Mahinda Rajapaksa: අල්ලස් කොමිසමේ මහින්දව ප්‍රශ්න කළොත් වෙන දේ මෙන්න.

Monday, April 20, 2015

අල්ලස් කොමිසමේ මහින්දව ප්‍රශ්න කළොත් වෙන දේ මෙන්න.

දින 100 වැඩසටහන අවසන් වුවත් රටට කළ අලුත් දෙයක් නැති..., අල්ලපු හොරෙක් නැති..., ඒ අතර ජාතික ආරක්ෂාව පාවා දී ඇති...මෙවන් අවස්ථාවක එජාප පාක්ෂිකයින්ව රැවටීමට සිදුකරන අලුත්ම උපක්‍රමය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට හැදීමයි. ඒ ගැන මූලාශ්‍ර / සාක්ෂි සහිතව විමසා බලමු.

[1]. රනිල් වික්‍රමසිංහ මහතාට සම්බන්ධ ලංකාදීප පුවත්පතෙන් විස්තර කරන පරිදි මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන ඒමට හේතු මෙලෙසයි.

lankadeepa

(i). ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබියදී ඇමතිවරයෙක් පත් කිරීමට නොහැකි බව අප දන්නා තරමින් රටේ කිසිදු නීතියක සඳහන් වන්නේ නෑ. එලෙස නීතියක් නොමැතිනම් එය වරදක් කීමට නොහැකියි.

(ii). ඇමතිවරුන්ව පත් කිරීම ජනාධිපතිවරයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලයක්. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසමේ සභාපතිට නොහැකියි.

(iii). මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දී මොහොතකට පසුව
- ඒ වෙනකොටත් හිටපු අග්‍රාමාත්‍යවරයාව ක්‍රමවත් ආකාරයකට ඉවත් නොකර
- පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව ඔප්පු නොකර
රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළා. එයත් අල්ලසක් ලෙස සලකා මෛත්‍රීපාල සිරිසේන මහතාව සහ රනිල් වික්‍රමසිංහ මහතාවත් අල්ලස් කොමිසමට ගෙන ඒමට සූදානම් ද?

(iv). රනිල් වික්‍රමසිහ මහතා අග්‍රාමාත්‍ය ලෙස පත් වූයේ
- මහ මැතිවරණයකින් ජය අරන් නොව, මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පිහිටෙනුයි.
- පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් එතුමාට සිටින බව ඡන්ද විමසීමක් වැනි ක්‍රමවත් ආකාරයකට මහජනතාවට ඔප්පු කිරීමෙන් නොවෙයි.
- ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංගයකට අත්සන් බහුතරය එකතු වීමෙන් පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාට නැති බව ඔප්පු වුණා.
- මුදල් පනතක් පරාද් වීමෙනුත් පාර්ලිමේන්තු බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාට නැති බව ඔප්පු වුණා.
එසේ වී තිබියදීත් රනිල් වික්‍රමසිංහ මහතාට දිගටම අග්‍රාමාත්‍ය තනතුරේ සිටීම අල්ලසක් නොවේද?

(v). ඒ අනුව මිත්‍රවරුණි, තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමතිකම දීමට වඩා බරපතල ප්‍රශ්නයක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය තනතුර ලබා දීමයි. ඒ ගැන එජාප නීතීඥයින් කතා නොකිරීම පුදුමයක් නොවෙයි.

(vi). තිස්ස අත්තනායක මහතාට ඇමතිකම දීම අල්ලසක් නම්, ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් සියලුම මන්ත්‍රීවරුන්ට පාහේ ඇමතිකම් මෙන්ම හිරුණිකා වැනි පුංචි අයට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට බඳවාගැනීම ආදිය අල්ලස් නොවේද?

 

[2].  මහින්ද රාජපක්ෂ මහතාව රැක ගැනීමට ලක්ෂ 58 ක ජනතාව ඉදිරිපත් වුවත් තවත් පිරිසකට ඒ ගැන තැකීමක් නෑ කියමු. එහෙත් අප රටෙ සියලුම දෙනා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීමට බැඳී සිටිනවා.

(i). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙලෙස සඳහන්. මූලාශ්‍රය

constitution

(ii). ඒ අනුව දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ඉඩ දීම යනු රටේ නීතියේ ස්වාධිපත්‍යය නැති කර රට අරාජික තත්ත්වයකට ඇද දැමීමකුයි.

