Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන් නුවර එළියට - ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්.

Saturday, April 25, 2015

මහින්ද මැතිඳුන් නුවර එළියට - ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්.

මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය ශ්‍රී සම්බෝධි විහාරයේ බෝධි පූජාවකට සහභාගිවී සමන් දේවාශිර්වාදයද ලබා ගැනීමේ අවස්ථාවට අද සහභාගී වුණා. නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් බෝධිපූජාව පැවැත්වුණා. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස, නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පගමගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.





පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ පින්තූර.

mahinda-2[1]

mahinda3[1]

mahinda4[1]

යාලුවන්ටත් දැක බලා ගන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.