Mahinda Rajapaksa: මහින්දව අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට හැදීම ගැන පසුවිපරම.

Tuesday, April 21, 2015

මහින්දව අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට හැදීම ගැන පසුවිපරම.

[1]. මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම ඉදිරියට ගෙන ඒමට විරුද්ධ විය යුත්තේ ඇයිදැයි මීට පෙර mahinda.info හි පළ වූ මෙම http://www.mahinda.info/2015/04/bribery ලිපියෙන් විස්තර කෙරුණා. එජාප පාක්ෂිකයින් විසින් නගන ප්‍රශ්න වලට පිළිතුරු දීමට එම ලිපිය ප්‍රමාණවත්.

[2]. "මෙගා ඩීල්" ගැන කෑ ගසමින් බලයට පැමිණි එජාප ය, කිසිදු පදනමක් නොමැති විහිළු සහගත චෝදනාවක් වන ඇමතිකමක් දීම සම්බන්ධයෙන් එලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම ලවා ප්‍රශ්න කිරීමට උත්සාහ ගැනීම පිටුපස ඇති රහස අප අවබෝධ කරගත යුතුයි.

[3]. අප්‍රියෙල් 19 වන දා දින 100 අවසන් වුණා. දින 100 තුළ රටට සිදුවුණ දේවල් ගැන වාර්තාවන් ඔබ ෆේස්බුක් එකේ කියවන්නට ඇති. එහිදී එජාප පාක්ෂිකයින්ගෙන් පවා එම කරුණු ගැන අප්‍රසාදය පළ වෙද්දී දින 100 සම්පූර්ණයෙන්ම අසාර්ථක බව එජාපයට පෙනී ගියා. එය වසන් කිරීම සඳහායි අල්ලස් කොමිසම ඉදිරියට මහින්ද රාජපක්ෂ මහතාව ගෙන ආ යුතු බවට හරියටම 19 වනදාම එජාපයෙන් ප්‍රචාරය කළේ.

[4]. එහිදී වඩාත්ම විහිළුසහගත චෝදනාවක් වන ඇමතිකමක් දීම අල්ලසක් යැයි කියමින් එජාපයෙන් "ෆුල් ටොස්" එකක් ලබා දුන්නේ දෙපාර්ශවයටම වාසිදායී තත්ත්වයක් (Win-Win Situation) ඇති කිරීමටයි. එවිට දෙපාර්ශවයෙන්ම ඉන්ධන ලැබී, දින 100 යටපත් වී යනවා. (රනිල් වික්‍රමසිංහ මහතා පැරොඩි ක්‍රියාමාර්ගයක් ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂා කරන බවට එජාපයේම කැරළිකාර කණ්ඩායමෙන් නැගී ඇති චෝදනාව එනිසා අපි ප්‍රතික්ශේප කරනවා).

[5]. ජනතාව ගොනාට අන්දවන්න සිතාගෙන එජාපය ගහන දේශපාලන ගැට වලට නොරැවටී දින 100 ගැන පසුවිපරම් කිරීම අප අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. එහිදී දින 100 යේ
- කඩවුණ පොරොන්දු ගැනත්,
- බොරු කියමින් සහ බොරු කරමින් ජනතාව රැවටවීම ගැනත්,
- මහින්ද මැතිඳුන් ඇතුළු පිරිසට එල්ල කළ චෝදනා අතේ පැලවීම ගැනත්,
- ජාතික ආරක්ෂාවට සිදුකරන ලද විනාශය ගැනත්,
- යහපාලනයේ මුවාවෙන් කරන ලද යමපාලනය ගැනත්,
ගැඹුරින් සාකච්ඡා විය යුතුයි. ඉදිරියේදී අපත් ඒ ගැන පළ කරනවා.

[6]. නමුත් දින 100 යේ බංකොලොත්භාවය වසාගැනීමට කඩිමුඩියේ ගෙන ඒමට පුළුවන් වුණ එකම චෝදනාවෙන්, මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එදා මැතිවරණ වේදිකාවේ කී ආකාරයේ කිසිම බරපතල චෝදනාවක් නැති බවත්, මහින්ද රාජපක්ෂ යනු දෑත පිරිසිදු උතුම් මිනිසෙක් බවත් ජනතාව ඉදිරියේ යළිත් සක් සුදක් සේ පැහැදිළි වුණා.

president-mahinda-rajapaksa[1]

[7]. අල්ලස් කොමිසමේ සිද්ධිය ගැන යළිත් ඔබගේ අවධානය යොමු කිරීමට අවසර. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 ක් අත්සන් තැබූ ලේඛනයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් බව පියසිරි විජේනායක මහතා හරහා වාර්තා වෙනවා.

[8]. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට තියා මුදල් පනතක් සම්මත කර ගැනීමටවත් වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරය නැති අතරේ, මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් තවමත ආදරය කරන බව මෙමගින් ඔප්පු වුණා. ජනතාවගේ හදවතින්ම නැගෙන වේදනාව ඇමති කම් වලින් යටපත් කිරීමට නොහැකි බව සමහර ඇමතිවරුන් පවා පෙන්වා දුන්නා. අනික් අතට රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ලෙස පත් කිරීම ප්‍රශ්නකාරී බව නැවතත් සනාථ වුණා.

[9]. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට කැඳවන්නේ නැතිව, එතුමා ළඟට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පමණක් සෑහෙන බවට විජේදාස රාජපක්ෂ මහතා පැවසීමෙන් උද්ඝෝෂණ කටයුතු අවසන් වුණා.

[10]. අද දිනයේ පැවැති උද්ඝෝෂණය සහ එහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රටේ විපක්ෂයේ දේශපාලඥයින් දැක්වූ අදහස් පහත වීඩියෝ වල දැක්වෙනවා.









මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස.



යාලුවන්ටත් නැරඹීමට Share කරන්න.