Mahinda Rajapaksa: පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි, ඒත් ගෝඨාභය ව සිරගත කිරීමට සූදානම්.

Wednesday, April 22, 2015

පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි, ඒත් ගෝඨාභය ව සිරගත කිරීමට සූදානම්.

[1]. පසුගිය කාලයේ රටේ ආන්දෝලනයට ලක් වූ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ චෝදනාවන් සහ ඒ සමග ගිය මඩ අවලාද ව්‍යාපාරය අවසන් කරමින් ඇවන්ගාඩ් නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කළා. ඒ බව ජාතික පුවත්පත් වල වාර්තා වී තිබුණේ මෙලෙසයි.

දිවයින පුවත්පත 2015.03.04. මෙතනින්.

divaina

[2] ඊට අමතරව ඇවන්ගාඩ් නාවික ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එජාපයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූයේ මෙලෙසයි.



[3] කිරිඇල්ල මහතා පැවසූ කරුණු වලින් වැදගත් දෑ කිහිපයක්.
(1). රක්නා ලංකා ආරක්ෂක සමාගම රජය සතු සමාගමක් වේ. (රක්නා ලංකා ආරක්ෂක සමාගම ආරම්භ කළ කාලයේ එවකට මහින්ද විරෝධී ජනමාධ්‍ය විසින් එය ගෝඨාභයගේ පුද්ගලික සමාගමක් කියමින් මඩ ගහපු හැටි ඔබට මතකයි නේද?)

(2). සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් විසින් පිටරට සමාගම් වෙත අනුයුක්ත කිරීම සඳහා රෙගුලාසි පනවා නොතිබුණ නිසා පෞද්ගලික ආයතන බොහෝමයක් මගින් සාගර ආරක්ෂක නිලධාරීන් යෙදවීම පාලනයකින් තොරව සිදුවිය. මේ නිසා හමුදා වලින් පැන ගිය පුද්ගලයන්ද අපරාධ වාර්තා ඇති අය එම් රැකියා වලට සම්බන්ධ වී ඇති බව නිරීක්ෂණය විය. මෙම තත්ත්වය අඛණ්ඩව සිදුවූවානම් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය ත්‍රාන්ත්‍රික සම්බාධක පැනවීමට ඉඩ තිබුණි.

[4] අන්න ඒක වලක්වන්න තමයි රජයටම අයත් රක්නා ලංකා ආරක්ෂක සමාගමටම අනුබද්ධ ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂක සමාගමට මහ සයුරේ ආරක්ෂාව ලැබෙන්නේ. ඊටත් අමතරව ඇවන්ගාඩ් වෙත ඒ සඳහා සුදුසුකම් අනිකුත් සමුද්‍ර ආරක්ෂක සමාගම් වලට වඩා තිබෙනවා. ඇවන්ගාඩ් යනු ලෝකයේ පිළිගත් සමුද්‍ර ආරක්ෂක සමාගමක් වීම, විශ්‍රාමික නාවික හමුදාපතිවරුන් පවා සම්බන්ධ වී සිටීම, ආදිය ඊට උදාහරණයි. එසේම රක්නා ලංකා වෙතින් අදාල බදු මුදල්ද නිසි පරිදි ගෙවා ඇති බව කිරිඇල්ල මහතාම පවසනවා.

[5] ඇවන්ගාඩ් නීත්‍යානුකූලයැයි රජය පැවසූ බවත් ජනමාධ්‍ය වාර්තා කරනවා.

divaina1

ඇවන්ගාඩ් නීත්‍යානුකූලනම් ඒ වෙනුවෙන් රජය විසින් පනවා ඇති නඩුවත් ඉල්ලා අස් කරගත යුතුයි.

[6] එහෙත් පසුගියදා මහනුවර පැවැත්වූ රැළියෙන් පසුව සිදුවූයේ කවුරුත් නොසිතූ දෙයක්. ඇවන්ගාඩ් හි උපදේශකවරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු නාවික හමුදාපති තුමාගේ ගුවන් ගමන් තහනම් කරනු ලැබුවා.



[7] කිරිඇල්ල මහතාම පවසන පරිදි ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමට තිබූ වාතාවරණය වෙනස් කරමින්, එය ආපසු අපගේ වාසියට යොදාගෙන ලෝකයේ අංක එකේ සමුද්‍ර ආරක්ෂන සමගමේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා දීමේ මාස්ටර් ප්ලෑන් එක සෑදූ විරුවාට ඒ වෙනුවෙන් අද උසාවි ගානේ බඩගාන්න සිදුවී තියෙනවා.

"පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි - ඒත් එහි උපදේශකයෙක් වූ ගෝඨාභය රාජපක්ෂව ලේසියෙන් අතහරින්නේ නෑ!". ඔන්න ඕකයි අපිට වත්මන් ආණ්ඩුවෙන් දෙන පණිවිඩය.

[8] ඉහත වීඩියෝව අගදී ජෝන් අමරතුංග මහතා පවසනවා පළවෙනි අදියරට එතුමන්ලාගේ පාස්පෝට් තහනම් කළා කියලා. එතකොට දෙවෙනි අදියරේදී වෙන දේ ඔබට හිතාගන්න පුළුවන්.

[9]. ඒක තමයි දැන් සිදුවෙමින් පවතින්නේ. නොකළ වරදක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමේ ප්‍රශ්න කර අත් අඩංගුවට ගැනීමට යහපාලනයේ නාමයෙන් ආණ්ඩුව සූදානම් වෙනවා. (අල්ලස් කොමිසමේ කැරැට්ටුව මෙතනින්) පහත දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සම්බන්ධ ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ ඒ ගැන පළ වූවක්. (ලිපිය මකා ඇති බව පෙනෙන නිසා වෙබ් කෑෂ් මූලාශ්‍රය මෙතනින්)

lankadeepa

[10]. ගෝඨාභය රාජපක්ෂ මහතා වරදක් කළ නිසා හෝ, අඩුම තරමින් වරදක් කළ බවට ඇති සැකයක් නිසා හෝ මෙසේ වූවානම් අපට කනගාටුවක් නෑ. ඒත් සිදුවන්නේ ආණ්ඩුවෙන්ම ප්‍රසංශා කරන ඇවන්ගාඩ් සහ රක්නා ලංකා ආයතන ගැන ප්‍රශ්න කරමින් එතුමාව බන්ධනාගාර ගත කර, වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය නිසා දුක් වෙන අයව සතුටු කිරීමට හැදීමයි.

කොටි හිතවාදීන්ව සතුටු කිරීම සඳහා රටක් ගලවා ගත් විරුවෙක්ට කරන මේ නින්දිත පළිගැනීම ගැන Share කර සියල්ලන්වම දැනුවත් කරන්න.