 

[3]. මහින්ද රාජපක්ෂ මහතාව ගෙනැවිත් ප්‍රශ්න කිරීමට උත්සාහ දරන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය කවුදැයි අපි බලමු.

dilrukshi-dias[1]

(i). ඇය 2003- 2008 කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටිය දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරිය වශයෙන් කටයුතු කිරීම මඟි‍න් , රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බව චෝදනා වෙනවා. ආයතන සංග්‍රහයට අනුව එක් ආයතනයක සේවයේ යෙදී සිටියදී තවත් ආයතනයක තනතුරු දරමින් වැටුප් හා වරප්‍රසාද ලබා ගැනීම වරදක්. මුලාශ්‍රය

(ii). ඇයට එරෙහිව බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් පවා චෝදනා එල්ල වුණා.


(iii). "මහමැතිවරණයට පෙර මහින්දවාදී හිටපු ඇමැතිවරු 05ක් අත්අඩංගුවට.." මැයෙන් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන බවට වර්තා වෙන වෙබ් අඩවියක් වන theindependent.lk හි සඳහන් වන්නේ මෙලෙසයි.
"මොවුන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව තමාට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පත් වීමක් ලැබීමට නියමිත බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියවන දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය වැඩිදුරටත් පවසා ඇත." මූලාශ්‍රය

(iv). දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට එරෙහිව තවත් චෝදනා ගණනාවක් විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළා. මේවා බොරුනම් එජාප ක්‍රියාකාරීන් ෆේස්බුක් එකේ තැන තැන කොමෙන්ට් නොකර සෘජුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි අභියෝග කරනවා.


(v). දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය තමන්ව පළමුවෙන්ම හැඳිනගත් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පෞද්ගලික හිතවත්කම් මත මෙම අල්ලස් කොමිසමේ කටයුතු සිදුවෙන බව පැහැදිළියි.


(vi). ඒ අනුව ඇය වැනි චරිතයක්, මහින්ද රාජපක්ෂ මහතාව ප්‍රශ්න කිරීමට සුදුසු දැයි ඔබම සිතා බලන්න.

 

[4]. ජනාධිපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ මහතාට සහ එවකට තිබූ සංධාන රජයට එරෙහිව එජාපය ප්‍රමුඛ එවකට විපක්ෂයෙන් එල්ල වූයේ  මහා පරිපාන ව්‍යාපෘති වලින් රුපියල් බිලියන ගණනින් වංචා කළා වැනි බරපතල චෝදනා යි.

(i). පසුගිය ආණ්ඩුවේ සිදුවුණා කියමින් ආණ්ඩු පෙරලීමට පවා හේතු වූ ඊනියා මෙගා ඩීල් ගැන රටටම පේන විදිහට කඩිනමින් පරීක්ෂණ කරතැයි අපිත් බලාපොරොත්තු වුණේ එවිට ජනතාවට සත්‍යය දැනගත හැකි වෙන නිසයි.

(ii). ඒත් දින 100 තුළ සිදුවූයේ ෆයිල් මිටි උස්සන් අල්ලස් කොමිසමට ගොස් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම සහ විමල්ගේ බිරිඳගේ පාස්පෝට් එක සෙවීම වැනි මාධ්‍ය සංදර්ශන කිහිපයක් පමණයි.  ඒවාත් බොරු චෝදනා බව පසුව ඔප්පු වුණා.

(iii). එසේ වුණේ ඔවුන් ජනපතිවරණ වේදිකාවේ බේගල් කියා ජනතාව රැවටුවත්, එවැනි ඊනියා මෙගා ඩීල් ගැන අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භකිරීමට තරම්වත් ඔවුන්ට හේතු කාරනා නැති වීම මිස වෙන කුමක්ද?

(iv). ඇමති ධූරයක් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. (වෙන විදිහකට කියනවානම් ඇමති කමක් දීමත් යහපාලනේට මෙගා ඩීල් එකක් ලු).

(v). තිස්ස අත්තනායක මහතාට ඇමති කමක් දීම වැනි ඉතාමත් සාමාන්‍ය දෙයක් ගැන මහින්ද රාජපක්ෂ මහතාව ප්‍රශ්න කිරීමට ප්‍රයන්ත දැරීම ලෝක විහිළුවක් වන්නේ අන්න ඒ නිසයි.

