Mahinda Rajapaksa: මත්තල ගැන මාධ්‍ය නොකී කතාව සහ තවත් රහස්...!

Wednesday, April 8, 2015

මත්තල ගැන මාධ්‍ය නොකී කතාව සහ තවත් රහස්...!

මත්තල කියන්නේ ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොළක් ය, ඒකට එන්නේ මොණරු සහ අලි විතරයි ආදී වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි උදවිය තවමත් අපහාස කරන හැටි ඔබ අනන්තවත් දැකලා ඇති.

පසුගිය කාලයේ මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළට එරෙහිව මඩ ගැසූ අය මොනවා කිව්වත් පසුව කියන්න ගත්තා මත්තල ගුවන් තොටුපොළ නිසා ගුවන් සමාගම් රැසකට වාසි අත් වෙනවා කියලා. එසේම ඔවුන් කිව්වා මත්තල දිගටම කරන් යනවා කියලා. පහත වීඩියෝව බලන්න.


මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ යනු ගුවන් යානා ආවේ නැතත් මුදල් ඉපයිය හැකි තැනක් බවත්, ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමටනම් අත්‍යවශ්‍යම වන සේවා ස්ථානයක් බවත් ඔබ දැන සිටියාද?

මේ දේවල් මා මුලදී කියද්දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙන සහෘදයන් පවා මේ කතා අවිශ්වාස කරාවි. ඒත් පහතින් දක්වලා තියෙන ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් ලබා ගන්නා ලද තොරතුරු කියවා බැලීමෙන් අප කියන්නේ ඇත්තද බොරුද කියලා ඔබටම තීරණය කරන්න පුළුවන්. අපි කියන නිසාම පිළිගන්න ඕන නෑ, මේ සමග ඇති මූලාශ්‍ර එකින් එක බලන්න.

 

අවශ්‍යතාවය

[1]. ශ්‍රී ලංකාව වගේ පුංචි රටකට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් අවශ්‍ය වන්නේ මේ නිසා.

(i). ඔබ දන්නවාද A380 යනු ලෝකයේ තියෙන විශාලතම "අන්තර් මහාද්වීපික" මගී ප්‍රවාහණ ගුවන් යානයක්. එය ගොඩ බැස්සවීමට වඩාත් ගැලපෙන ධාවන පථයක් ශ්‍රී ලංකාවේ නෑ.

(ii). කටුනායක ගුවන් තොටුපොළට A380 ගොඩබස්සවන්නට අපහසුයි.  පහත පින්තූරයේ දැක්වෙන A320 ගුවන් යානය අපේ රටේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවයේ භාවිතා වෙන වර්ගයක්. ඒ සමග ඇති විශාල ගුවන් යානය A380. වෙනස පේනවානෙ.

airbus

(iii). කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය A380 සඳහා වඩාත් සුදුසු ලෙස විශාල කරන්න බැරි කමක් නෑ. නමුත් එහෙම කරන්න ගියොත් කටුනායක ගුවන්තොටුපොළ මාස කීපෙකට වසා දාන්න සිදුවෙනවා. ඒ කියන්නේ ඒ මාස කීපය තුළ ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිටීවි. ඒක ජාතිකව පමණක් නොවෙන් ජාත්‍යන්තරවත් බලපාන ප්‍රශ්නයක් වේවි.

(iv). ඊට අමතරව ඒ සඳහා අධික පිරිවැයක් යනවා. හේතුව තමයි කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය තවත් දික් කළොත් ඒ සඳහා බොහෝ වටිනා ඉදිකිරීම් ඉවත් කිරීමට සිදුවීම. එම මුදලත් වැය කරමින් රටේ ගුවන් ගමන් නවතාගන්නවාට වඩා අලුතෙන්ම ගුවන්තොටුපොළක් ඉදිකරන එක වඩාත් වාසිදායකයි.

(v). කටුනායක ගුවන් තොටුපල පමණක් ක‍්‍රියාත්මක වීම හේතුවෙන් මීට පෙර හදිසි අවස්ථාවකදී ගුවන් යානා යොමු කෙරුණේ ඉන්දියාවේ 115.100MHz යටතේ ක්‍රියාත්මක වන ත්‍රිවන්තපුරම් ගුවන් තොටුපල සහ චෙන්නායි ගුවන්තොටුපොළ වෙතටයි.

- එබැවින් ශ‍්‍රී ලංකාවට එලෙස පැමිණෙන සියලූ ගුවන් යානාවලට අමතර ඉන්ධන ප‍්‍රමාණයක් ද රැගෙන ඒමට සිදුවුණා. සාමාන්‍ය ගුවන් යාන ගොඩබෑ හැකි කටුනායක සිට ආසන්නතම ගුවන්තොටුපොළ ඉන්දියාවේ Thiruvanathpuram ගුවන්තොටුපොළ නිසා සෑම ගුවන් යානයකටම අමතර ඉන්ධන ටොන් 2ක් පමණ ගබඩාකරගෙන පියාසර කිරීමට සිදුවෙනවා.

- එමගින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වල පිරිවැය ඉහල යනවා.

- වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගෙන එනවා යනු අදාල ගුවන් යානයෙන් ගෙන ආ හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා.

- බැකප් ගුවන්තොටුපොළ වඩාත් දුරින් පිහිටීම නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා වල රක්ෂණ වාරික මුදලත් ඉහළ යනවා.

- ස්වභාවික ව්‍යසනයකදී හෝ වෙනයම් බරපතල සිදුවීමකදී විදේශ වල සිට විශාල ලෙස ගුවන් යානා පැමිණියහොත් කටුනායක ගුවන් තොටුපොළට පමණක් එම එයාර් ට්‍රැෆික් එක පාලනය කරගත නොහැකි වෙනවා. (උදා: සුනාමි ව්‍යසනය වෙලාවේ විදේශයන්ගෙන් ආධාර සහිතව ගුවන්යානා විශාල ප්‍රමාණයක් ආ මොහොතේ කටුනායක ඉඩ මදි වුණා.) සැහැල්ලු ගුවන් යානා රත්මලානට යැව්වත් අනෙකුත් ගුවන් යානා ගොඩ බාන්න වුණේ ඉන්දියාවේයි.

- මෙරට තවත් ගුවන් තොටුලක් ක‍්‍රියාත්මක වීමේදී ඉහත දේවල් වැළකෙනවා.

 

 

ස්ථානය

[2]. ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කිරීමේදී ඒ සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුම තැන මත්තල ප්‍රදේශයම බව කිව්වොත් ඔබ මවිත වේවි.

(i). ප්‍රධානතම හේතුව තමයි ඕස්ට්‍රේලියා - යුරෝපා ජාත්‍යන්තර වඩාත්ම Economic ගුවන් මාර්ගය ශ්‍රී ලංකාවේ දකුණු මුහුද හරහා පිහිටා ඇති නිසා ගුවන්තොටුපොළ දකුණේ පිහිටුවීමට සිදුවීම. පහත පින්තූරයේ දැක්වෙන්නේ A380 ගුවන් යානා දෙකක් එක පෙලට අපේ රටට පහළින් ගමන් ගන්නා හැටි.

route

(ii). හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වැදගත්කම පක්ෂ බේධයකින් තොරව බොහෝ දෙනා පිළිගන්නවා. ඒ ගැන තවත් තොරතුරු සහිත ලිපිය මෙතනින්මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට අවශ්‍ය වූයේ හම්බන්තොට වරායට ආසන්නයෙන්මයි. ඊට හේතුව නම් වරායක කටයුතු සහ ගුවන්තොටුපොළ කටයුතු අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබීම. උදාහරණ ලෙස වරායකින් ගෙන එන බඩු ගුවන් මගින් යැවීමට සිදුවීම දැක්විය හැකියි. මේ ගැන සම්පූර්ණ පැහැදිළි කිරීම මෙම ලිපියෙන්.

(iii). ඊට අමතරව හම්බන්තොට වරායේ කටයුතු මහාපරිමාණව ආරම්භ වීමත් සමගම ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනයක් ඇති වෙන අතර, ඒත් සමගම දකුණු පළාතට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අත්‍යවශ්‍ය වෙනවා. කොළඹ මාතර අධිවේගී මාර්ගය ඉදි කළේත්, මාතර සිට හම්බන්තොට දීර්ඝ කරන්නේත්, දුම්රිය සේවයකුත් ආරම්භ කිරීමට සැලසුම් වූයේත් ඒ සඳහායි. එවිට මත්තල සහ කටුනායක එකම අධිවේගී මාර්ගයකින් සම්බන්ධ වෙනවා. මෙය අපේ රටේ දිගුකාලීන සංවර්ධන මාස්ටර් ප්ලෑන් එකේ පුංචි කොටසක් පමණයි.

(iv). මත්තල ගුවන්තොටුපොළ ඉදි කළේ කැළයක් මැද්දේ කියලා සමහරු කිව්වාට එය ඉදි කර තිබෙන්නේ වනාන්තර වලින් හැකි තරම්ම ඈතට වෙන්නටයි. පහත සිතියම බලන්න, දකුණු පළාතේ ඇති වනාන්තර වලින් ඈතින්ම තිබෙන ප්‍රදේශයේ එය පිහිටවූ බව ඔබට පේනවා. මූලාශ්‍රය.

mattala

(v). එතකොට දැන් බලන්න රත්මලන ගුවන්තොටුපොළ පිහිටා තියෙන්නේත් අත්තිඩිය කුරුළු අභය භූමියට කිලෝමීටර් 0.73 ක් වගේ ආසන්නයෙන්. මූලාශ්‍රය. ඔබටම දුර මැනීමට අවශ්‍යනම් මේ වෙබ් සයිට් එක භාවිතා කරන්න.  ඊනියා පරිසර සංවිධාන පහුගිය ටිකේ ජනතාව අන්දපු ඇන්දිල්ල පේනවානෙ.

ratmalana

(vi). මත්තලට කිලෝමීටර් හය හතක් දුරින් කැළෑ තියෙනවා කියලා එයට එරෙහි වෙන අය, අත්තිඩිය කුරුළු අභය භූමිය කිලෝමීටරේකටත් අඩුවෙන් ආසන්නයෙන්ම තියෙන නිසා රත්මලාන ගුවන්තොටුපොළත් ඉවත් කරන්න කියනවාද කියලා අපි අහනවා.

