මහින්දෝදය නැවතත්… දින 100 ට පසුවත් ඇත්තේ මහින්දගේ වැඩ විතරයි.

[1]. විශාල ගෝෂාවක් නැගූ දින 100 වැඩපිළිවෙළ තුළ ජනතාවට දැනෙන ආකාරයේ කිසිදු සංවර්ධනයක් ආරම්භ වුණේ නෑ. දින 100 ට පසුවත් බිහි වන්නේ පසුගිය වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කඩිනමින් ඉදි කළ සංවර්ධන ව්‍යාපෘතීනුයි.

(i). මීට දින කිහිපයකට පෙරත් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත් වූ අතර, අද දිනයේත් මහින්දෝදය විද්‍යාගාර 2ක් සිසු අයිතියට පත් වූවා.

(ii). පහත දැක්වෙන්නේ දිවුලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය, බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් සභා මන්ත්‍රීනී සමන්මලී සකලසූරිය මෙනෙවිය අතින් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවයි.

24 copy

6 copy

16 copy

1 copy

5 copy

9 copy

10 copy

15 copy

19 copy

21 copy

 

(iii). පහත දැක්වෙන්නේ පස්යාල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවයි.

5 copy

4 copy

3 copy

2 copy

1 copy

6 copy

7 copy

8 copy

9 copy

 

[2]. මහින්දෝදය

(i). රට පුරා ඉදිකෙරමින් පවතින මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1,000 අතුරින්, බස්නාහිර පළාතේ මහින්දෝදය විද්‍යාගර 56 ක් ඉදිකර වැඩ අවසන් කර තිබෙනවා. මෙතෙක් සිසු අයිතියට පත් නෙකෙරුණූ විද්‍යාගාර කඩිනමින් වැඩ අවසන් කර විවෘත කිරීමට කටයුතු යොදනවා.

(ii). සෑම දෙමහල් “මහින්දෝදය” තාක්ෂණික විද්‍යාගාරයකම, පරිගණක 40 කින් යුත් පරිගණක මධ්‍යස්ථානයක්, පරිගණක 20 කින් යුත් භාෂා විද්‍යාගාරයක්, භෞතික විද්‍යාගාරයක්, ගණිත විද්‍යාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා “නැණසල” ඒකකයක් අඩංගුයි.

(iii). 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා වලට අයත් පාසල් (ජාතික පාසල් නොවන ඒවා) ගැන තීරණ ගන්නේ පළාත් සභා වලින් බැවින් ඉහත විද්‍යාගාර වල “මහින්දෝදය” නම වෙනස් කිරීමට යහපාලන ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා.

 

මහින්ද රාජපක්ෂ මැතිතුමා අද තම නිවසේ විවේකීව සිටියත්, තවමත් බිහි වෙන්නේ එතුමා එදා ඉදි කළ යෝධ සංවර්ධනයේ ප්‍රතිඵල නෙමෙයිද?

යාලුවන්ටත් Share  කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to මහින්දෝදය නැවතත්… දින 100 ට පසුවත් ඇත්තේ මහින්දගේ වැඩ විතරයි.

  • indika

    Mahinda janadipathi thumata benna ctb bus pawechchi karanawa keyala.ada udgoshanayata ctb bus walin thama kattiya genawe..

  • Power

    මේ පාසල් වල ඉගෙන ගන්න මේ තාක්ෂණය බුක්ති විදින ආදරණීය නංගිලා මල්ලිලා වෙත…

    උබලා මේ පරිගණක වලින් මෙහි තියන අනෙක් විෂයන් වලින් වැඩ දාලා නව ලෝකය ජය ගනිල්ලා.හැබැයි ඔය පහසුකම් නව ලෝකයට පිය නඟන්න උබලට හදලා දුන්නු මහින්ද ජනාධිපතිතුමාට ඟරහන්ඩ නම් හිතන්ඩ එපා, එහමෙ කරොත් උබලා ඔය ඉගෙන ගන්න දෙවල් උබලට යා දෙන එකක් නම් නෑ.