 

[5]. තිස්ස අත්තනායක මහතාට එරෙහිව තිබූ චෝදනාව ලෙස වාර්තා වූයේ කූඨ ලේඛනයක් සෑදීමයි.

(i). නමුත් තිස්ස අත්තනායක මහතා පෙන්වූ ගිවිසුම ලෙස අන්තර්ජාලයේ පළවූ ලේඛනයේ ඇති බරපතල කරුණු සියල්ලම පාහේ මේ වන විට ඉටු වී තිබෙනවා. මූලාශ්‍රය

tissa

(ii). ව්‍යාජ ලේඛන සෑදූ බව කියමින් අත් අඩංගුවට ගත් තිස්ස අත්තනායක මහතාව පසුව සාක්ෂි නොමැති බව කියමින් නිදහස් වුණා. මේ ගැන BBC වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙයි.
"ව්‍යාජ ලේඛන සැකසු බවට චෝදනා ලබා රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු සෞඛ්‍ය ඇමති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඇප මත නිදහස් කොට තිබේ.
තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කූට ලේඛන සකස් කල බවට දැනට සිදු කළ පරීක්ෂණවලින් සාක්කි අනාවරණය නොවන නිසා ඔහු ඇප මත නිදහස් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය."

 

[6]. මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන ඒම යනු එතුමාට අපහාස කිරීමේ උපක්‍රමයක් පමණයි.

(i). උදාහරණ වශයෙන් තිස්ස අත්තනායක මහතාගේ සිද්ධිය බලමු. මේ ලේඛකයා දන්නා තරමින් එතුමා යහපත් දේශපාලඥයෙක්. එවැන්නෙකුට පවා සාක්ෂි නොමැතිව මාංචු දමා සිදුකරනු ලැබුවේ හුදු පළි ගැනීමක් බව ඔප්පු වුණා. එසේනම් මහින්ද රාජපක්ෂ මහතාට කරන්නේ යන්නේත් ඒකම නොවේද?

tissa

(ii). අනික් අතට පසුගිය කාලයේ අල්ලස් කොමිසමට ගෙනවුත් කිහිප දෙනෙකුවම ප්‍රශ්න කෙරුවා. ඒ කාටවත් එරෙහිව කරපු දෙයක් නෑ. මෙය හුදු මාධ්‍ය සංදර්ශනයක් වන්නේ එනිසයි.

(iii). නමුත් මිත්‍රවරුණි, මාධ්‍ය සංදර්ශන කරමින් "ආතල් ගැනීමට" අප රට එක් සේසත් කිරීමේ මානුෂික මෙහෙයුමට සේනාධිනායකත්වය ලබා දුන් ජනාධිපතිවරයෙක්ව සම්බන්ධ කරගැනීමනම් සුදුසු දෙයක් නොවේයි. ප්‍රභාකරන්ගේ නැති වීම නිසා වේදනාවෙන් සිටින ජාත්‍යන්තර කොටි ජාලයේ ඊළඟ පියවර මීට වඩා බරපතල දෙයක්.

 

[7]. මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ දරන්නේ ඒ සඳහා කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොමැතිවයි.

(i). ඒත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් දේශපාලඥයින් සම්බන්ධව සාක්ෂි තිබෙන දේවල් ගැන කතා නෑ. උදාහරණ ලෙස පසුගිය කාලයේ රූපවාහිනියේ විකාශය වූ පහත වීඩියෝව මදකට අසා බලන්න.



 

[8]. සරත් ෆොන්සේකා මහතාව සිරගත වීමෙන් සිදුවූයේ දේශපාලන පළිගැනීමක් බවත් එනිසා ඒ ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාවත් සිරගත කිරීමේ වරදක් නැති බවත් දැඩි එජාප හිතවාදී පිරිස් පවසනවා.

(i). නමුත් සරත් ෆොන්සේකා මහතාව සිරගත වූයේ ඔහු පැවසූ සුදුකොඩි කතාව මගින් රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා එල්ල වීම ඇතුළු කාරණා කීපයක් නිසයි. සුදුකොඩි කතාව පහතින්.