(vii). ඇත්තම කතාව තමයි මත්තල ගුවන්තොටුපොළට කුරුල්ලන්ගෙන් කරදරයක් තිබේනම් ඒ හා සමානම කරදරයක් කටුනායක ගුවන්තොටුපොළටත් තියෙනවා. මුහුදු ළිහිනින්, කොකුන්, පරෙවියන් එහි එමටයි. ජනතාවගේ ගුවන් ගමන් වල වේගය වැඩි කර දීම සඳහා එහි තුවක්කුවක් මානාගෙන සිටින නිලධාරී මහත්තයෙක් "තමන්ගේ ගමන" ප්‍රමාද කරගන්නවා. සෑම ගුවන් තොටුපොළකම සිදුවෙන ඒ දේ කියමින් තමයි පහුගිය කාලේ ජනමාධ්‍ය මගින් කෘතිම ලෙස කැළෑ සතුන් ගැන උලුප්පමින් ජනතාව කුපිත කෙරෙව්වේ. සංවේදී අය සහ ගැබිනි මව් වරුන් පහත වීඩියෝව නැරඹීමෙන් වළකින්න.



(viii). ඊගාවට මත්තල වටේට තෙත් බිම් තියෙන තියෙන නිසා සමහරු විරුද්ධ ඇති. ඒත් ඉහත මත්තල සිතියමේ බලන්න අදාල කිලෝමීටර් හය හතක වපසරිය තුළ කොළ පාටින් ගස් කොළන් පේන්නේ නෑනෙ. එතකොට බලන්න කටුනායක අවට, තෙත් බිම් විතරක් නෙමෙයි වටේටම වන රොදවල්. ඒ මදිවට දකුණු පැත්තේ ආසන්නයෙන්ම මීගමුව කලපුව. ගස් කොළන් සහ කලපුව දූෂණය වෙනවා කියලා කටුනායක ගුවන් තොටුපොළටත් අර කට්ටිය එරෙහි වෙනවාද? මූලාශ්‍රය.

katunayaka

(ix). පහුගිය කාලේ එජාප ජවිපෙ ආදීන්ගේ ගොබෙල්ස් න්‍යාය අනුව මත්තල කැලෑවක්, පරිසර විනාශයක් සිදුවෙනවා කියමින් ගිය බොරුවේ තරම දැන් පේනවානෙ.

(x). ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීමේදී අත්‍යවශ්‍ය වන භූ විෂමතාවයක් තමයි, යම් විදිහකින් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් කරන්න වුණොත්, ඒ කිව්වේ උදාහරණ ලෙස ගුවන් යානයේ රෝද එලියට එන්නේ නැතිනම් ගිණිගැනීමක් සිදු නොවන පරිදි එය ගොඩ බෑම සඳහා සුදුසු පරිසරයක් අවටින් තිබීම.
ඒ සඳහා
- ජලාශයක් (මුහුද හෝ ගංගාවක්)
- විශාල මඩ වගුරු බිමක්
තිබීම අත්‍යවශ්‍ය වනවා.

(xi). අන්න ඒ නිසයි රත්මලාන සහ කටුනායක යන ගුවන්තොටුපොළවල් දෙකම මුහුද ආසන්නයේ තියෙන්නේ. ඒත් මුහුදට බාන්න වුණොත් ඇතිවන ප්‍රශ්නය තමයි යම් විදිහකින් ඇතුළට වතුර කාන්දු වී යානයේ සිටින මගීන් දියේ ගිලීමට හැකි වීම.

(xii). මත්තල ගුවන්තොටුපොළ පිහිටා තියෙන්නේ නොගැඹුරු වතුර සහිත වගුරු බිමක් අසලයි. හදිසි ගොඩබෑමක් කිරීමට අවශ්‍ය වුවහොත් සුදුසුම පරිසරය තමයි ඒ. නමුත් එහෙම හදිසි ගොඩබෑම් කිරීමට සිදුවන්නේ බොහොම කළාතුරකින්. උදාහරණ ලෙස පසුගිය යුද සමයේ ගුවන්හමුදාවට අයත් යානා අනතුරට පත් වුණා.

(xiii). යම් විදිහකින් එලෙස ගොඩබෑමට සිදුවුවහොත් සහ එමගින් යම් පරිසර හානියක් සිදුවුවහොත් අදාල ගුවන් සමාගම මගින් පරිසර හානිය වලකාගැනීමට අවශ්‍ය සම්පූර්ණ මුදල අපේ රටට ගෙවනවා. ඒ කියන්නේ කාන්දු වුණ තෙල් බිංදුවක්වත් ඉතිරි කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි එලෙස හානි වීමට අමතර වන්දි මුදලකුත් ගෙවනවා. ඒ සල්ලි වලින් ගුවන්තොටුපොළ වටේ පරිසරය කළින් තිබ්බාටත් වඩා සුන්දර කර සැකසීමට පුළුවන්.

(xiv). ඊගාවට මනුෂ්‍ය වාසස්ථාන වලින් ඈතට වෙන්න ගුවන්තොටුපොළ පිහිටා තිබීමත් අත්‍යවශ්‍යයි. හදිසි ගොඩබෑමක් වුවහොත් නිවාස ගොඩනැගිලි ජීවිත වලට සිදුවිය හැකි විනාශය අවම කිරීමට මෙන්ම ගුවන් යානා අහසට යද්දි ඇතිවන විශාල ශබ්දයෙන් මනුෂ්‍යයින්ට වන පීඩාව නිසයි එලෙස ගුවන්තොටුපොළවල් ජනාවාස වලින් ඈතින් ඈතින් පිහිටුවන්නේ.

(xv). දේශගුණික කලාප 2 ක ගුවන්තොටුපොළවල් 2 ක් පිහිටා තිබීම වැදගත් වෙනවා. කාලගුණය අයහපත් වීම නිසා කටුනායක ගුවන්තොටුපොළ වැසීමට සිදුවුවහොත්, කොළඹට හාත්පසින්ම වෙනස් දේශගුණික තත්ත්වයක් සහිත හම්බන්තොට දිස්ත්‍රික්කය දෙවන ගුවන්තොටුපොළට වඩාත්ම සුදුසු ස්ථානයයි.

(Xvi). යම් දිනෙක නිපදවන ගුවන් යානයකට වඩාත් දීර්ඝ ධාවනපථයක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පරිදි ධාවන පථය දීර්ඝ කිරීමට මත්තල ගුවන්තොටුපොළේ ඇති තරම් ඉඩ තිබෙනවා.

ඉහත කරුණු 16 මූලික කරගත් විට හම්බන්තොට වරාය ආසන්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීමට ඇති හොඳම තැන මත්තල බව ඔබට සිතියම බැලීමෙන් පැහැදිළි වේවි.

 

ප්ලේන් බාන්නේ නැතිව ලාභ ලබන හැටි.

[3]. මත්තල ගුවන්තොටුපොළෙන් මුදල් ඉපයීමට නම් එයට ගුවන් යානා පැමිණීම අවශ්‍ය වන්නේ නෑ. ඒක වෙන්නේ මෙහෙමයි.

(i). ඉහත විස්තර කළ A380 වර්ගයේ දැවැන්ත ගුවන් යානා එක් මහාද්වීපය සිට තවත් මහාද්වීපයකට් ගමන් ගන්නේ පූර්ව සැලසුමකට අනුවයි. ඒ සඳහා සාමන්‍යයෙන් මාස 2 කට පමණ පෙරදී සූදානම් වෙනවා. Flying Routes සැකසෙන්නේ හැකි තරම් A380 ගොඩබෑමට හැකි ගුවන්තොටුපොළවල් ආසන්නයෙනුයි. ඊට හේතු කිහිපයක් පහතින්.
- හදිසියේ ගොඩබෑමට අවශ්‍ය වුවහොත් ඊට පහසුකම් සකසා ගැනීමට. (උදා: යානය අභ්‍යන්තරයේ නිවීමට නොහැකි ගින්නක් ඇතිවීම, යානයේ කාර්මික දෝශයක් ඇතිවීම, ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇතිවීම, කොල්ලකෑමක්/හයිජැක් වීමට යාම, මගීන් හදිසියේ දැඩි ලෙස රෝගී වීම ආදිය)
- තිබෙන ගුවන්තොටුපොළවල ආසන්නයෙන් පියාසර කිරීම නිසා ගුවන් යානය සහ මගීන් වෙනුවෙන් අදාල ගුවන් සමාගමෙන් ගෙවියයුතු රක්ෂණ මුදල අඩු වීම.



(ii). උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තයට පියාසර කරන A380 ගුවන් යානයකට ඉන්ධන පිරිවැය වඩාත් අඩු මාර්ගය පිහිටන්නේ ශ්‍රී ලංකාවට පහතින්. ඒත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා ගුවන් තොටුපොළක් නොමැති වීම නිසා අමතර ඉන්ධන තොගයක් වැය කරමින් වඩාත් දීර්ඝ මාර්ගයක් සැලසුම් කර ඉන්දියාවෙ චෙන්නායි හරහා ගමන් කිරීමට සිදුවුණා. ඔය විදිහට අවුරුද්දකට දාස් ගාණක් දැවැන්ත ගුවන් යානා ඕස්ට්‍රේලියා මහාද්වීපයේ සිට යුරෝපයට ගියේ ඉන්දියාව හරහායි.

