මහින්දෝදයටත් යහපාලනය සිදුවෙයි. අවනීතියෙන් මහින්දගේ නම ගලවයි.

[1]. දින 100 තුළ අලුතෙන් සිදුවුණ සංවර්ධනයක් නොමැති වුවත්, එදා මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර පසුගිය දිනෙකත් ප්‍රසන්න රනතුංග මහතා විසින් විවෘත කළ හැටි mahinda.info වෙතින් ඔබ වෙත ගෙන ආවෙමු.

[2]. එහිදී මහින්දෝදය නැමැති නම වෙනස් කර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම ඇතුළත් කරන ලෙස ඉල්ලුවද බස්නාහිර පළාත් මහ ඇමති වරයා එය ප්‍රතික්ෂේප කළේය.

[3]. අධ්‍යාපන ඇමති තනතුර ලබා ගත් වහාම අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූයේ “මින් ඉදිරියට පුද්ගල නාමයන් පාසල් වල නම් සඳහා භාවිතා නොකරන බව” යි. එසේම දේශපාලඥයින්ගේ නම් පාසල් වලින් ඉවත් කරන බවත් ඔහු පැවසුවේය. මූලාශ්‍රය. ඒ අනුව ශ්‍රී ලංකාවේ බොහෝ කීර්තිමත් පාසල් වල නම් වෙනස් වීමට නියමිතව තිබුණි.

[4]. සමහර විදුහල් පළාත් සභාව යටතේ පවතින බැවින්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන්ට අනුව මධ්‍යම ආණ්ඩුවට ඕන විදිහට ඒවායේ නම ඉවත් කිරීමට නොහැකි නිසා, නීතියට පිටින් ගොස් නම ඉවත් කළ ආකාරයකුයි පහත දැක්වෙන්නේ. සීදූව දිවිසමර විදුහලේ සහ ශ්‍රී පඤ්ඤාණන්ද ජාතික පාසලේ මහින්දෝදය විද්‍යාගාර වල පුවරු වලට මෙලෙස යහපාලනය උදා විය.

1 copy

2 copy

3 copy

4 copy

[5]. ඒ අතර දයාසිරි ජයසේකර මහතා දීගල්ල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමට යාමේදී එහි සමරු ඵලකය පවා ගලවා ඉවත් කර තිබුණි.

[6]. නිදහස් අධ්‍යාපනයේ පියා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතා බව ආණ්ඩු මාරු වීමෙන් පසුව වෙනස් වුණේ නැත. මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමයේ ගෞරවය ලලිත් ඇතුලත්මුදලි මහතාට ලැබීම ආණ්ඩු මාරු වීමෙන් පසුව වෙනස් වුණේ නැත. එහෙත් දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඉතිහාසයෙන් මකා දමා එතුමා කළ සියලුම දේවල් වල ගෞරවය හොඳින් හෝ නරකින් සමහරුන්ට අවශ්‍ය වී තිබේ. එසේ ගත්තාටද කමක් නැත, නමුත් මෙහිදී පාසල් දරුවන් සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ ඉතාමත් නරක ආදර්ශයකි.

Share කර යාලුවන්ටත් පෙන්වන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහින්දෝදයටත් යහපාලනය සිදුවෙයි. අවනීතියෙන් මහින්දගේ නම ගලවයි.

  • Dinuu

    Prasanna, Dayasiri Methidhunta apey pranamaya! Yamapalana mevani thakkadi deshapalanaya api hamotama dhan vatahenavaa! Yamapalanaya gedara yavanna api suudaanam!
    Sanveydee kudaa daruvanta balapaam sidhuvana mevani nindhitha kriyaa tharaye HELA DHAKIMU! varadikaruvan soya dhaduvam diya yuthui!

  • Jaya

    Dhina100 ta karapu deyak netha. Pasu giya rajaye dhavantha sanvardhana katayuthu kadaakappal kireema, melesa avaman kireema pamany keruve. aluthin yamak ratata danenna yamak keruvada?
    Yuddaya nimaa karalaa rata sanvardanaya karapu Mahinda Methidhunvath ethumaa samaga ekvee ratata sevaya karapu ayavath DHADAYAM karamin, BORU Mada Prachara gena yamin rata avurudhu gananaavakin aapassata adha dhameema pamanay keruve!
    USA UK INDIA vani rataval sathutu karanna, ema ratavala aadhipathyayata yatavee, KOTIYAA nalavamin, APEY UDHAARA RANA VIRUVAN jeevitha pooja kota, athapaya ahimi karagena dinaa gath Mavbima bandesiyaka thabaa kotintama pooja karamin, apey UTHUM MAVBIMA apey NIVAHAL DESHAYA apita ahimi kireema pamany Dhina100 ta yamapalanaya keruve!

  • RATA wenuwen

    Munta wena wadek nedda HITAN HUTAN!

  • Emma

    lokabanku adara Nama Mahindata ane hitan !!!!

  • Walter Perera

    Its like Bloody prabakaran ruling the country

  • sayumi

    Garandiyaata Boomi Thel Wagei Unp kaarayaata Mahinda.
    Banner Ekak Dakkath Athi, Yanthan Nama Ahunath Athi;
    Danawa Kasanawa Dangalanawa,Me Wage Gon Wada Karanawa.

  • Power

    මහින්දදෝදය නම ගලවන කාළක්ණ්නින්ගේ හම ගලවන්ඩ ඕන,ඕකුන් මේ පාසල් වල ඉගෙනගන්න නංගිලා මල්ලිලාටත් “මහින්ද රාජපක්ෂට වෛර කරපන්” කියලා කියන්ඩයි මෙහෙම අමන උත්සහ වල නිරත වෙන්නෙ.තොපිලා මේවගේ නම ගැලෙව්වට මේ පාසල් වල ඉගෙන ගන්න ඕන කෙනෙක් දන්නවා මේ ගොඩනැගිලි හැදුවේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපට අධ්‍යාපනයෙන්,තාක්ෂණයෙන් ඉදිරියට ම ගොස් නව ලෝකයට පිය මනින්න කියලා.

    හැබැයි කාළකණ්නි එකක් දැනගනිං..මහින්ද නාමය සැබෑ දේශප්‍රේමී ලොකු,කුඩා ජනතා හදවත් තුළ ගලේ කෙටූ අකුරු වගේ තැන්පත් වී හමාරායි. එ්ම නිසා මේවැනි අමන වැඩ කරාට ඒ හදවත් වල තියෙන සදා අමරණීය එම නාමය තොපිලට මකන්ඩ වෙන්නෙ හීනෙන් තමයි.

Leave a Reply