Mahinda Rajapaksa: ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් වුණේ වාහන දහස් ගාණක් නෙමේලු, 18 යි ලු.

Wednesday, April 1, 2015

ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් වුණේ වාහන දහස් ගාණක් නෙමේලු, 18 යි ලු.

යහපාලන ආණ්ඩුව පත් වූ වහාම, ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිතයට ගැණුන වාහන දහස් ගණනක් අතුරුදහන් වී ඇති බව පැවසුවා.

මසකට පමණ පසුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අතුරුදහන් වූ වාහන වල කිසිදු ලේඛනයක් සොයා ගත නොහැකි බවයි.

කෙසේ නමුත් පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා පහත ලේඛනය ඉදිරිපත් කරමින් පැවසූයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන වලින් අතුරුදන්ව ඇත්තේ වාහන 18 ක් පමණක් බවයි. එහි විස්තර පහත දැක්වෙනවා.

1364444368we-L[1]

වාහන අංක සහ ලියාපදිංචි වර්ෂ දෙස බැලීමේදී මේ වාහන වලින් බොහෝමයක් පරන යකඩ බඩු කඩවල ඇති බව සිතෙනවා.

වාහන සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද ප්‍රකාශයක මෙලෙස සඳහන්.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පල විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22 ක් බොරැල්ලෙන් “සොයාගත්” බවටත් තවත් වාහන 53 ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පල විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේ දී හමු වූ අතහැර දමා ඇති වාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය පරිදි වෙන්දේසි කල නොහැකි, 1980 දශකය සිට පවතින අධි ආරක්‍ෂිත වාහනය. මමත් මාගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කල සියලු වාහන නිසි පරිදි භාර දී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලට දී ඇත්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලන අංශයේ වාහන ලේඛණයේ සදහන්ව තිබෙනු ඇත.

ඉහත ලේඛනයේ සඳහන් වාහන 18 ට ද හමුවූ බව ඉදිරියේදී ඔවුන් වාර්තා කරාවි. එහෙත් එවැනි පුවත් වලට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නෑ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන දහස් ගණනක් අතුරුදන් වී ඇති බව කියමින් පසුගිය කාලයේ නැගූ මහා ඝෝෂාවක් මෙසේ අවසන් වුණා. නමුත් යහපාලන රජය විසින් ඒ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ කීර්ති නාමයට කරන ලද හානියට ජනතාව සමාව දේවිද?

මිතුරන්ටත් බලන්නට Share කරන්න.