(iii). නමුත් මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඉදිකිරීමත් සමග ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට ආසන්නයෙන් එම දැවැන්ත අන්තර් මහාද්වීපික ගුවන් යානා වලටත් දැන් ගමන් කිරීමට හැකි වී තිබෙනවා.  එවිට ඔවුන් යන්නේ කෙටි දුරක්. ඒ හරහා,
- අඩු ඉන්ධන ප්‍රමාණයකුයි වැය වෙන්නේ.
- කාලය ඉතිරි වෙනවා.

(iv). අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. www.flightradar24.com යනු වාණිජ ගුවන් යානා යාන මාර්ග ඔන්ලයින් නැරඹීමට හැකියාව ලබා දී ඇති වෙබ් අඩවියක්. එයට ගොස් එහි සිතියමෙන් ශ්‍රී ලංකාව දෙසට ගොස් බලන්න, එයාර්බස් 380 සහ බෝයින් 747 වැනි දැවැන්ත ගුවන් යානා හරියටම මත්තල ගුවන්තොටුපොළට ඉහලින් යන හැටි ඔබ දකීවි. ශ්‍රී ලංකාව පහු කරමින් යන ගුවන් යානා මත Click කිරීමෙන් ඒවායේ මාර්ගය බලාගන්න පුළුවන්. අප මෙම ලිපිය ලියද්දීත් මත්තල ගුවන් තොටුපොළ හරහා A380 යානයක් පියාසර කරනවා.

A380

(v). මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට පෙර ඒවා පියාසර කළේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් සහ කාලයක් වැය කරමින් ඉන්දියවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසළිනුයි. දැන් භාවිතා කරන්නේ වඩාත්ම Economic Flying Route එකයි.

(vi). එවැනි ගුවන් ගමනක් යාමට පෙර මත්තල ගුවන් පාලක අංශය සමග සම්බන්ධ වී ගුවන්තොටුපොළේ පහසුකම් (හදිසියේ ගොඩබාන්න වුණොත් කියලා) වෙන් කරගත යුතුයි.

(vii). ගුවන් යානය ගමන් කරද්දී මත්තල ටවර් එකේ සිටින Air Traffic Controller නිලධාරීන් දෙදෙනෙක්ගේ සහාය, Ground Handling - IFR (instrument flying) clearance එම ගුවන් යානයට ලැබෙනවා.

18%20copy[1]

(viii). ඒ ආකාරයෙන් ගුවන් යානයක් ගමනාන්තයට ගිය පසුව අදාල ගුවන් සමාගම විසින් ඒ සඳහා මුදලක් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගිණුමට බැර කරනවා.

(ix). ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාව අවට මුහුද මෙන්ම ශ්‍රී ලංකාව අවට අහසත් අයත් වෙන්නේ ශ්‍රී ලංකා රජයට යි. ශ්‍රී ලංකාවට අයත් ගුවන් තොරතුරු කලාපය වර්ග කිලෝමීටර් ලක්ෂ 10 කට ආසන්න බව සැලකෙනවා. අපේ රට වටේට දවැන්ත සාගරයක් පිහිටීම නිසයි එම වාසිය අපට අත් වන්නේ.

(x). ඒ අනුව අති දැවන්ත ගුවන් යානා ශ්‍රී ලංකාව අසළින් යනවා කියන්නේ ශ්‍රී ලංකාවට නිකම්ම තවත් වැඩිපුර මුදලක් ලැබෙනවා.

(xi). ඔය ආකාරයෙන් ලැබෙන මුදල ඉතාමත් විශාල අගයක්. අපට වාර්තා වී ඇති ආකාරයට ඉදිරි කාලය තුළ මත්තල ගුවන්තොටුපොළේ පහසුකම් සැපයීම තවත් වර්ධනය කරගතහොත්, මත්තලට ගුවන් යානා ආවේ නැතත් ඉහත කී ආකාරයෙන් රටට ලැබෙන මුදල ප්‍රමාණවත්.

(xii). නමුත් පසුගිය කාලයේ මත්තල මාසික ආදායම රු 16000 ආදී වශයෙන් අහන්නට ලැබුණේ ගුවන් ටිකට්පත් වලින් ලැබෙන ආදායම විය යුතුයි. නමුත් ඉහත කී ආකාරයෙන් රටට ලැබෙන අති විශාල ධනස්කන්ධය සහ දෙවන ගුවන්තොටුපොළ නිසා රටට ඉතිරි වෙන මුදල ගැන වැඩිය ප්‍රසිද්ධ වෙන්නේ නෑ.

(xiii). ගුවන් යානා බාන්නේ නැතිව ආදායම් ලබන හැටි ගැන පසුගිය කාලයේ බොහෝ ජනමාධ්‍ය වලින් ප්‍රචාරය නොවුණත් දෙරන වෙබ් අඩවියෙන් මෙවන් පුවතක් වාර්තා කර තිබෙනවා.

Srilankan5_600px_13_02_01[1]

 

මත්තලට වැය වුණ මුදල.

[4]. මත්තල ගුවන්තොටුපොළ හදන්න අති විශාල ජාතික ධනයක් නිරපරාදේ වැය කළා කියලා ඒ දවස් වල සමහරු පැවසුවා.

(i). ඒත් ඉහත දැක්වූ කාරණා අනුව ඔබ දන්නවා මත්තල යනු අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් කියලා.

(ii). මත්තල ඉදිකිරීමට වැය වී ඇත්තේ ඩොලර් මිලියන ඩොලර් මිලියන 210 ක් හෙවත් රුපියල් 26,250,000,000 (එකල $/SLR විනියම අනුපාතය රු. 125 ක් ලෙස සලකා).

(iii). හැබැයි යහපාලන ආණ්ඩුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 2015 අගෝස්තු 8 වන විට රටට සිදුවූ පාඩුව රුපියල් කෝටි 7211 ක් හෙවත් රුපියල් 72,110,000,000 ක් වෙනවා. මූලාශ්‍රය

(iv). ඒ අනුව "යහපාලනය" වෙනුවෙන් නාස්ති කල සල්ලි වලින් තවත් ගුවන්තොටුපොළ 2 ක්ම ඉදි කර ඉතිරි සල්ලි වලින් අර තාමත් හොයාගන්න බැරිවුණ හෙළිකොප්ටර් 6 සහ බංකින්හැම් අශ්වයාවත් ගන්න තිබුණා.

 

මත්තල ගුවන්තොටුපොළ නිසා ඇත්තටම පාඩු ලැබුවේ කවුද?

[5]. ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළ රාත්‍රී 10 සිට උදේ 6 දක්වා වැඩ කරන්නේ කටුනායක ගුවන්තොටුපොළ තිබෙන නිසයි. එම කාලය තුළ පැමිණෙන ගුවන් යානා වලට බැකප් ගුවන්තොටුපොළක් ලංකාවේ නෑ. තිබෙන්නේ චෙන්නායි විතරයි. ඒ අනුව මත්තල නිසා පාඩුව සිදුවූයේ චෙන්නායි ගුවන්තොටුපොළට බව ගුවන් නිලධාරියෙක් පෙන්වා දෙයි.

කුමන්ත්‍රණය සහ ආර්ථික ඝාතකයින්

[6]. මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම නිසා ඉන්දියාව අසලින් ගිය අන්තර්මහාද්වීපික ගුවන් යානා ප්‍රමාණය දැන් අඩු වෙමින් පවතිනවා. ඒ අතරේ හම්බන්තොට මාගම්පුර වරාය දැනටමත් ලාභ ලබමින් පැවතීම නිසා ඉදිරියේ සිංගප්පූරුවට හිසරදයක් වෙන තරගකරුවා වන්නේ මාගම්පුර වරායයි..... දැන් මේවා ගැන සිතන්න...,

(i). පහුගිය කාලයේ මත්තල ගුවන්තොටුපොළට සහ හම්බන්තොට වරායට එරෙහිව කෘතිම ලෙස දැඩි අපවාදයක් එල්ල වුණා,

(ii). මත්තලට වඩා දිගින් අඩු කටුනායක ගුවන් පථයේ පළල වැඩි කිරීමට විදේශ ආධාර යෝජනා වුණා. A380 සඳහා අවශ්‍ය උපරිම පළල මීටර් 60 වෙද්දී (මත්තල ඇත්තේ එම පළලයි), දිගින් අඩු කටුනායක ගුවන් පථය මීටර් 75 ක් දක්වා පුළුල් කිරීමට සැලසුම් සැකසුණා.

(iii). ජනාධිපතිවරණයේදී එවකට එජාපය ප්‍රමුඛ විපක්ෂයේ බොහෝ සාකච්ඡා පැවතුණේ සිංගප්පූරුවේ,

(iv). ඉන්දියානු මැදිහත්වීම් උග්‍ර වුණා,

(v). මත්තල සහ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති නිර්මාතෘ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අති දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගොස් එතුමාව පරාජය වුණා,

B9Tw-saCQAA9kle[1]

(vi). මත්තල ගැන ඇත්ත කතාව ජනතාවට හෙළි කිරීමට හැකියාව තියෙන බොහෝ විශේෂඥයින් පවා අද්භූත ලෙස නිහඬව සිටියා, ප්‍රධානීන්ව වචනයක්වත් මාධ්‍ය වෙත කීමට නොහැකි වන සේ සිරගත වෙනවා,

(vii). මත්තල ගැන ගුවන්තොටුපොළ නිලධාරීන්ගේ පැහැදිළි කිරීම ජනමාධ්‍ය වල විකාශය වීමට එරෙහිව අදිසි හස්තයන් ක්‍රියාත්මක වුණා.

(viii). මෑතකදී මහින්ද රාජපක්ෂ මහතා තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ එක්තරා විදේශ බුද්ධි අංශයක් ගැන හෙළි කළා...