(ii). "යුධ භූමියේ ඉන්න අයට නොයෙක් වැරදි උපදෙස් දීල තියෙනවා අවස්ථාවෙන් අවස්ථාවට. ඒවා ගැන මාධ්‍යවේදීන් යුධ භූමියේ හිටපු අය දැනගෙන ඉඳලා තියෙනවා. ඒ මාධ්‍යවේදීන් ප්‍රකාශ කරපු දේවල් තමයි අපි කියලා තියෙන්නේ, ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුණත් වෙඩි තියන්න..." - සරත් ෆොන්සේකා

(iii). යුධ හමුදාවේ ඉහලින් එන නියෝග ඉතාමත් රහසිගතයි. ඒවා යුධ භූමියේ සිටින වාර්තාකරුවන්ට අහන්න ලැබෙන්නේ නෑ. ඒ අනුව සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය කිසිදු පදනමක් නැති බව පැහැදිළියි. නමුත් එතුමාගේ ප්‍රකාශය පදනම් කරගනිමින් අදටත් අපේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් යුධ අපරාධ චෝදනා එල්ල වෙනවා.

(iv). එවන් බරපතල චෝදනාවක් තිබියදී සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ කටයුතු මහින්ද රාජපක්ෂ මහතා නැවැත්වූවානම් එය අධිකරණයට ඇඟිලි ගැසීමක් ලෙස නම් වීමට ඉඩ තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට ඇති බලතල ප්‍රකාරව සරත් ෆොන්සේකා මහතාව කළින් නිදහස් කිරීමත් සිදුකළා. පළි ගැනීමේ චේතාවක් තිබුණානම් එම වරප්‍රසාදය ෆොන්සේකා මහතාට ලැබෙන්නේ නෑ.

(v). සරත් ෆොන්සේකා මහතාට එරෙහිව එවන් ඇස් පනා පිට පෙනෙන සාක්ෂි තිබුණත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඔය ආකාරයේ කිසිදු චෝදනාවක් නෑ. මන්ත්‍රී කෙනෙක්ව ඇමති ලෙස පත් කිරීම සහ තමන්ගේම හමුදාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීම අතර වෙනස ඕන කෙනෙකුට තේරෙනවානෙ.

(vi). එසේ වී තිබියදීත් මෛත්‍රීපාල මහතාට ජනාධිපතිවරණයේදී උපකාර කළ පාබල හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් කම දීමත්, මානුෂික මෙහෙයුමේ ගුවන් සහ නාවික මෙහෙයුම් සිදුකළ හමුදාපතිවරුන්ව නොසලකා හැරීමත් මෙන්ම ඔවුන්ට එරෙහිවත් දූෂණ චෝදනා ගොනුකිරීමත්, අල්ලසක් සහ පළිගැනීම් නොවේදැයි බොහෝ අය විමසා සිටිනවා.

anoma

 

[9]. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අල්ලස් කොමිසමට කැඳවා තිබෙන්නේ ඇවන්ගාඩ් සිද්ධිය ගැන ප්‍රශ්න කරන්නටයි.

(i). එතෙක් පැවති මඩ අවලාද ව්‍යාපාරය අවසන් කරමින් ඇවන්ගාඩ් නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කළා. ඒ බව ජාතික පුවත්පත් වල වාර්තා වී තිබුණේ මෙලෙසයි. දිවයින පුවත්පත 2015.03.04. මෙතනින්.

divaina

(ii). ඊට අමතරව ඇවන්ගාඩ් නාවික ආරක්ෂක සමාගම සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එජාපයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒවා නීත්‍යානුකූල සහ නිරවද්‍ය බව ප්‍රකාශ කළා.



(iii). ඇවන්ගාඩ් මෙන්ම රජයට අයත් රක්නා ලංකා ආරක්ෂක සමාගමත් නිවැරදි බව වත්මන් ආණ්ඩුවෙන්ම පිළිගන්නවානම්, ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන එන්නේත් හුදු පළි ගැනීම්ට බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

 

ඉතින් මිත්‍රවරුණි ඔන්න ඔය හේතු නිසයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස, මහින්ද රාජපක්ෂ මහතාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාවත් අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට යාමට එරෙහිව පාර්ලිමේන්තුවේ විරෝධය දැක්වූයේ. නමුත් හුදු පළිගැනීමේ චේතනාවෙන් මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කළොත් ඊට මහජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය මේ ආණ්ඩුවට කිසි සේත්ම යහපත් වෙන එකක් නම් නෑ.

