Mahinda Rajapaksa: බිලියන 30 ක කොමිස් පට්ටපල් බොරු - චීනය යහපාලන පච හෙළි කරයි. (VIDEO)

Saturday, April 4, 2015

බිලියන 30 ක කොමිස් පට්ටපල් බොරු - චීනය යහපාලන පච හෙළි කරයි. (VIDEO)

චීන රජය විසින් ඉදිරිකිරීමට ඇස්තමේන්තුකර තිබූ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ වියදමෙන් රුපියල් බිලියන 30ක් අඩු කිරීමට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදුකළ චීන සංචාරයේදී චීනය එකඟ වූ බවට අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේය.

ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ විශාල දුෂණයක් සිදුවූ බවත්, ඒ සල්ලි වලින් රැළි තබන බවත් ය.

kot[1]

යහපාලන ආණ්ඩුවේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීනය කියා සිටින්නේ එම බිලියන 30 ක් අඩු වූ කතාව පට්ටපල් බොරුවක් බවයි. ඒ බව වැඩ බලන චීන තානාපති ගරු රෙන් ෆාකියෑංග් මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ, එම පුවත දැකීමත් සමගම චීන ආණ්ඩුවෙන් අදාල චීන කොන්ත්‍රාත්කරු ගැන සොයා බැලූ බවත්, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පිරිවැය අඩු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන අධිකාරිය සමග කිසිදු එකඟතාවකට එළඹ නැති බවත්, රුපියල් බිලියන 30ක කොමිස් මුදලක් පසුගිය රජයට එම මාර්ගයෙන් හිමි වන බවට ප‍්‍රකාශ වීම අසත්‍ය බවත්ය.

රුපියල් බිලියන 66.8 ක් වූ කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා වන අස්තමේන්තුව එය ඉතා සාධාරණ මුදලක් බවද පෙන්වා දෙන චීන තානාපති තුමා, අදාළ මාර්ගය ඉදිකිරීම අසීරු කටයුත්තක් බවතත් වෙනත් රටක කොන්ත‍්‍රාත්කරුවෙකුගේ ඇස්තමේන්තු මුදල හා සසඳන විට තම කොන්ත‍්‍රාත්කරුවාගේ මුදල ඉතා පහළ මට්ටමක පවතින බවද අවධාරණය කරයි.

රාජිත සේනාරත්න පැවසූ පරිදි රුපියල් බිලියන 30 ක් අඩු වීමට අනුවනම්, රුපියල් බිලියන 66.8 වන සම්පූර්ණ ව්‍යාපෘති පිරිවැයෙන් අඩක් පමණ අඩු වීම විය නොහැක්කකි.

රාජිතගේ අතේ පැලවූ යහපාලන පචය සහ ඊට චීන තානාපති ගරු රෙන් ෆාකියෑංග් මහතා ලබා දුන් පිළිතුර පහත වීඩියෝවෙන්.



යහපාලන ආණ්ඩුව විසින් මහින්ද ආණ්ඩුවට මෙලෙස ව්‍යාජ කොමිස් චෝදනා එල්ල කිරීම යනු, චීන රජයටත් කරන චෝදනාවකි. චීනයේ සියලුම කොන්ත්‍රාත් සමාගම් චීන රජයේ සම්පූර්ණ අධීෂණයට යටත් වීම ඊට හේතුවයි. එනිසා ශ්‍රී ලංකාවේ සමීපතම හිතවතෙක් මෙන්ම ලෝක බලවතෙක්ව අමනාප කර නොගන්නා ලෙස ජනතාව මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුයි.

මාර්ග ව්‍යාපෘතියේ මුළු පිරිවැය, මහා මාර්ගයේ දිගින් බෙදා එවිට මීටරයකට රුපියල් මිලියන 7 ක් යන බව කියමින් යහපාලන ආණ්ඩුව විසින් ජනතාව නොමග යැවීමත් සිදුකරයි. ඒ සඳහා mahinda.info වෙබ් අඩවිය වෙතින් ඔබ වෙත පහත කරුණු දැක්වීමට කැමතියි.

අධිවේගී මාර්ගයකට යන වියදම යනු එහි කොන්ක්‍රීට් දැමීමට සහ පඩි ගෙවීමට යන වියදම පමණක් නොවේ. පහත වියදම් ඊට අඩංගු වෙයි.

