Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය සහ ආහාර අනුභවයේ පින්තූර

Tuesday, April 14, 2015

මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය සහ ආහාර අනුභවයේ පින්තූර

Mahinda_Rajapaksa_3_2[1]

උදා වූ අලූත් අවුරුද්ද සමස්ත ශ‍්‍රී ලංකාවාසී ජනතාවට සාමය, සතුට සෞභාග්‍ය සපිරේවා යැයි ප‍්‍රාර්ථනා කරමි.

අලූත් අවුරුදු සමයේ හෙලයේ සූර්ය මංගල්‍යයේදී අප ශ‍්‍රී ලංකාවාසී ජනතාව ද, ගහකොළ ද, සතා සීපාවෝද නව ජීවයක් ලබා ගනී.

එසේම චිරාත් කාලයක් මුළුල්ලේ පැවැත්වූ මෙම මංගල්‍යය ජාතියේ ඒකාග‍්‍රතාවය ගොඩනැගීය.

සමස්ත ජාතියම එකම මොහොතක වැඩ නවත්වා පුණ්‍ය කටයුතුවල යෙදී ලිප ගිනි දල්වා ආහාර අනුභව කොට ගනුදෙනු කර වැඩ ඇල්ලීම තුළින් ගොඩනැගෙන්නේ ජාතියේ එකමුතුකමයි.

එසේම සම්මතයට අනුව අප ඉටු කරන අවුරුදු චාරිත‍්‍ර සියල්ල ගුණගරුක ජාතියක් ගොඩනැගීමට මඟ පෙන්වයි.

මේ මහඟු සූර්ය මංගල්‍ය මුලූමහත් දේශයටම එක්ව නිදහසේ පැවැත්වීමට හැකි තත්වයට අප මාතෘ භූමිය ගොඩනැගුවෙමු.

එබැවින් ජනතාව සමග අප අලූත් අවුරුදු චාරිත‍්‍රවල යෙදුනේ ජාතියටම මෙම උළෙලෙන් ලැබෙන වටිනාකම හොඳින් වටහාගත් නිසා ය.

සියලූ වාදභේද පසෙකලා මෙවර ද මේ රටේ සෑම පවුලක්ම තම දරුවන් සමග එක්ව අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරමි.

ඔබ සැමට සාමය, සතුට පිරි සුබ අලූත් අවුරුද්දක් වේවා…!

මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති



පහත පින්තූර වල දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නිවසේ පැවැති, නැකතට ආහර අනුභව කිරීමේ අවස්ථාවයි.

11

10

9

8

4

5

6

7

3

w

e

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

23 comments:

  1. බෙන්තර කොල්ලෙක්..April 14, 2015 at 8:00 AM

    ඔබතුමාටත් එසේම වේවා..

    ReplyDelete
  2. apea rata saubhaagya udaa kala naayakayaneni, Obathumaatath Pavulea samatath suba aluth avurudhdhak veava. ratata obathumaagea naayakathwaya yalith awashayayi.yalith apea rata beara ganu manawi.

    ReplyDelete
  3. Jana Hadha Dhinu Mahindha Mathiduntadha sathuta piri Nawa Wasarak Wewa

    ReplyDelete
  4. oba nathi ratata ada awurudu natha. yali ma ratata awurudu gendenna obata ravana rajuge sita sri wickrama rajudakawama rajunge joda bala joda shakthiya lebewa.
    obata saha pawule semata suba anagathayak............

    ReplyDelete
  5. අවුරුදු තිහක් පුරාවටම ශ්‍රී ලංකාව තුල පැවති යුද්ධය නිමා කළ ඔබ තුමාට සුභම සුභ අළුත් අවුරුද්දක වේවා. කවුරු මොනවා කිව්වත් අද රටම අවුරුදු කන්නේ ඒ යුද්ධය නැති නිසා.... තෙරුවන් සරණයි...

    ReplyDelete
  6. Obathuma yalith rata baaragath davasata api hithey hatiyata avurudu kanavaa!