Share කර මේ ගැන සියලුම දෙනාව දැනුවත් කිරීමට ඔබත් සහාය වන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

24 comments:

  1. Vajira RathnaweeraApril 20, 2015 at 4:35 PM

    We honer to this website educating all public ,and we should protect our FM president mr Mahindha Rajapassha ,in Sri Lanka history after great kings eara he is the only president did this much development servise to this country , but some ministers and mps didn't fulfill their duties to their areas , only they did flourish their pockets only great. Exampal mp Shantha Bandara , in his electate seat he has only two major roads still those in very bad conditions , but he built his owne hotel , like this people help to draw back the journey of our great Mahidha Rajapaksha , pls re correcting all those pls come again protect this country , and this is good opportunity to find out good people in future , wish you all the best and god bless you !!!

    ReplyDelete
  2. Mahinda api oba. Samagai

    ReplyDelete
  3. boru dahai dina siyak gevenavita porondu etu karaganna bari yahapalana anduwa janathawagen abawa vasan kirimata atigaru mahinda rajapaksha matithumata boru chodana ella karamin janatha avadanaya venat patthakata tomu kirimata utsaha karanawa, buddimat janathawa mewataravatnna natha.............

    ReplyDelete
  4. me website ekata facebook like and shre box ekak add karanna pluwannam gdak watinawa.

    ReplyDelete
  5. Rajapaksha K. sanjeewaApril 20, 2015 at 5:34 PM

    Mahinda rajapaksha mathiduni API samada oba samagai.oba thumata apahasa kaloth balamu edata mokada wenne kiyala.api oba wenuwen parata bahinna lasthiy.

    ReplyDelete
  6. අනේ මේ දිල්රුක්ෂිට බම්බු ගහගන්ඩ කියන්ඩ..තමුන් කොහොමද රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා රට රැකදුන් නායකයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නෙ. තොපි මොන ලොක්කෙක් කියලද හිතාගෙන ඉන්නෙ.නිකං ජන්ඩි පාට් වලට නං ලෑස්ති වෙන්ඩ එපා හරිද, ඔය ගෑණු කං එහෙම බල බල ඉන්නෑ ඒ වෙලාවට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හා ආරක්ෂක ලේකම් තුමාට කරදරයක් උනොත් තමුන් ඇතුලු මේ දේවල් වලට උල්පන්දම් දෙන ආප්ප පාල ඇතුලු යමපාලන නඩයත් අවසන් කරලා තමයි අපි නවතින්නෙ...

    ඔය මැජික් පෙන්වන ටොයියෝ වගේ නෙමෙයි අපි..
    අපි බයියෝ..හොඳට හොදයි නරකට අන්තිම නරකයි,
    ඒක මතක තියාගනිං.

    ReplyDelete
  7. Power 58 lakshayak oba kiyanadhe anumatha karanawa

    ReplyDelete
  8. Mey sathuru upadrava jayagena apey Janapathi Mahinda ta rata baaradenna api suudaanam oonaama kepaveemakata! Sathyaya Jayagani kiyala nikamma balaa idhalaa behe. Kadinamin Vishesha vidhimath piyavara avashyay!

    Mahinda virodhee kriya ithaa suukshamava kriyaathmaka venava! Api hamomath Mahinda Methidhun jaya labana thuruma mey satanata uparima dayakathvaya demu!! Apey daruvange anagathaya venuven api mey uthukama ishta karanna oney!

    Mahinda.info godak pin mey karana sathkaryayata. Ahinsaka janathavage Mey udaara satanata Vishvaye Siyalu Yahapath Balavega pihita venava stheeray!

    ReplyDelete
  9. MEWANI BANKOLOTH CHODANA GENA EMEN PAHADILI WENNE APE MAHINDA JANAPATHIDUNTA EREHIWA MUNTA KALA HAKI KISIMA WADAGATH CHODANAWAK NATHI BAWAI.ME RATA RAKINA DEVIYANGE ASHIRWADAYA NIRATHURU OBA THUMATAI.