1 - මහා මාර්ගය සඳහා ඉඩම් අත් පත් කරගැනීමට වැය වන මුදල. - කොළඹ පර්චස් එකක වටිනාකම ලක්ෂ 150 කට අධික වෙන අවස්ථා තිබේ. කිලෝමීටර් 9.5 ක් සඳහා ඉඩම් මිලදී ගැනීමේදී යන මුදල සිතාගන්න පුළුවන් නේ.

2 - වන්දි ගෙවීමට වැය වන මුදල. - ශ්‍රී ලංකාවේ නාගරික ජනගහන ඝනත්වය අධිකව පවතී. ඉතින් අලුත් මාර්ගයක් ඉදි කිරීමේදී එම මාර්ගය වෙනුවෙන් කඩා ඉවත් කරන නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි වෙනුවෙන් බිලියන ගණනින් වන්දි ගෙවීමට සිදුවේ. ඒවා ඉඩම් අත්පත් කරගැනීමට වැය වෙන මුදලට අමතරව ගෙවීමට සිදුවෙයි. එම වන්දි මුදලත් ව්‍යාපෘති පිරිවැයට එකතු වෙයි. එහෙත් යහපාලන ආණ්ඩුව විසින් ව්‍යාපෘති පිරිවැය සංසන්දනය කර පෙන්වන විදේශ රටවල අලුත් මාර්ග ඉදිකිරීම උදෙසා විශාල ඉඩ තිබෙන අතර එනිසා වන්දි ගෙවීම්ද අඩු යි.

3 - භූ විෂමතාවයන් සකස් කිරීමට වැය වන මුදල. - මෙහිදී කළුගල් පෙරලෙන්නේ නැති ලෙස සැකසීමටත්, ප්‍රපාත නාය යන්නේ නැති ලෙස කොන්ක්‍රීට් දැමීමටත්, පස බුරුල් ස්ථාන වල මීටර් සිය ගාණක් යටට කොන්ක්‍රීට් අත්තිවාරම් දැමීමටත් සිදුවෙයි. එම වියදමත් ව්‍යාපෘති පිරිවැයට එකතු වෙයි.

11137693_891111114279659_1320694962_o

11086425_891111117612992_1448477961_o

11132096_891111110946326_1971810863_n

11139758_891111077612996_338434354_n

4 - ගුවන් පාලම්, බෝක්කු, පාලම් සඳහා වැය වන මුදල. - නිවාස සහ වෙනත් මාර්ග අවහිර නොවන පරිදි ගුවන් පාලම් සෑදීමට අවශ්‍ය වෙනු ඇත. එසේම ඇළ මාර්ග උඩින් බෝක්කු සහ ගංගා උඩින් පාලම් සෑදීමට සිදුවෙයි. එවිට අධික පිරිවැයක් යයි.

5 - වෙනත් පාරවල් සහ රජයේ ගොඩනැගිලි කැඩී යාමෙන් ඒවා නැවත ඉදි කිරීමට වැය වෙන මුදල. - රජයට අයත් වෙනත් ස්ථාන හරහා මාර්ගය ගමන් කරද්දී ඒවා ඉවත් කිරීමට සිදුවුවහොත් ඒවා යළි සැකසීමට යන පිරිවැයත් සමස්ත මහා මාර්ගයේ ව්‍යාපෘති පිරිවැයට එකතු වෙයි.

11033439_891111094279661_165662087_o

6 - මහින්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව ආගමික ස්ථාන බේරාගනිමින් මාර්ගය යද්දී වැඩිපුර යන මුදල. - එවකට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව බෝධීන් වහන්සේලා, සිද්ධස්ථාන ඇතුළු සියලුම ආගමික ස්ථාන වලට හානියක් නොවන පරිදි එම මාර්ග ඉදිකර ඇත. ඒවා බේරාගනිමින් අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී මූල්‍යමය වශයෙන් පිරිවැය අධික ස්ථාන වලින් මාර්ගය ගමන් කරයි.

