ඒ අනුව පළමුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 7 වන මතක සැමරුම වෙනුවෙන් හේනේගම අමරන්ගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ දම්සක් විහාරයේදී පැවැති මහින්දෝදය දහම් පාසල විවෘත කිරීම ඇතුළු ආගමික වතාවත් වලට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. එයට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු දේශපාලඥයින් රැසක් සම්බන්ධ වී සිටියා.
ඉන් පසුව මහර හේනේගම එගොඩගැඩුමාන ප්‍රජා සදහම් විහාරස්ථානයේ ඉදිකරන ලද චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණයට සහභාගී වුණා. එයටත් භික්ෂුන් වහන්සේලා ප්රමුඛ ප්‍රදේශයේ දේශපාලඥයින් සහ දහස් ගණනක මහ ජනතාව පැමිණ සිටියා.
දහවල් පසු වී, ඉහළයාගොඩ විහාර පාර මිහිඳු වර්ණ භාවනා මධ්‍යස්ථානයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැති ආගමික වැඩසටහනේ පින්තූරයි පහත දැක්වෙන්නේ.
යාලුවන්ටත් නැරඹීම සඳහා Share කරන්න.