    ReplyDelete
  7. Apey sadaadaraneeya Janapathi Mahinda Methidhunta Subama Suba Aluth Avuruddak veva!!

    ReplyDelete
  8. ඹබතුමා අැතුලු පවුලේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!නැවත එන්නැයි ඉල්ලා සිටිමු.ස්තුතිය්

    ReplyDelete
  9. ඔබතුමාට සුබඅලුත් අවුරුද්දක් වේවා ඔබ තුමා නිසා තමයි අද අපි බයෙන් සැකයෙන් තොරව අවුරුද්ද සමරන්නේ ඒ පින ඔබතුමාට ජාති ජාතිත් ලැබෙනවා අපේ ප්‍රාර්ථනාව ඔබතුමා නැවත අප රටේ අසහාය නායකයා වෙනවා දකින්නැයි ඒ දිනය එන කම් අපි ඇගිලි ගණන් කර කර ඉන්නේ ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි

    ReplyDelete
  10. niyami sir.....kaseruka nathi wadabawayata pathuna palakayo inn ape rate thaththalata ammalata thamange daruwannta pennwanna metika athi.....dirgayu !!!!!!

    ReplyDelete
  11. oba thumata subama suba aluth awruddak wewa ape janapathitumani..Oba thuma rate wenath nayakayanta adarshayak janapthitumani.edawage dan poyata banakiyana ewa awrudu charitha ada natha oba thuma ratata adarshayak dunna.oba thumata niyatha jaya Budusaranai.........Makola hasith

    ReplyDelete
  12. Idhiri mathiwaranayedhi jaya labaa Oba sahaa api samadha awurudhu samaramu,

    ReplyDelete
  13. චාමික ජයසේකරApril 14, 2015 at 5:35 PM

    වෙනදා කෙටි පණිවිඩයකින් සුබ පතන අපේ මහින්ද මහත්තයා වෙනුවට අපේ රට විනාශ කරන මේ රට විජාතිකයාට පාවලා දෙන රූකඩ නායකයෙක්ගේ පණිවිඩයක් අපේ ජංගම දුරකථනවලට ආවේ මීට වඩා හොදයි ප්‍රභාකරන් සුබ පැතුවා නම් කියල හිතුනා කමක් නෑ අපි ලබන අවුරුද්දේ අවුරුද්ද මහින්ද මහත්තයා එක්ක ලෝකෙටම පේන්න උජාරුවට හිතේ සන්තෝශයෙන් සමරමු.අපි ජනාවාරි 8 වෙනිදා හඩපු කදුලුවල වාඩුව අපි ඊලග ඡන්දේදී අපේ රුහුණේ සිංහයා දිනවලා ලබා ගමු....මෝඩ තීන්දු ගත් පිරිසගේ දෑස් පෑදේවා ඔවුන්ද මේ රටට ආදරය කරන පිරිසක් බවට පත්වීම්ට අවශ්‍ය අවබෝධය ලබත්වා....!!! සැබැවින්ම මේ රටට ආදරය කල ලක්ෂ 58 කගේ බලාපොරොත්තුව ඉහලින් ඉෂ්ට සිද්ධ වන වසරක් වේවා...!!! මේ රටේ දැවැන්ත යුද්ධයක් කරමින් මේ රට මහා සංවර්ධනයක් කරා ගෙන ගිය යුගයේ ජනාදර නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රට වෙනුවෙන් නැවත වාරයක් සේවය කිරීමට අවස්ථාව උදාවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ...!! එතුමාට නිදුක් නිරෝගී චිර ජීවන සම්පතිතිය උදාවේවා....!!!

    ReplyDelete
  14. අනේ සමාවෙන්ඩ,පහුවෙලා තමයි සුබ පතන්ඩ සිද්ධ වුණේ..මේ දවස් ටිකේම පරිගණකය පැත්ත පළාතේ එන්ඩ බැරි වුණා. හුස්මක් ගන්ඩ බැරි තරම් කාර්යබහුල වෙලා හිටියේ.