ඔය සිදුවීම් ජාලය එකිනෙක ගලපලා බලන්න, ලැබෙන චිත්‍රය මොන වගේද කියලා.....

 

පහුගිය කාලේ නොදැනුවත් කමින් මත්තලට අපහාස කළ යාලුවන්ටත් ඇත්ත දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

86 comments:

  1. Hoda kunuwu , dhala nathi buuru wargaye alintath, lom pihatu halichcha hansayantath oonanam tar mekeke laginna puluwan, habeyi lagadhima wunuth kambas karanna api lasthiyi

    ReplyDelete
  2. kalin Arjuna mahaththaya kathakale passa paththen ganha gaga, Dannam tikak katinuth kathakaranawa wage

    ReplyDelete
  3. Dina 100 iwarayi, mun kambas wenne nedda?, Munta henama pathwewa!

    ReplyDelete
  4. Newton SaparamaduApril 9, 2015 at 1:27 AM

    Altanative airport is essencial for any country, because it brings benifits economically.Remember our Mattala air port is a valuable property to our motherland.

    ReplyDelete
  5. Thank you for all the information. Everybody thought that Maththala was a waste of money....
    Keep on posting informative posts like this so at least we know what's actually going on. People already regret their desicions. It's fully apparent that it was the western powers & India wanted the change....

    ReplyDelete
  6. Balangoda SumangalaApril 9, 2015 at 2:55 AM

    Common people do not know these things. Better this information should be reached to the community clearly.

    ReplyDelete
  7. කින්නියා කුලුන නැවත ඉදිවේ.

    ReplyDelete
  8. Combined with Hambantota Sea Port Matthala air port has has a far reaching strategic important as well. Blind folded by NGO money ignorance and stupidity some people do not see the things the writer has commented about

    ReplyDelete
  9. @Admin. දැන්ද මේක කියන්නෙ.?. චන්දෙට කලින් කිව්වෙ නැත්තෙ මොකද.?. මහින්ද පරදින්නම ඕනද මේව රටට කියන්න?

    ReplyDelete
  10. Sirideva De SilvaApril 9, 2015 at 5:00 AM

    Please start publishing a " Sinhala" News paper and circulate in main cities so that this information goes to general public without furthur delay.

    ReplyDelete
  11. Dear Editor ,You are doing marvellous job, We do appreciate your service as you are highlighting valuable information to educate our nation .Keep it up
    Mahinda mahathata Jaya Wewa !

    ReplyDelete
  12. HE Mahinda Rajapaksha ,will be remain as president of srilanka for next 6 yrs, if his media group done their job properly.its all ur faults not his,bcoz as president its not possible to tell each and everything to d community.u all wasted time ,just broadcast praising ads .sometimes its really disgusting to c.bcoz true love and honour towards their leader already in their hearts.no need of praising.u all use week point in every mankind had ,that love to hear only good of their activities,u gained marks but our leader loss.
    Atleast try to correct d fault in future,and try to explain what he did in advance manner .,why and how.bcoz majority r educated .plz let him to be our leader.may triple gem bless him

    ReplyDelete
  13. 1. මෙම ව්‍යාපෘතිය පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ආරම්භ කරන ලද්දකි.
    2. තවද මෙම ව්‍යාපෘතිය කිසිදු අයුරකින් මහින්ද රාජපක්ෂ මහතාගේ පැරණි සහ වත්මන් මාධ්‍ය ඒකකයන් හා සම්බන්ධ නොවේ.
    3. හුදෙක් මෙහි අරමුණ මහින්ද රාජපාක්ෂ මහතා වෙනුවෙන් පසුගිය මැතිවරණ කාල පරාසය තුළ එල්ල වූ වැරදි ලෙස හඳුන්වන බොරු චෝදනා වලට තාක්ෂණිකව උත්තර දීම පමණි.
    4. මෙය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වෙන මඩ වලට පිළිතුරු දීම සඳහා ආරම්භ කරන ලද ලාභ නොලබන ව්‍යාපෘතියකි.
    5. මෙය නිල වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව අන්තර්ජාල සන්නිවේදන ඒකකය නමින් ඔබ වෙන නිවැරදි තොරතුරු ගෙන ඒම සඳහා ක්‍රියාත්මක වේ.

    ReplyDelete
  14. අපි රට වෙනුවෙන්.April 9, 2015 at 5:59 AM

    මේ උත්සාහය අගය කරනවා.
    මේ සදහා මට උදව් කල හැකිය, ඇඩ්මින් කෙනෙක් මාව පව්ද්ගලිකව සම්බන්ධ කරගන්න.

    ReplyDelete
  15. Nishantha Kumara DissanayakaApril 9, 2015 at 6:15 AM

    Eyi Me gena janathawa denuwath nokare.ada kiyayi heta kiyayi kiyala balagena hitiya.

    ReplyDelete
  16. It is very few who understand these things, most of the people think of their daily bread. We must explain what already done at meetings without wasting time to criticize and scold other party.

    ReplyDelete
  17. These informations should be published in public media as most of the Sri Lakans do not know these real facts. Most of them Blame the Rajapakse family without knowing the real truth.

    ReplyDelete
  18. මහින්ද අගමැති කරමු.April 9, 2015 at 1:26 PM

    mahinda mahaththaya anagathaya gna sithala tharuna apata ithuru karapuwa me.meke watina kama gana edath api kathakara.me balu palanaya boru kiyala anthimata aththa pilignna una...
    මහින්ද අගමැති කරමු. satanata ekthu wenna ape rata naganna,,

    ReplyDelete
  19. පසිඳු උදාරApril 9, 2015 at 4:46 PM

    මේ තොරතුරු ෆේස්බුක් හරහාත් ජනතාව දැනුවත් කරනවනම් හොදයි. මොකද ෆේස්බුක් එකේ යන එන ගමන් දැක්කත් කවුරුවත් data කපාගෙන තවත් website එකකට යන්න කැමති වෙන්නෙ නෑ. විශේශයෙන් ඔය ටොයියො එහෙම. එහෙව් එකේ මෙම තොරතුරු ෆේස්බුක් හරහාත් ලබාදෙනවානම් මේ කරන දේ වල වටිනාකම වැඩි වේවි. බුදු සරණයි

    ReplyDelete
  20. මත්තල අන්තර්ජාතික ගුවන් යානා නඩත්තු වැඩපලක් ආරමිබ කිරිමක් ගැන කතාඋන බව මතකයක් තිබනෙවා. ඒ ගැන යමක් සදහන් කල හැකිද.

    ReplyDelete
  21. If you have a proper spine, please enable copy paste function in the comment text area and let me know. Then you gonna get my comment

    ReplyDelete
  22. Mewa hemoma danne na, mewa danna aya hemotama kiyanna... ape rata apita thamath puluwan me yahapalana maraugulen beraganna

    ReplyDelete
  23. A Big Thank You to Mahinda.info for the excellent work you have done so far to clear MR's good name.

    ReplyDelete
  24. The report regarding Mattala Airport is an outcome of an intensive research revealing interesting facts. Your site is a real blessing to us.

    ReplyDelete
  25. We would not get a strong leader like MR for another 1000 yrs. We love him so dearly and we know in our hearts that MR is a Great Leader for Sri Lanka, a True Patriot. We felt very sad for this 'MadaPrachara' aimed at him one after another. We were anxiously waiting to know the real facts clearing his good name. Thank you Mahinda.info for all this hard work. We know this work is done voluntarily to support MR.

    ReplyDelete
  26. I am happy to notice more people commenting for Mahinda.info. Everyone should take steps to support MR by giving more publicity to this site. Now that we will be facing an Election very soon I suggest we should contact friends and relatives with positive information supporting MR. Today I found these interesting videos of Abhayathissa himi, Iduragare Dhammarathana himi and Dodampahala Rahula Himi through these links.

    ReplyDelete
  27. www.facebook.com/namaskaraya and on your left the link to Medagoda Abhayathissa Thero for these videos supporting MR.

    ReplyDelete
  28. HE Mahinda Rajapaksha should be President of Sri Lanka for ever!

    ReplyDelete
  29. Sir,
    You need more of this kind of infomation to be published. Even before the elections I tried to point out this aspect.

    ReplyDelete
  30. I value the post.Thanks Again. Awesome. dkeffakadeffdebe

    ReplyDelete
  31. ගොඩක් හොඳ දෙයක්, සාක්ෂි එක්ක පෝස්ට් දාන එකනං සැහේන වටිනවා. එතකොට මිනිස්සුට ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පුලුවන්. විශේෂයෙන් ටොයියන්ට. පුලුවන්නං Elakiri එකෙත් Thread 1ක් ඇරලා මේ වගේ 1ක් දැම්මනං හොඳයි. infosrilankanews කියලා වෙබ් සයිට් එකකින් සෑහෙන මඩ ගහනවා MR and GR ට. පුලුවන්නං කොමෙන්ට් කරන එකේ copy paste option දාන්න කියල ඉල්ලනවා. මේ කොමෙන්ට් එක අදාල බලධාරීන් දකීවා. Feel free to contact me

    ReplyDelete
  32. pasu giya chandedi UNP prasna walata uththara nodunne ayi? vipakshaya nagapu chodana walata pahadili uththara nodi sitima nisayi parada une.

    ReplyDelete
  33. මෙම තොරතුරු කරුණු සහිතව පැහැදිලි කර තිබෙනවා. නමුත් මේ දේවල් ජනතාව අතරට යනවද කියන දේත් හොයල බලන්න. වැඩිපුරම තියෙන්නෙ මඩ site ඉතින් කොළ පාට කන්නාඩි දාල බලන අය හිතන්නෙ මේව බොරු කියල. මම මේ වරායටයි ගුවන් තොටුපලටයි ගිහිල්ල දැකල තියෙන නිසා පිලිගත්තට ගොඩක් දෙනා කියන්නෙ හම්බන්තොටට නැව් එන්නෙ නැහැ කියල.

