එහිදී දකුණු පළාත් සභාවේ ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රී තුමන්ලා 32 න් 27 දෙනෙක් පැමිණි අතර, දකුණු පළාතේ පළාත් පාලන ආයතන නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීතුමන්ලා 317 න් 300 දෙනෙක් පැමිණියා.
ඔවුන් එක හඬින් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයේදී ඉදිරිපත් වෙන ලෙසයි. මහින්ද රාජපක්ෂ මහතා ඕනෑම පක්ෂයකින් හෝ ඕනෑම ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වුවද තම සහයෝගය ලබා දෙන බව ඔවුන් මහ හඬින් ප්රකාශ කළා.