    අපේ මේ ශ්‍රී ලංකා භූමියේ පැවති මිනීමරු ත්‍රස්ත යුගය නිමාකොට මේ රටේ සතර දිග්භාගයේ වෙසෙන ජනයාට නිදහසේ සතුටින් අලුත් අවුරුදු සැමරීමට හැකි වටපිටාවක් උදාකර දුන් අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත්, ගරු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මැතිතුමාටත්,මේ රටේ බහුතර ජනතාව අවුරුදු සමරණ විට තම සතුට පසෙක තමා ඒ සතුට ඔවුන්ට රැක දීම දීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව පෙරට ගිය අපේ වීරෝධාර රණශූර රණවිරුවනටත්,අපේ සිතට මහත් අස්වැසිල්ලක් ගෙන දෙමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සම්බන්ධ පුවත් අපවෙත රැගෙන එන mahinda.info හි අප හිතවත් මහත්ම මහත්මින්,අයියලා අක්කලාටත්,එම පුවතට ශක්තියක් වෙමින් මෙහි තම අදහස් ඉදිරිපත් කරණ රට ජාතියට හිතැති හිතවත් ඔබ සැමටත්...

    නිදුක් නිරෝගී ඉසුරුමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  15. ඔබ ඇතුළු සියලුම කොමෙන්ට් කරන හිතවතුන්ට සහ හිතවතියන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. අපිත් බැලුවා කාලෙකින් Powerගේ කොමෙන්ට් නොදැක්කේ ඇයි කියලා.

    ReplyDelete
  16. Siyalu sathwayanta meth karunaa dhakwana api mae awasthawa ledae dhuke pasuwena PAALA janadhipaththumatath WAIRAYA THURANWU subha Nawa Wasarak wewaa kiyaa pathamu, API WAIRA NOKARANA ATHTHO WETHWA!!

    ReplyDelete
  17. Obathumatath Pavle samatath Rata pura MR fans siyalu denatath Lova pura visira sitana MR ta adaraya karana siyallantath Avurudda JAYAVEVA!!

    ReplyDelete
  18. Mahinda.info Editor athulu samata mey karana suvisheshi mehevarata sthuthiya samaga Suba Nava Vasarak Veva!!!

    ReplyDelete
  19. Labana vasare api hamoma ekathu vela APPACHCHI samaga jayatama AVURUDU KAMU!!!!

    ReplyDelete
  20. ජනපති තුමනි,ඔබට සහ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක වේවා.නන්දන- රත්නපුර

    ReplyDelete
  21. අද තමා ෙම් පැත්තට ඒන්න අවස්ථාවක් ලැබුෙණ්. අපි ෙපාඩි නෑමනක් ගියා. කමක් නෑ දැන්වත් සුභ පතන්නම්ෙකා. අෙප් රට ජාතිය ෙබ්රා ගැනීම සඳහා නායකත්වය ලබා දුන් ෙස්නාධිනායක අතිගරු ජනාධිපති මහින්ද ජාජපක්ෂ මැතිඳුන්ටත්, ඔබ තුමාෙග් පවුෙල් සියලු ෙදනාටත්, අප රට ෙබ්රා ගැනීමට තමන්ෙග් දහඩිය මහන්සිය ෙහලූ සියළුම රණවිරුවන්ටත්, mahinda.info ටීම් එෙක් අයටත් ලැබුවා වූ සිංහල හා ෙදමළ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් ෙව්වා......!

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිඳුන් නැති රටක, අපිටනම් ෙමාන අවුරුදුද........? ඔබ සැමට සුභ අනාගතයක්.

    ReplyDelete
  22. ඔබ ඇතුළු මෙම වෙබ් අඩවිය කියවන සියලුම හිතමිතුරන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  23. Ape Uthum Janapathinduntath pavule samatath obathuma wenuwen sitina hithawath samatath siyalu thorathuru apata labadena mahinda.info soyuru soyuriyantath subhama subha nawa wasarak wewa! Yalith Ape janapathinduge sms suba pathumak samaga labana wasara arambeemata apata wasanawa labewa !

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.