7 - ඉදිකිරීමේ යන්ත්‍ර මිලදීගැනීමට වැය වෙන මුදල - ආර්ථික වශයෙන් දියුණු රටවල අධිවේගී මාර්ග ඉදිකිරීම ඇරඹුනේ මීට දසක කිහිපයකට පෙර සිටයි. එනිසා ඒ රටවල් වල අලුතෙන් මාර්ග ඉදි කිරීමේදී එකල භාවිතා කළ යන්ත්‍රම භාවිතා කරයි. එහෙත් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ක්‍රමවත්ව ආරම්භ වූයේ මෑතක මහින්ද යුගයේදී නිසා බොහෝ සංවර්ධන යන්ත්‍ර එනම් JCB, කැටපිලර්, ටිපර්, දොඹකර, ගල් රෝල් ආදිය අලුතෙන් මිලදීගැනීමට සිදුවිය. ඒවා ප්‍රාග්ධන වියදම් වුවද ව්‍යාපෘති පිරිවැයට අන්තර්ග්‍රහණය කිරීමට සිදුවීමෙන් ව්‍යාපෘති පිරිවැය ඉහල යයි.

ඒ කාරණා අනුව, අඩියකට මෙච්චරයි...මීටරේකට මෙච්චරයි කියමින් ලොකු ඉලක්කමක් කියා ජනතාව රවටන යහපාලන වංචාව ඔබට වැටහෙනවා නේද?

මේවා ගොඩ දෙනෙක් තවම දන්නේ නෑ. එනිසා මෙම ලිපිය බෙදා හැරීමට Page/group වල Share කර ඔබට හැකි පමණින් කාරුණික සහය ලබා දෙන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

10 comments:

  1. Mehema boru valata apiva thavath ravatanna behe. mahinda.info sthuthiy ikmanin nivaradhi karana ekata.

    ReplyDelete
  2. Mahinda Rajaya rata sanvardhanaya keruve anaagatha parapura venuven. mey boru valin apita vadak nehe.

    ReplyDelete
  3. Mahinda Rajapaksa Janadipathithuma apey Jeevamaana DEVIYO!!!

    ReplyDelete
  4. pa-rajithayaa boruwea ulpathayi , thopilaa kotharam musaawaadha aedhabaewath ,Mahindha mahathaa pramuka apa saeleannea naehae. Thopalaage musaawaadhaya thaawakilika bawa dhenaganillaa

    ReplyDelete
  5. Bihisunu kuriru yudha biya mehi thuran keruu..Janapathi obai Siri Laka surapurak keruu..

    ReplyDelete
  6. Niridhun obai jana ganga sith vasagha keruu..DEVIDHUN obai apa hadha pudhasunak keruu..

    ReplyDelete
  7. තවත් කරැණක් තමයි දක්ෂීණ අධිෙව්ගය හදද්දි ඒ සදහා නිවාස ෙද්පළ පවරාගත් උදවියෙග් පවුල් වල සාමාජිකයින්ට වෘත්තීය පුහුණුව ස‍දහා ෙයාමු කිරීම. ෙමහිදීද ඔවුන් කැමති පාඨමාලාවන් හැදෑරීම සදහා
    විශාල මුදලක් අදාල වෘත්තීය පුහුණු අායතන ෙවත ෙගවන ලදී. ෙමම මුදල්ද අදාල මහාමාර්ග ව්‍යාපෘතිෙය් සමස්ථ පිරිවැයට අැතුලත් වුණි.

    ReplyDelete
  8. Thank you very much for the explanation. Now we can understand what they had done.will try to distribute all.

    ReplyDelete
  9. This shows the actual pattern for any mega project. If mega projects are not carried out, how could a great nation origin. It was very fortunate countries like US, UK, Japan, Germany, HK, Malaysia, Korea, France, etc. do not have 'Yahapalana Group of Academics and Professionals'like in Sri Lanka. I know for sure, they understand this situation, yet, they pretend that they are correct. One day, they have to follow the same for any mega project. Further, Country like China should be well respected due to the fact that they are always with Sri Lanka at good and bad times.

    ReplyDelete
  10. election eka tiyanne natiwa hitiyanam ada lankawa godak diunu ratak... maindagen thora Lankawak gana hitannawat bari taram ... sinhala apita Mahinda onimayi.. ea ape Sihala nayakaya...Great Sinhala Leader...

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.