    ReplyDelete
  34. චාමික ජයසේකරApril 14, 2015 at 5:47 PM

    2009 මැයි 18 වෙනිදායි පසුව රට හදන යුද්ධය දියත් කරවීය... මෙරට පැවති සාමකාමි ස්ථාවර රාජ්‍ය පාලනය ගැන වටහාගත් ලොව පුරා ආයොජකයින් මේ රටට සීඝ්‍රයෙන් තම ප්‍රධානතම ආයෝජන වෙනුවෙන් පැමිණෙන්නට විය... ප්‍රධාන ලෙසම සංචාරක අංශයේ කෙරෙහි රජයේ ඇති අවධාණයද වටහාගත් ආයොජකයින් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් සදහා තම යෝධ ආයෝජන සිදු කරනු ලැබුවේ අප රට යුද්ධයෙන් පසුව අත් කරනු ලබන ප්‍රතිලාභය පිළිබද වැටහීම ඔවුන් තුල පැවතීමයි... විදේශිකයින් සංචාරයක් සදහා මෙරට්ට පැමිණීමට ඇති වැදගත්ම සාධකය වූ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණය ඒ වන විට සීයට සීයක්ම විසදී පැවතිණි.. යුද්ධය අවසන් වී ගතවූ පළමු වසර වන 2010 වසර තුල පමණක් ගුවන් මගීන් මිලියන 5.3 කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල භාවිත කලේය.... එය ඊට පෙර පැවති අගය මෙන් විසි හතර ගුණයක වර්ධනයක් පෙන්වීය... පසුව කටුනායක ගුවන් තොටුපල තම උපරීම මගී ධාරිතාව වන මිලියන හයේ සීමාවද පසුකරමින් තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපලක අවශ්‍යතාවය පෙන්වීය.. මේ වන විට ලෝකයේ ප්‍රධාන පෙලේ සගරා සියල්ලේම ,වාර්ථා වැඩසටහන් සියල්ලේම ලෝකයේ සංචාරකයින්ට සංචාරය සදහා වඩාත් සුදුසුම රටවල් 10 ඇතුලේ ශ්‍රී ලංකාව මුල් පෙල දිනා ගැනීමට සමත්විය.

    ලෝකයේ වැඩිවන ගුවන් මගී අවශ්‍යතාවය පුරවනු වස් 2018 වනවිට මිලියන 13 ක සංචාරක ඉලක්කය හබාගිය රජය දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොට මත්තල ඉදිකරනු ලැබුවේ ලොව විශාලතම ගුවන් යානා වන "A-380" වර්ගයේ ගුවන් යානාද ඉතා පහසුවෙන් ධාවන පථයට ගොඩ බැස්සවිය හැකි අයුරිනි... ඊට අමතරව කටුනායක ගුවන් තොටුපල දෙවැනි අදියර ලෙස ගුවන් යානා 24 කට එකවර සේවා ලබාදිය හැකිවන ලෙස කටුනායක ගුවන් තොටුපල සංවර්ධනය කිරීමේ සැලැස්මක නිරත විය... මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දේශීය ගෘහ නිර්මාන ශිල්ප ක්‍රම යොදා ගනිමින් ඉදිකල අතර එහි ගුවන් පාලන කුළුණ ලෝකයේ උසම හා ආකර්ෂණීයම ගුවන් පාලන කුළුණදවේ.... 2013 මාර්තු 18 වන දින ලොවට විවර වූ ගුවන් තොට පිළිබද රට පුරා දුරමත පැතිර වූවන් අද එහි මෙහෙයුම් කටයුතු නවතා දමා ඇත...මෙහිදී අප පැහැදිලි කර ගත යුතු කරුණක් ඇත.. මෙහි අවශ්‍යතාවය මේ මෙහොතේ දැඩිව නොදැනෙන බවක් ඔවුන් පෙන්වීමට උත්සාහ කලත් එහි අවශ්‍යතාව දැනෙන මොහොතේදී රටට එය අභියෝගයක් නොවීමේ මේ හා බැදුණු ව්‍යාපෘති මාලවක එක් සිද්ධි දාමයක් ලෙස මෙම ගුවන් තොටුපල නිර්මාණය වීම පෙන්වාදිය හැකිය... මෙවැනි අදහස් දරන්නන්ගේ වචන පිළිබද සලකා බලන්නේ නම් අපට එදා කටුනායක ගුවන් තොටුපල නිර්මාණය කරද්දී කොළඹ ( රත්මලාන ) ගුවන් තොටුපොල පැවතියා පොඩ්ඩක් හොයලා බලන්න එදා මේ තරම්වත් ගුවන් මගී අවශ්‍යතාවයක් තිබුණාද කියලා මේ වා වැඩ බැරි ටාසන්ලාගේ කතා විතරයි..මේ සියලූම රටේ ව්‍යාපෘති අන්යෝන්‍ය වශයෙන් එකට බැදිලා තියෙන්නේ.. ඒක ඉතා ක්‍රමවත් සංකීර්ණ සැලැස්මක් ...

    ReplyDelete
  35. Ruwan AbeygunawardanaApril 15, 2015 at 11:40 AM

    I am so happy to see this website, this is a national requirement today. Actually we had to have this prior to the Presidential election. Opposition spread lies like wild fire. I knew about A380 story , even in Canada we have very few airports which can be facilitated to A380. This article is a great one which is a eye opener for general public who believed the words of opposition. We need to bring back Mahinda Rajapashe to continue development of the country and the people. First we have to analyse the causes of the defeat. There are few things including conspiracy fueled by US and UK. Another main reason is MR was circled by wrong people, though he had very strong intelligent people, there are few idiots circled him, namely Mervin Silva, Sajin Vas and few uneffective and unproductive ministers. This is the best time to be recognized the real friends. I understood this truth few years before, I send messages to MR in many ways , I don't know whether he received them or not. I am a strong supporter of MR and I came to Sri Lanka in the election time. Finally I came back to Canada with tears. Please make a master plan with strong interlligent people like Wimal and Udaya, You are a luckiest person who got to have a brothers like Godabhaya Rajapakshe, my every time hero. So time has ripen to come to the seen.

    ReplyDelete
  36. Thanks for sharing this & very important. Can you pls start to publish these things on FB,news papers,TV ect...I don't know how practical this is.But to protect our nation we need this.We can see everyday this yahapalana team spreading so many lies even without any hesitate.
    Also I think if you add a facility to put like on each comment. So that will increase the publicity & number of comments in the page.

    ReplyDelete
  37. I think MR lost bcoz of the social media team of the UNP and spreading rumors. I don't think MR's team reacted to this sufficiently. Now UNP's social media team has started its work again by posting comments in public sites. Before the elections rather than telecasting the same advertisements over and over again, there should have been proper way to communicate MR's development work to people and educate people. Posting MR's banners everywhere wont help. Its because of MR's Election campaign he lost. Please do the campaign in an intelligent manner and also counter attack UNP's social media team (specially on fb)

    ReplyDelete
  38. Why can we use fb more efficiently to spread these news, otherwise UNP will again use their social media team, to spread mada..

    ReplyDelete
  39. කර්තෘතුමනි,
    මෙවර මැයි රැලියට සහභාගිවන ජනතාව වෙත මෙම ප්‍රවෘත්තිය බෙදා හැරීමට කටයුතු කරන ලෙස යෝජනා කරමි. තවද අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන මන්ත්‍රීවරුන් හරහා පුළුල් ප්‍රචාරයන් ලබාදීමට මෙම ප්‍රවෘත්තිය මුද්‍රණය කර බෙදාහරින්න. කර්තෘතුමාගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  40. ඒක හොඳ අදහසක්. අපි අදාල අංශ වලට ඒ පණිවිඩය යැව්වා.

    ReplyDelete
  41. Dear Editor

    Please take these comments seriously and all these are valuable ideas.

    ReplyDelete
  42. thilak siriwardaneApril 17, 2015 at 3:13 AM

    I am 200% agreed with the Mattala Air port and Magampura Harbour developments ,those two projects are golden resources to our country ,

    THIS IS WHAT MR. LENARD WOULF'S ( ONE OF THE GA'S OF SRI LANKA DURIN BRITISH GOVERN:) DREAM (LENARD WUOLF DUTU SIHINAYA HAMBANTOTA SURAPURAYK KALA HAKIYA....!!!!!),
    IT HAS COME TRUE ,BUT OUR POLITICIANS SHUOLD UNDERSTAND WHAT EVER THE COLOUR WHO EVER THE PARTY FOLLOW AND CONTINUE THE CORRECT PATH .

    WE ARE UNFORTUNATE TO MIS PRESIDENT RAJAPAKSE AND MR. GOTABAYA RAJAPAKSE ,....PLEASE COME BACK SIRS!.

    ReplyDelete
  43. yes brother I AGREE WITH YOU

    ReplyDelete
  44. wadakath meha sambanda vimata haki maga kiya denna

    ReplyDelete
  45. අයියෝ. ඇයි බං දැන් කියන්නේ මේවා? ඒ කාලෙම මෝඩ add දාන්නැතිව මෙවගේ වැදගත් දෙයක් දැම්මා නම් TV, Radio, papers, internet, FB වල, මේවගේ රට, ජාතිය ගැන හිතන්නෙ නැති jokersලා දැන් රට පාලනය කරන්නේ නැහැනෙ?. අපේ සිංහලයන් පට්ටම පට්ට මෝඩ ජාතියක් අම්මාපා. උන් තමුන්ගේ වාසිය ගැන පමණක් හිතලා දෙකකට බෙදුණා. අපේ සෝම හාමුදුරුවන් ගෙන් පස්සේ යම් ගැම්මක් එක්ක රට පෙරට ආවා. ( අම්මාපා මටනම් මාර තරහයි, කනගාටුයි මේ ගැන හිතන කොට). පුද්ගලිකව මටනම් දේශපාලනයන් කිසිම වාසියක් නැහෑ. හැබැයි මට පුලුවන් විදිහට අපේ සිංහලයන්ට කරුණු පැහැදිලි කලා ජනාධිපතිවරණයේදී. බලමු මොකද කරන්ඩ පුලුවන් කියලා ඉදිරියට. මට පුලුවන් විදිහට මම game එක දෙනවා. මේවගේ set එකක් වැඩේට බැස්ස එකට සතුටුයි!!!
    ජය වේවා!!!!!!!!

