Mahinda Rajapaksa: 19 ගැන එජාපය කණගාටු වෙන හැටි.

Thursday, April 30, 2015

19 ගැන එජාපය කණගාටු වෙන හැටි.

[1]. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත වීම එක්සත් ජාතික පක්ෂය තනිව ලබාගත් ජයග්‍රහණයක් බවත්, එය මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ලක්ෂ 58 ක ජනතාවගේ පරාජයක් බවටත්, ෆේස්බුක් හි කුලියට වැඩ කරන එජාප මඩ කල්ලිය විසින් පසුගිය දිනවලදී ප්‍රචාරය කරන්නට යෙදුණා. පහත දැක්වෙන්නේ ඔවුන් එලෙස පළ කළ මඩ පින්තූර 2ක්.

2

 

1

[2]. නමුත් සැබෑ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව පෙනී යන්නේ එජාප නායකයන්ගේ ප්‍රකාශ ඇහුණ විටදීයි. සම්මත වීමට පෙර ඉඳන්ම ඤාව් ඤාව් ගෑවේත්, සම්මත් වීමෙන් පසුව උණ ගත්තේත් කාටද කියා අප බලමු.

 

[3]. පහත දැක්වෙන්නේ 19 වන සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකුයි.



රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයේ අඩංගු වැදගත් කරුණු.

(i). විරුද්ධ පක්ෂයේ සහයෝගය නැතිව අපිට මේක සම්මත කරගන්න බෑ.


(ii). ඒත් අපිට මෙතන බහුතරයක් නෑ, මේ සුළුතර ආණ්ඩුවක්. එතන සම්මුතියකට එන්න සිදුවුණා.


(iii). අපිට තිබුණ තීරණය, මේක සම්මත කරගන්නවාද, අඩු ගානෙ අපි යන ගමනේ මේ කොටස හරි යනවාද, නැතිනම් මේක සම්පූර්ණයෙන්ම අතහරිනවාද කියලා.

 

[4]. පහත දැක්වෙන්නේ 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකුයි.



රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයේ අඩංගු වැදගත් කරුණු.

(i). අපි හැම එක්කෙනාගේම බලාපොරොත්තු 100% ක් ඉෂ්ඨ වුණේ නෑ.

(ii). කෙසේ හෝ අපි සම්මුතියකට පැමිණියා.

(iii). සියලුම මන්ත්‍රීවරුන්ට ස්තුතිය ප්‍රකාශ කරනවා.

(iv). විශේෂයෙන්ම කථානායක තුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා.

 

[5]. පහත දැක්වෙන්නේ 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කරන ලද ප්‍රකාශයකුයි.



ඔහු පවසන්නේත් ඇතිකරගත් සංශෝධනය ඉතාමත් පසුගාමී බවයි. එනම් ඔහු වෙනත් අකාරයකට කියන්නේ සම්මත වූයේ ඔවුන්ට අවශ්‍ය දේ නොවන බවයි.

 

[6]. පේනවනෙ ඤාව් ඤාව් ගාන්නේත් , උණ ගත්තේත් කාටද කියලා. ඒත් ෆේස්බුක් එකේ කුලියට ලියන UNP කට්ටිය පසුගිය දා පෙන්වන්න හැදුවේ එය ඔවුන්ගේ ජයග්‍රහණයක් කියලයි.

 

[7]. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ පිරිස් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එලෙස කළකිරීමට පත් වී සිටී. හේතුව නම් ඔවුන් බලාපොරොත්තු වූ රටට සහ ජනතාවට අහිතකර දේවල් සම්මත නොවීමයි. ජනතා ඡන්දයෙන් බලයට පත් වෙන ආණ්ඩුවට රටේ බලය හිමි වීම, පාර්ලිමේන්තුවට පරිබාහිර NGO කාරයින්ට රටේ පාලනය යාම වැළකීම, එලෙස එජාපයේ කූඨ අරමුණු පරාජය කර ජනතාව ලැබූ ජයග්‍රහණ වෙයි.

 

යාළුවන්ටත් බලන්නට Share කරන්න.