Mahinda Rajapaksa: මහින්දව නීතිඥයින් 100කට අධික සංඛ්‍යාවක් වට කරයි.

Wednesday, April 1, 2015

මහින්දව නීතිඥයින් 100කට අධික සංඛ්‍යාවක් වට කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා සංධානය වෙනුවෙන් කැපවුණ නීතීඥ තුමන්ලාට සහ නීතීඥ තුමියලාට ස්තුති කිරීම සඳහා හමුවක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මීට පැය කිහිපයකට පෙර පැවැත්වුණි.

එයට "ප්‍රගතිශීලී නීතීඥයින්ගේ එකමුතුව" සහ "එක්සත් ජනතා නිදහස් නීතීඥ සංගමය" නියෝජනය කරමින් නීතීඥවරුන්/වරියන් සියයකට අධික පිරිසක් සහභාගී විය.

එහිදී ඔවුහු එක හඬින් යෝජනා කළේ ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවත්, ඊට තම පූර්ණ සහයෝගය ලබා දෙන් බවත් ය.

3

2

1

යාළුවන්ටත් බලන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.