    ReplyDelete
  46. සහතික ඇත්ත!!! නියම වටිනාකමක් තියෙන posts සහ කොල්ලො, කෙල්ලො ටිකක් ඉන්නවා!!!!

    ReplyDelete
  47. බොහොම ස්තූතියි මේ තොරතුරු ප්‍රසිද්ධ කරන එකට.මෙහි සඳහන් කරල තිබෙන ගුවන් සේවා විෂයට අදාළ කරුණු වල සත්‍යතාවය පිළිබඳව ජාතික ගුවන් සේවයේ නිළධාරියෙක් විදිහට මමත් සහතික වෙනවා

    ReplyDelete
  48. Dear Editor,

    Whilst agreeing to some of your arguments such as Sri Lanka needing a second "back-up" airport, Sound Pollution factor, Airport needing to be away from built up areas due to emergency procedures etc, there are sill some questions that need clarification

    Feasibility:
    Before commencement, was a feasibility study done to choose the best location for our second international Airport? If yes, please make this report public. Maybe then all these questions can be answered in one blow.

    Location:
    Sri Lanka has around 12 Domestic Airports. Anuradhapura, Ampara, Koggala, Vavunia and Hingurakgoda being the main ones. I have spoken to some of my friends who are Pilots. According to them, since Sri Lanka is not a big country, any one of these Airports could have been developed. Hence your "flight route" argument is only partially correct. Most of the above domestic airports are also located near a large water source such as a lake and the same applies to your argument about the different weather zone requirement.

    Requirement:
    Technically, Airbus A380 can touch down in Katunayake. However, due to the large wingspan of the A380, the parallel runways cannot be used when the A380 is in operation. If more parallal runways are developed, the A380 could land in Katunayake without the above restriction. Contrary to your argument, the length of the current main runway is sufficient to land the A380. An A380-800 en route to Dubai from Sydney already landed at Katunayake on 09.01.2012 as reported by ITN could be seen on Youtube.

    Please note that these views are not politically motivated nor meant to discredit the Maththala Airport but due to my personal interest on clarifying some of the points in your article.

    Thanks and regards - Waruna

    ReplyDelete
  49. Thank you for your comment.

    Feasibility: There are dozens of feasibility reports regarding Mattala Airport, but non of those can be revealed to the public due to protect the business strategy of this project as well as those reports included the matters regarding the national defense. So only few facts in this article to support that project but if you know the real feasibility you will LOVE Mattala. :) MR never reveal the secrets of the national defense and business plans of the development projects, for his political benefits.

    Location: As stated on this article, it should be near to Hambantota port, so Mattala is a part of 10 years of Master Plan of the development of our country.

    Requirement: According to the information we got from the specialists of this subject, better to start another airport than developing the Katunayaka for A380. It is because the dozens of facts we stated to prove Mattala is important as the second Airport (The above paragraph "Location" is only one fact).

    ReplyDelete
  50. Dear Editor

    Thank you for your comments which are unfortunately insufficient to explain the points I mentioned.

    Feasibility: Dozens of Feasibility reports? Why dozens normally it is tedious enough to make one business plan for such a huge project? Citing business strategy and national security NOT to make the/these feasibility studies public, sounds like a lame excuse to me. Of course under the guise of National Security any information can be withheld (as is the case in USA). What kind of threats could be expected to National Security and what will be the negative effects on Mattala if the Feasibility and Business Plan were to be made public? Further, although there are some overlapping considerations, a feasibility is different from a business plan? If there are sensitive areas which can effect the business in the feasibility, these can be omitted and the rest of the feasibility study can be make public in my opinion.

    Requirement: How is it better to start a new airport rather than adding one or two more runways to the existing airport and improving the infrastructure accordingly? What are the negative points in developing the Trincomalee Harbour and Anuradhapura or Vavuniya Airports or starting a new airport in the vicinity of Trinco?

    Appreciate your comments - Waruna

    ReplyDelete
  51. I know why you are asking so many questions and the above answers are quite enough for you. Simple answer for your next questions is, "Mattala airport is important to be build at the same place, as there must be an airport near to Hambantota Port and near to the southern air root". Thank you.

    ReplyDelete
  52. Dear Editor

    Seems to me like you are implying "what we say is right. Don't question it. Just shut up and accept it" & I thought you would welcome an open dialog about all subjects mentioned in your website. However, overall, your website gives insight into some allegations from a different perspective which is welcome.

    Best regards - Waruna

    ReplyDelete
  53. සුදත් පියදර්ශනApril 27, 2015 at 2:08 AM

    අපේ රටේ අනාගතය ගැන මෙවන් නිහඩ උදාරතර මෙහෙයක් කල අපේ අප්පච්චී ඇයි ඔබතුමා මේ ගැන මාධ්‍ය හරහා නොකීවේ...... අපේ දරැවන්ගේ අනාගතය ................ දළදා හාමදුරැවනේ ඔබ වහනසේගේ පිහිටෙන් නැවත අපේ අප්පච්චී අපට සේවය කරන්න ලැබේවා

    ReplyDelete
  54. මත්තල ගුවන් තොටුපල ලිපියට ලැබුන ප්‍රතිචාර ඉතා හොදයි. මහින්ද මැතිතුමා බලයේ හිටියා නම් මේ වනවිටත් මත්තල විශාල දියුණුවක් ලබලා ආදායම් උපයන වටිනා project එකක් බවට පත් වී අවසන්. අලුතින් ආරම්භ කල project එකක නියම වටිනාකම පෙනෙන්න වසර කීපයක් යන්න ඕනේ. යහපාලනය සන්වර්දන කටයුතු සියල්ල නැවත්තුවා! මහින්ද නැවත රට භාර ගන්න බව ස්තීරයි. මහින්ද අපේ රට ආසියාවේ ආශ්චර්ය්ය කරා ගෙනියන එකත් ඉර හද වගේ ස්තීරයි.

    ReplyDelete
  55. I agree with some of the comments made by one Mr Dinesh.
    General public including some of the Parliament members who are just laymen over this issue are totally unaware of the other potential benefits which could be derived from an International Air port.
    When there is an Air port, general public want to see frequent air traffic. Now this not the case for some years to come because we know that it will take some time to spared the massage across the international Air Transport Community and on to other various clearances. For this reason it is very vital to inform the public about the benefits which can be derived from an International Air port. I think if one can improve Maththala facilitates as a center for the maintenance of International Air crafts is another viable venture.
    Also this port can be further developed as an Air Cargo transshipment activities