    එහෙම කරොත් ගමේ භාෂාවෙන් කියනවා නම් හෙණ ගහනවා.

    මම හිතනවා මේ රටේ දැන් ඉන්න කාළකණ්නි යමයන්ට මේ දේවල් අමතක වුණාට, උබලා එහෙම කෙළහිගුණ අමතක කර කළවැද්දන් පිරිසක් බවට පත් නොවෙයි කියලා.

  • Dinuu

    ජන හදවත් සුවද කරන පිවිතුරු සුදු නෙලුම ඔබයි..
    යුද ගිනි දල් නිවා දැමුව වීර විකුම් නිරිදු ඔබයි..
    මගෙ රට- මගෙ දැය සුරකින සෙන්පති තෙද බලැති ඔබයි..
    පින්බර ලක් පුතුනි ඔබට මගෙ මව්බිම කිරුල හිමියි!

    ප්‍රසන්න මැතිතුමා සමන්මලී මෙනෙවිය ඇතුලු මේ සත්කාර්යයට උර දුන් සැමට
    අපේ ප්‍රනාමය!
    ඇතිගරු මහින්ද ජනපති තුමා දැයේ දරුවන්ට උරුම කර දුන් මෙම පහසුකම් වලට කළ ගුණ සිහි තබා ගැනීම දරුවන් සහ දෙමව්පියන්ගේ යුතුකම විය යුතුයි!

  • RATA wenuwen

    අප හද දිනු උතුමන්ගෙ දුර දැක්ම,
    අනාගතේ සරුවන්නට කල කදිම,
    ගුන දර්මයන් වපුරා මෙ රට රැකුම,
    බාරයි පුතේ ඔබලා හට බල මහිම .

  • Dinuu

    රට දැය සමය සුරැකුව ජනපති මැතිදූ..
    යුද බිය තුරන් කර බියකරු කොටි පැරදූ..
    ඔබමය මගෙ රටට හෙට පායන දිනිදූ..
    රැක දෙනු මැනවි තෙද බල ඇති කද සුරිදු!!

    ඔබ එන තුරා මග බලමින් අප්පච්චී..
    තුන්තිස් පැයේ නෙතු කදුලින් බරවෙච්චී..
    ලග ලග ඇසෙයි රණ බෙර හඩ අප්පච්චී..
    ජය ගොස නගා අපි හිනැහෙමු අප්පච්චී!!

    යන මග දෙපස ජනගග වට කර ගන්නයි..
    ඔබෙ ගුණ සුවද දස අත පැතිරී යන්නයි..
    අප හද පැතුම ලෙස යලි පෙරමුන ගන්නයි..
    තිස් තුන් කෝටියක් දෙවිදුන් රැක දෙන්නයි!!

  • RATA wenuwen

    සමන්මලි එඩිතර ප්‍රිය යෙහෙලියකි ,
    ප්‍රසන්නයන් එකතුව ඉටුකල වැඩකි ,
    මැතිදු මහින්දගෙ ගුන කද බොහොමයකි ,
    ලගකදි “ඉරක්” පායනවා නියමයකි.

  • Nishantha Kumara Dissanayaka

    Thun hele kela thula etha sinha petawu un netha rata athara gosin….. prasanna ranathunga obata jathiye upaharaya. sebe sinhalayakuge gunanga oba sathuy.digukal dinewa………..

  • NANDANA SALINDA

    මම M B B S වෛද්‍යවරයෙක්. වෛද්‍ය විද්‍යාලයට ගියේ දැරණියගල ගමේ පාසලින්.1992 දි.මම COMPUTAR එකක් දැක්කේ MEDICAL FACALTY එකේදී. නමුත් අද ගමේ දරුවන්ට ඊට වඩා වැඩි තාක්ෂණයක් ලැබිල තියනවා. මහින්ද ජනපතිතුමනි ඔබට පිං.

Leave a Reply