). ජල ප්‍රහාරයක් බුදු පිළිමයේ ශීර්ෂයටම එල්ල කර බුදු පිළිමය විනාශ කිරීමට හදන වීඩියෝව පහතින්.



කොහොමද මිත්‍රවරුණි ලැබුණ යහපාලනයේ වෙනස?

යාලුවන්ටත් මේවා දැනගන්නට Share කරන්න.

Friday, April 24, 2015

ගාල්ලේ පින්කමටත් ජන ගඟක් ((VIDEO))

ඓතිහාසික ගාලුපුර කච්චියවත්ත පුරාණ රජමහා විහාරයේදී මහා සංඝයා වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ මනූෂ නානායක්කාර, වෛද්‍ය රමේෂ් පතිරන මන්ත්‍රීතුමන්ලා ඇතුළු දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු අධිෂ්ඨාන පහන් ජූජා සහ බෝධි පූජා පින්කම් වලට විශාල සෙනගක් පැමිණුනා. මෙය සංවිධානය කර ඇත්තේ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා සහ ගාලු හෙළ සවිය සංවිධානය මගින්.  

පහත දැක්වෙන්නේ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි එහිදී දැක්වූ වැදගත් අදහස් කිහිපයකුයි.


මහින්ද රාජපක්ෂ මැතිතුමා දැක්වූ අදහස්.


පින්කමේ සහ මහින්ද රාජපක්ෂ මහතාව බැහැදැකීමට පැමිණි ජනතාවගේ පින්තූර පහතින්.

1610911_867409896649823_1408294696016916031_n[1]

6

1471801_867410703316409_3571926652667042439_n[1]

11182290_867409899983156_693301500963191727_n[1]

5

4

3

2

11156218_867411109983035_7663673367258827489_n[1]

1

18813_867411496649663_8830812659253065572_n[1]

 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.