    ReplyDelete
  56. නුගත්,ලෝකය ගැන නොදන්නා විෂය කරුණු ගැන නොදන්නා මෝඩ යහපාලනයට චන්දය දුන්න මැටි ගොයියන්......... නොදන්නවා උවත් රටකට විකල්ප ගුවන්තොටුපලක් අවශ්‍යයි ඒවා වෙනස් දේශගුනික කලාප වල පිහිටීම ඉතාම වැදගත්. කාලගුණ තත්වයන් ගුවන්යානා හැසිරවීමට බාදා ඇතිකරන අවස්ථාවන් වල මත්තල ගුන්වතොටුපල ඉදිවීමට ප්‍රථම සිදුවුයේ ඉන්දියාවේ තමිල් නාඩුවේ ගුවන්තොටුපලවලට ගුවන්යානා හරවා යැවීමයි. මෙනිසා මගීන්ට හිරිහැරයක් මෙන්ම ගුවන් සමාගම් වලට පාඩුවක් සිදුවිය. එසේම ගුවන්තොටුපලක් එක්වරම කාර්යබහුල වන්නේ නැත කටුනායකත් මුලදී ඔහොම තමයි. දේශපාලන ගල්මුසල, කුහකයෝ…….බණ්ඩාරනායකවරු රත්මලාන න‍ග‍ර‍යෙන් ගුවන්තොට ගම්පහ කාලැවකට ගෙනගියා කියමින් මැරෙන්න හැදුවා ……නමුත් අද කටුනායක………? රාජපක්ෂ රජය කරන ලද වරදනම් හම්බන්තොට සැලසුමේ ඉදිරි පියවරයන් පැහැදිලිව ජනතාවට පහදා නොදීමයි. හම්බන්තොට නියමිත සැලසුම අනුව ක්‍රියාත්මක වූවොත් වසර දහයක් තුල ලොව ඉතාම දියුණු කාර්යක්ෂම ගුවන් තොටුපලක් වනු නොඅනුමානයි. නමුත් මෝඩ ජනතාවගේ නුගත් කම සහ ඇමෙරිකානුවන් හා ඉන්දියානුවන්ගේ කපටිකම නිසා රට විනාස වීම ආරම්භ වී ඇත. ඇමෙරිකානුවන් හා ඉන්දියානුවන් සිතන්නේ මෙය චීන ගුවන්යානා සඳහා ඉදිකර ඇති බවයි. සිංහල මෝඩ ජනතාව යහපාලනයට චන්දය දී තමුන්ට පමණක් නොව අපටද කෙලවා ඇත. යමපලනයට චන්දයදුන් ........රටට‍ හෙන්ගැසුවත් බඩතඩිය ගැන විතරක් හිතන බඩගෝස්තරවාදී අමනයින්ට අනාගත දැක්මක් නෑ ……මහින්ද ජනපති තුමා හිතුවේ 2020 -2030 වන විට රට ලෝකය ඉදිරියේ ඔසවා තැබිය යුතු තැනයි. රටක කර්මාන්ත ආරම්භයට පෙර යටිතල පහසුකම් තියෙන්න ඕනා. විශේෂයෙන් නව්ගතකිරීමේ පහසුකම් කර්මාන්තශාලා වලට යාමේ පහසුකම් ගුවන්ගතවිමේ පහසුව කාලයේ ඉතිරිය, සේවය කිරීමට අවශය ශ්‍රම සම්පත ඉඩ පහසුකම්. මාර්ග පද්ධති. හම්බන්තොට රාජපක්ෂ රජය කලේ එයයි. හම්බන්තොට මාවත් වසර 50ක්ට ගලපෙන්න සාදා ඇත අවශය යටිතල පහසුකම් සියල්ල සපයා ඇත ශ්‍රම සම්පත සහ ඉඩම් ඇත කර්මාන්ත ඇරඹුමට සියලු කටයුතු සූදානම්ය. නමුත් රාජපක්ෂ රජය මේ කරුණු පැහැදිලි ලෙස මොලේ නැති දැනුම ගන්න සිරස බලන ගොන්නුන්ට ඒත්තු ගැන්වුයේ නැත. එනිසා යමපලන ගොන්නු බයිලා කියමින් යහපාලනයට චන්දය දී මයිත්‍රී ගෙනවිත් අනාගෙන ඇත. අතිවිශාල ගුවන්තොටුපල අතිවිශාල වරාය මහාමාර්ග සියල්ල දශකයක කාලයක් තුල පනගැන්වී රට දියුණුවන බව යමපලන මැට්ටන්ට රාජපක්ෂ රජය තේරුම් කරන්නට කරදර වුයේ නැත...... එය තමා ඔවුන් කල වරද. ඕස්ට්‍රේලියාවේ හාබර් පාලම මිට වසර හතළිහකට පෙර සාදාද්දී එහි මංතීරු හයක් තිබිණ නමුත් එකල එපමණ මංතීරු වාහන සඳහා එය අවශ්‍ය නොවිය. වාසනාවකට අපේ රටේ වගේ හිතන මැටි ගොයියන් ඔස්ට්‍රලියාවේ නොවිය. යමපලන මැටි ගොයියන් සිතුවේ අද ගුවන්තොටුපල විවෘරත කලේ නම් මාස තුනක් යාමේදී ලොව තිබෙන සියලුම ගුවන්යානා එහි පැමිණිය යුතු බවයි........... තම බඩතඩිය ගැන පමණක් සිතන ගොන්නුන් අන්දවා අරාබියේ තම කාර්ය කරගන්නා ඇමෙරිකන් කාරයන් යමපලන ගොන් මොල වලට ඩොලර් ටිකක් විසිකර, ඇමරිකාවේ වත් නැති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තොරම්බල් කලවිට බඩගෝස්තරවාදී අමනයින් මෝඩ තීරණ ගන්නා බව අත් දැකීමෙන් දනී.......... දැන් සියල්ල සිදුවී හමාරයි කාලකන්නි මෝඩ සිංහලයන් පිරිසක් නිසා රට ජාතිය ආපස්සට යාම ඉතාම කනගාටු දායකයි...... මත්තල ගුවන්තොටුපල රැකගැනීමට පෙළ ගැසෙමු..........! මෙම SITE එක මිට වඩා ජනප්‍රිය කිරීමට අප කලයුතු යමක් තිබේනම් දන්වන්න ......!

    ReplyDelete
  57. Rohan මහත්මා, ඔබ කිව් දෙය හරියටම හරි. අපේ අයගේ ඇස් ඇරෙන්න, ඔබ ලියූ විදියට මිනිස්සු දැනුවත් කරන්න ක්‍රියා මාර්ග මහින්ද රජය ගත්තා මදි. නොදන්න කම වැඩි නිසා, යහපාලන මඩ ප්‍රචාර වලට ලෙහෙසියෙන් හසු වුනා අහින්සක මිනිසුන් පවා! ඔබ කිව් පරිදි Mahinda.info වෙබ් අඩවිය ප්‍රචලිත කිරීමට ඉක්මන් පියවර අවශ්යයි. මීට වඩා විශාල පිරිසක් අතරට මේ පනිවිඩය යන්න ඕනේ. ඔබ වැනි අයගේ දායකත්වය, මේ වෙබ් අඩවිය තව උසස් තත්වයෙන් අපේ කට්ටිය අතරට යාමට උදව් වන බව නොඅනුමානයි. ඔබගෙ වටිනා comment එකට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  58. I read the story about Matala and all most all the comments. While reading the article and other comments I do feel that we, all mainly Sinhaleses did a wrong decision.The result was Mr. Mahinda's lost. Ane he went home a real man. The gosple truth is that Mr. Mahinda was defeated by minorities votes. This simply says that the minorities band together when they can have benefits. But We, Sinhalese never do that. We hate each other and keep jealousy feelings about our people. before the election, I heard many people said that Mr. Mahinda is robber and his sons are enjoying the life. And they enjoy our money.

    I do think that the only man who can develop the country and bring a kind of fame to Sinhalese is former president Mr. Mahinda Rajapakssa. We are having the general election in due coruse and that election we must vote in favour of mr. Mahinda.

    ReplyDelete
  59. A new airport is mainly built for A380 types for which adding runways simply wouldn't suffice to accommodate them. Geographically speaking, airport in south would be far more accessible to planes comung from east Asia than in east as it would offer a broader hinterland. An inland place wouldn't be suitable for that.

    ReplyDelete
  60. As a Tamil I agree with these words. Tearubg each other down didn't everbenefit to anyone. What is to be gained by making another miserable? I saw enough misery around me and in the end everyone gets hurt. Even though I didn't vote at all this is bothering. Thousands have been losibg jobs just because some can't tolerate the beauty and prosperity created by another whom they dislike ferociously for no knownreason. North and east suffering the same because of that. People who can think beyond partisanship can understand. We must get together to reverse that unfortunate situation.

    ReplyDelete
  61. Maththala gana yam thorathuru warthaa wada satahanak washayen e kalaye rajaye maadhya wala vikashaya unath ewaa aakarshaneeya lesa janathawa atharata giye na.

    ReplyDelete
  62. Dilan I. SenevirathnaJune 22, 2015 at 5:04 AM

    අපේ රට, රටේ පිහිටීම අනාගත පෘතුවි බලවතුන්ට කෙසේ බලපායිද? මත්තල පමනක් නොව තවත් මාතෘකා බොහොමයක් ඇත. මහින්දාගමනය සහ ජාත්‍යන්තරය පිලිබඳව විවෘතව ජනතාව දැනුවත් කිරීම පහසු කටයුත්තක් නොවූවත් එය කල යුතුයි. අන්තර්ජාල භාවිතය අවම ගම්බද ජනතාව නිසි දැනුවත් කිරීමක් අත්‍යාවශ්‍යයි. එ් සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න. ( 88 / 89 සමයේ ජ.වි.පෙ කිසිදු ජනමාධ්‍යයක් භාවිතා නොකර තම සාමාජිකයින් දැනුවත් කල බව අමතක නොකරන්න)

    ReplyDelete
  63. Good job dear

    ReplyDelete
  64. Nuwan kulasekaraJune 23, 2015 at 5:35 AM

    මෙම පිලිතුර ඇයි කලින් ජනතාව අතරට නොයැවිවෙි.එසෙ කලානමි අදටත් මහිනද ජනපති

    ReplyDelete
  65. මේ වගේ මෙච්චර තොරතුරු ජනතාවට කියලා දෙන්න තිබුනේ චන්දෙට ඉස්සසෙල්ල. මහින්ද මහත්තයට හිතවත් කෙනෙක් වෙලත් ඔච්චර විස්තර මම දැනගෙන හිටියේ නැහැ. ලංකාවට දෙවෙනි ගුවන් තොටුපලක් අවශ්‍ය බවත් එය කොළඹට ඈතින් පිහිටුවිය යුතු බවත් ප්‍රශ්නයක් නැහැ.

    ReplyDelete
  66. අපිත් Mahinda.Info වෙබ් අඩවිය තුලින් තමයි ඔය වගේ කරුනු හුගක් දැනගත්තේ. Mahinda.Info කාර්ය මන්ඩලයට අපේ හද පිරි තුති මේ කරන වටිනා සේවයට!

    දෙවන විකල්ප ගුවන් තොටුපලක් රටක ඉදිරි ගමනට ඉතාම අවශ්යයි. එය ඈතින් පිහිටිය යුතුයි කාල ගුණ විශමතා හෝ වෙනත් බාදකයකදී ගුවන් යානා හරවා යවලා බා ගන්නත්, ක්‍රමවත් ගුවන් සේවයක් පවත්වා ගැනීමටත්.

    මහින්ද රජපක්ශ මැතිතුමා දූරදර්ශීව සැලසුම් කර ලොව විශාලතම ගුවන් යානාවටත් ඉඩකඩ ඇතුව හම්බන්තොට වරායටත් සමගාමි විය හැකි පරිදි මත්තල ගුවන් තොටුපල හැදුවේ.

    යමපාලනය අපේම කරුමෙට බලයට ඇවිත්, එන්න පෙර සිටත් පසුවත් ඇති තරම් චෝදනා කරලා මත්තලට විරුද්ද වෙල, බොරු බේගල් ගොඩක් කියලා ජනතාව රවට්ටලා චන්දය අරන් බලයට ඇවිත් මත්තල කටයුතු අඩපන කලා. ඔන්න දැන් ආයිමත් මත්තල හොද වෙලා. ගුවන් යානාත් එනවලු.

    ReplyDelete
  67. I made these observation sometime back. You have to tell this to ordinary people and debate in the parliament too. Lots of people don't have access to Adaderana or any website or facebook.These facts should be used during the elections.

