නමුත් ඊට වඩා අති බරපතල චෝදනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති බව වාර්තා විය. අප මෙය පළ කරන්නේ පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වූ එම ඇමතිකම ලබා දීම ගැන චෝදනාවට තවත් පිළිතුරක් වශයෙනි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිෂව් සභාවට පැමිණිලි කළ යුතු යයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා විසින් එම කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවා ඇත.
එමගින් ඔහු පෙන්වා දෙන්නේ තිස්ස අත්තනායක මහතාට අල්ලසක් දීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ද එවැනි චෝදනා මත විමර්ශනයක් කළ හැකි බවයි.
[1]. අමාත්‍ය රවුෆ් හකීම් මහතා වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට සහායදීම සඳහා "මුදලක් ඉල්ලූ බව" අගමැතිවරයා තමන්ට පවසා ඇති බවත්
[2]. රිශාඩ් බදියුද්දීන්ට ඇමති ධුරයක් ලබා දුන්නේ ඔහු වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට සහය පළ කිරීමේ කොන්දේසියක්මත බව අගමැතිවරයා පැවසූ බවද
එම ලිපියේ දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉහත චෝදනාව නගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි මන්ත්‍රීවරයෙක් නම් ජනතාව එය නොසලකා හරිනු ඇත. එහෙත් ඉහත චෝදනාව නගන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා පසුගිය කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් අයෙකි. ඒ අනුව යහපාලනයට සහාය දුන් අයම යහපාලනයේ කෙරුවාව ජනතාවට හෙළිකරමින් සිටී.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.