    ReplyDelete
  10. Sadaachaara virodhee pahath vadak. Meyata viruddava Lakvaasii yuthukam danna hamoma nagee sitiya yuthuy. Rata beragath, rata samurdimath karapu nayakayata mevani apahaasa kireema vishala varadak. vishala paapayak. Mevaata vandi gevanna siduvenavaa stheeray.
    Yahapalanaya karana tharamak amana,pahath vada my karanne. MY3 kiyanava mama mukuth danne nehe Ranil ge vadak kiyala. Ranil gen ahuva nam kiyay Chandrika gen ahala balamu kiyala.
    Meka puduma yahapalanayak. MY3 palanayak. Hugak ayata as arilaa dan.
    Edithara, prathapavath nayakayek gedara yavalaa ratakata giya kalak. Aney Anichchan.

    ReplyDelete
  11. great explanation ,,, pls protect him ,,,

    ReplyDelete
  12. api vote kale mahinda rajapakshata

    ethuma wenewen onama mohothaka api innawa
    yaha palana baila ahala athiwela inne dan
    Yaha palaneta vote karapu ekek wath nathi eke mahindawa ikmanin agamathi karawala rata nawathath goda nagamu

    ReplyDelete
  13. Keep up the gud work guys really really valubale stuff. You are doing great this should have started before the presidential election so people could have realised the truth but anyway at least now its happening. Thanks again.

    ReplyDelete
  14. kawadada me "GAVA PALANAYA" ivara venne??????

    ReplyDelete
  15. We a always with our FR President Mahinda Rajapaksa.

    Rata rakagena apita nidahasa labadun jathiye weerawaraya wenuwen api Dan kalaguna salakanna pela gasemu.

    ReplyDelete
  16. As a Sri Lankan we should be shamed about this situation in the country. Maithripala and Ranil should not do this type of below standard activities with Ex president Mahinda Rajapaksha who devoted his life for the country and nation benefits, If this activities continued lots of people may ready to take the law to their hand and that may lead to huge violation among the communities. As a president Maithripala should take a decision to stop THIS POLITICAL ABIUSE from other UNEDUCATED PARLIMENT MEMBERS WHO SUPPORT TO RANIL.

    ReplyDelete
  17. Api obathumawa thani karanne na kawadawath...

    ReplyDelete
  18. api mahinda rajapaksha janadi pati asahaya nayakaya samagai. ethuma wani nayakayek adatat na, api oba wenuwen divi pudanna unat enawa. e man mage ratata adare karana nisai. mata vishwasai oba thuma rata pawa denne na.lakbima rakina ape maha rajjuruwoi, hadawatinma lankikai oba thuma apita nayakathwaya denna man hansa anuranga

    ReplyDelete
  19. aappa siro danaganin ubata wahi nathi hena pathwenawaa

    ReplyDelete
  20. අනේ මහත්තයෝ ඔබතුමා ඉවත් කරලා තියෙන්නෙ වැරදි කොමෙන්ටුව,
    මම කිව්වෙ උඩ මම දාලා තියන Link එක ඉවත් කරන්න කියලා.

    ReplyDelete
  21. මට දැනුයි මතක් වුණේ. කොමෙන්ට් එකක් පළ කළ පසුව එඩිට් කිරීමට මිස ඩිලීට් කිරීමට නොහැකියිනෙ. :) අර කළින් ඉවත් කළ කොම්නෙට් එක නැවත පළ කළා.

    ReplyDelete
  22. හරි...හරි...මටත් මේ එඩිට් කතාව දැනුයි මතක් වුණේ, ඔබතුමා ඔය කියන්නෙ දවසක් මම දාපු "පුයන්නට පස්සෙ තියන කයන්න" මකපු එක ගැන නේද..? :D :D ඒක ඇත්තටම ඒ අවස්ථාවේ ඇතුවූ ආවේගයත් එක්ක වැදිච්ච එකක්..ඔබතුමා ඉන්න තැන කාන්නා පාර්ශවයේ කට්ටියත් ඉන්නවද..?එහමෙ සිටී නම් ඔබතුමා අපහසුතාවයට පත් වුණා නම් සමාවෙන්න.

    මම ආය ඒ වගේ එකක් දැම්මොත් මෙහෙම දාන්නම් කෝ...

    "මූ ඉතින් අර බටහිර අධිරාජ්‍යවාදී රටවල් වලට පුයන්නත් එක්කම තියන කයන්න දිදී ඉන්නවනේ" :D :D

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.