අද උදෑසන කොටුගොඩ රාහුල මහා විදුහලේ ඉදිකර ඇති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සිසු අයිතියට පත් කිරීම සිදුවුණි.
මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගරය සිසු අයිතියට පත්කිරීම
හොරම්පල්ල සීලවිමල මහා විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගරය සිසු අයිතියට පත්කිරීම.
මහින්දෝදය
රට පුරා ඉදිකෙරමින් පවතින මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1,000 අතුරින්, බස්නාහිර පළාතේ මහින්දෝදය විද්‍යාගර 56 ක් ඉදිකර වැඩ අවසන් කර ඇත. මෙතෙක් සිසු අයිතියට පත් නෙකෙරුණූ විද්‍යාගාර කඩිනමින් වැඩ අවසන් කර විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
සෑම දෙමහල් "මහින්දෝදය" තාක්ෂණික විද්යාගාරයකම, පරිගණක 40 කින් යුත් පරිගණක මධ්‍යස්ථානයක්, පරිගණක 20 කින් යුත් භාෂා විද්‍යාගාරයක්, භෞතික විද්‍යාගාරයක්, ගණිත විද්‍යාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා "නැණසල" ඒකකයක් අඩංගු වෙයි.
මහින්දෝදය වෙනුවට ‘අකිලෝදය’ කියා දාන්නැයි ඉල්ලලා.. ප්‍රසන්න බෑ කියලා..
බස්නාහිර පළාතේ පාසල් වල ඉදිකර ඇති මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමේදී සමරු පලක සදහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරිවසම් මහතාගේ නම ඇතුලත් කරන ලෙස ඉල්ලීමක් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රතික්ෂේප කරයි. එහිදී මහ ඇමති සදහන් කර ඇත්තේ මෙම විද්‍යාගාර ඉදිකිරීම සදහා ප්‍රතිපාදන වෙන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා බැවින් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයාගේ නම යෙදීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි. එය අනුන්ගේ දරුවන්ට උත්පැන්න ලබා දීමකට සමාන කර ඇති මහ ඇමතිවරයා තමන්ට පළාතේ පාසල් ගොඩනැගීම සදහා වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රතිපාදන වෙන් කළ හොත් එම ඉදිකිරීම් අවසන් වූ පසු විවෘත කරන අවස්ථාවේදී සමරු පලක වල ඔහුගේ නම යෙදිය හැකි බවද සදහන් කර තිබේ. [LCN]
ඒ අතර ප්‍රසන්න රණතුංග ප්‍රධාන අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමේත් මෙලෙස සඳහන්.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා වලට අයත් පාසල් (ජාතික පාසල් නොවන ඒවා) ගැන තීරණ ගන්නේ පළාත් සභා වලින් බැවිනුත්, බස්නාහිර පළාත් සභාව ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් පාලනය කරන බැවිනුත්, ඉහත විද්‍යාගාර තුනේ මහින්දෝදය නම වෙනස් කිරීමට යහපාලන ආණ්ඩුවට නොහැකි වී තිබේ. පසුගිය කාලයේ මහ ඇමති වරයාව ඉවත් කිරීමට උත්සාහ කළේ මහින්දගේ වැඩ වල ප්‍රතිඵලත් දින 100 ට ඇතුළත් කරගැනීමට විය යුතුයි.
යම් හෙයකින් මහ ඇමතිවරයා ආණ්ඩුව ඉදිරියේ දණ ගැසුවානම් පහත පින්තූර වල දැක්වෙන පරිදි "රජයේ දින 100 යේ වැඩසටහනට සමගාමීව" ලෙසට ඉහත විද්‍යාගාර 3 ත් විවෘත වෙනු ඇත.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.