    ReplyDelete
  68. Maduranga BandaraJune 24, 2015 at 3:11 AM

    magenuth oni support ekak labenawa... mewa minissu atharata geniyanna. onima welawaka mama soodanam .....

    ReplyDelete
  69. ai daiyana mava kiyanna mahhara parakku una.anagata daruvanta tibuna da nada nati una.mamath maka dakka dan.api dannava mahindaga aga.api uthshakarata api paraduna.paradaya tulin api navata nagitimu.

    ReplyDelete
  70. Godak Watina wisthara ........ Maie wisthara rataie seyaluma janathwa waietha ragaiena yana salasumk sadanna......! apagaie sahayogaya obata....!

    ReplyDelete
  71. jithendra pereraJune 25, 2015 at 2:31 AM

    බල තන්හාවෙන් මඩිය තර කරගන්න හිතන එවුන් මිසක් රටට ජාතියට වැඩ ඇති එවුන් අඩුයි .එහෙම හිටපු
    මහින්ද ජන්ධිපති තුම රටට වාසනාවක් සිංහලයො විදියට ලැජ්ජ වෙන්න ඔනෙ එතුමට ඡන්දෙ නොදුන් එවුන්

    ReplyDelete
  72. MEHI PALAKARA THIBENA SAMAHARA COMENT ETHA ARTHWATH,VIDIYATHMAKA, ADAHA,HA THORATURU THIBENAWA. ITHIN MOLAYAK KIYA KALADAK,THIYENA KENEKUTA MWA DAKIMEN NIN MATHUWATATH GOBELS NIYAYE BORU WALA APE RATE ATHTHA/NATHTHA WATAHAGANNA BARI JANATHAWA BERAGANNA NAM ME WATINA SATHTHI WUDA,WIDYATHMAKA WUDA,TORATHU WADI WADIYEN,NITHARA,NITARA APR RATE JANATHAWATA DAKEEMTA,ASIMATA SALASWIYA HAKINAM ,(NAWATHA CHANDAYAK ENATURU BALANOSITA )WADATH PALANELA GATHA HAKA,APE RATE ADUM THARAMIN THAMANGE DARUWANGE ANAGATHAYATA, DIYUNU RATAK,JATI BEDA NATHI SAMAKAMI RATAK, BIHIKARAGANNA PULUWAN KAGEND KIYALAWATH TERUM,BERUM KARAGANNA BARI MODA JANATHAWA INNA NISA GOBELS NIYAYA,RATA WINASA KARANA DESAPALNGE BORU WALATA,SIRASA WANI MEDIYA ALA,RATA WNASA KARAN PATHTHRA WALA HED LIN WALA ,HASUWLA MATHIWARANAWALADI RATA WINASA KARANA DESAPALUWANGE PAKSAYA (UNP)DIAWANNA VISALA CHANDA KUTTIYAK LABADENWA, ETIN ME DESA PALUWAN GEN ME AHINSAKA MODA RALAGE WATINA CHANDA TIKA LABAGANNA NAM OBALATA LOK MEHEWARAK KIRIMATA THIBEKIYA MAGE ADAHASAI. OBATH DANNA PARIDA APE RATE BAUDDAYA NALIKAWEN, AGAMIKA WASAYEN VISALA MEHEWARAK APE RATATH.MULU MAHATH VISHWAYATATH, ETHA SARTHAKAWA KARAGENA YANA BAWA RATATA ,AGAMATA ADARYA KARANA ONAMA PUTHGALAYEK DANNAA DEYK. MAMA DANNAPARIDI EA NLIKAWA PAWTHWA GENA YANNE APE RATETH/PITARATAWALA INA SADAHWTHUNGE ADARA MATHAI,EA WAGEM APATA BARIDA? AWANKAMA RATAGANA ADARAYAK/KAKKUAK THIYENA NALIKAWAK(EX. DERANA WAGE)NALIKAWAK UPAYOGI KARAGENA (MID NIGTH WALA NEMEI)PEEK TIME WALA KEEYAK UNATHA GEWALA ME WAGE JANATAWA SARALAWA,VIDIYATHMAKAWA,WISTHARA/DETA,VIDIYO CLIPS,(PAYABAGAYK ADMA TARAMIN)JANATHATA,ASIMATA,DAKEEMAT SALAS WEEMATA HAKI,APATA THAPPARAYEN,EKA PUTHGALYEK,VINADIYEN,KEEPA DENEK.PAYAKIN SIYAGANNAK,SATHI,MASAWALI,APE RATE BORUWATA YATAWELA INNA AHINSAKA JANATHAWA ADUREN ELIYATA GATHA HAKA,MAWATA MUDAL AWSSIYA BAWA ATHA ,API.API EKATHU WELA ,MUDAL HOYAGENA MAGE ADAHASA PRTIPALAKAK LABEVI YAI SITHANAWANAN,HAKI IKMANINMA KRIYATMAKA WEMU.(MEYA MUDAL GEWA PRCHARAYA KARANA LADI)KIYA APATA DERANA NALIKAWE PALA KARRANA BARID? MOKA THAMA APE RATE HAMOTAMA F/B,NNA NEDA?

    ReplyDelete
  73. People in foreign countries understand the value of such projects. The reason is media report the important government projects. Why can't we have a ordinary sinhala news paper for Mahinda so ordinary sinhala folks can read about those projects and understand the importance. Please have a printed news paper just for Mahinda and Gota to explain what terrific service they have rendered to our country.

    ReplyDelete
  74. In simple ters many sri lankans connot see distant future.

    ReplyDelete
  75. මැතිවරණයට මහින්ද එනවද යන්න අළුත්ම තොරතුරු දෙන්න.

    ReplyDelete
  76. එතුමා විශේෂ ප්‍රකාශයක් කරනවා. එනිසා අපි එතුමට කළින් කියන එක හරි නෑ. :)

    ReplyDelete
  77. It is good if we are allowed to copy paste text from this site so that we can take the required parts for our posts/comments. Think of providing short answers and or picture/ photo posts also because they are more effective in facebook comments/posts.

    examples:
    https://www.facebook.com/photo.php?

    ReplyDelete
  78. මේ ලිපියේ තව කරුණු අඩුයි නේද?

    මත්තල ගුවන්තොටුපොළ හදල ඉවර උණාට තාම Medical Emergencies වලට Hospitals, Flights Delay වුනොත් හා මගීන්ට ඉන්න Hotels හදලා නෑ. තාම ගුවන් සේවා සපයන ආයතන මත්තල පාවිච්චි කරන්න පටන් ගන්න නැතිවෙන්න හේතුවක් ඒක.

    දැන් Shangri la Hotel එක හදාගෙන යනවා.
    Hospital ඒකත් සෑහෙන දුරට සම්පුර්ණයි.

    http://www.development.lk/project_detail-1a--69.html
    http://www.sundayobserver.lk/2014/11/16/fea10.asp


    මේවා හදන්න කලින් මත්තල open කළේ BIA extension එකේ Phase II පටන් ගන්න, BIA resurfacing ඉක්මනට පටන් ගන්න ඕනෙ නිසා.

    http://www.news.lk/news/business/item/5324-bia-phase-ii-to-kick-off-by-early-2015

    නමුත් BIA Phase II හදන එක මේ ආණ්ඩුවෙන් නැවැත්තුවා, ඒක හදන්න ගියේ නෙළුම් මලක හැඩයට නිසා. ඒක ආපහු Redesign කරනවලු ආපහු විශාල මුදලක් වියදම් කරල, නෙළුම් මල හැඩය වෙනස් කරන්න විතරක්; හරියට මහින්දෝදය නම අයින් කළා වගේ.

    http://www.airport.lk/bia_stageII/images/Slide1.JPG


    මත්තල කියන්නෙ "Greater Hambantota Development Project" කියන එකේ තව එක පුරුකක් බවත්,

    http://www.airport.lk/rfp_hia/rfp_development.php
    http://www.airport.lk/rfp_hia/rfp_layout.php

    ගොඩක් අය හිතන් ඉන්න විදිහට මත්තල open කරපු ගමන් project එක ඉවර නොවෙන බවත්
    වරාය, මත්තල, administrative complex, hospital, cricket stadium, Uma Oya, Convention center, Free trade zone, flying school, botanical garden, hotel complex, මත්තල - හම්බන්තොට -මාතර highway කියන සියල්ලත් මත්තල Phase II III සියල්ලත් සම්පුර්ණ වුණාම තමයි මත්තල Full Capacity එකෙන් වැඩ කරන්න පටන් ගන්නේ කියන එකත් මේ ලිපියෙන් සාකච්ඡා කරලා නැහැ.

    ReplyDelete
  79. Hats off. Everyone should share this. People should know the truth . Thank you for the information

    ReplyDelete
  80. yaluwa meka danna news paper akaka mkada ape rata un net use karanna tka denai .

    ReplyDelete
  81. MAMA KARUNA ITHA PEHADILIWA KETIYEN JANATHAWA WETHA YEWIYA UTHUI AWITA JANATHAWA BORU MADA PRACHARA WISHWASHA KARANA EKAK NAHA..PUWATH PATH DAN WEEM MAGIN

    ReplyDelete
  82. all these are true,but try to find out why he lost the presidential election,

    ReplyDelete
  83. hi. can please send me " matatala gena noki rahas" Article PDF file.

    thank you

    ReplyDelete
  84. unfortunately for us gone a great president if he'd be we shall have a beautiful country. I am now very worried, I think now everything will be destroied

    ReplyDelete
  85. Dr, me news eka pala wenna ona aththatama news paper ekaka. mokada lankawe hamoma internet bawitha karanne na. kohoma unath me tharam wadagath karunu tikak pahadala dunna ekata sthuthi. Mattala airport eka, Magampura waraya kiyanne me ratata karapu wadagathma ayojanayan 2 kyla wadi kal nogihin ape rate moda janathawata therevi.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.