මහින්ද ට UNP ය උදව් කරන බවට රාජිත කළ චෝදනාවට පිළිතුරු

මහින්ද රාජපක්ෂ මහතාට එජාපය උදව් කරන බවට රාජිත සේනාරත්න මහතා මෑතකදී ප්‍රකාශ කළේය. එහි වීඩියෝව පහතින්.

එම චෝදනා සම්පූර්ණ අසත්‍ය වන අතර ඒවා එකිනෙක විමසා බලමු.

– “මහින්ද රාජපක්ෂ මහතා එජාපයට දෙවන බලඇණියක් වශයෙන් උදව් කරයි” යනුවෙන් රාජිත පවසයි.

1. එය සම්පූර්ණ අසත්‍යයකි. මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටින්නේ ලක්ෂ 58 ක් වූ තමන් හට ඡන්දය දුන් ජනතාව වෙනුවෙනි. එතුමාගේ වත්මන් කටයුතු වලින් එජාපයට කිසි සේත්ම උපකාරයක් නොවේ.

2. ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස යට ඡන්දය දුන් පාක්ෂිකයින්ට, තමන් එරෙහිව ඡන්දය දුන් අපේක්ෂකයා යටතේ කටයුතු කිරීමට යෝජනා කිරීම හරහානම් ශ්‍රීලනිපය කඩා වැටීමෙන් එජාපයට උපකාරයක් වේ. එහි වගකීම වත්මන් ශ්‍රීලනිප නායකත්වය භාරගත යුතු වේවි.

3. පසුගිය ජනාධිපතිවරණ කාලයේ එක්සත් ජාතික පක්ෂයට උපකාරී කළේ කවුදැයි පහත පින්තූර වලින් පැහැදිළිව දැක්වෙයි.

එජාප මූලස්ථානය වන සිරිකොත හි පිහිටවූ සන්නිවේදන මධ්‍යස්ථානයට වත්මන් ශ්‍රීලනිප නායකයා ගිය මොහොත
B3WBrWuCUAAX4WG[1]

හිටි ගමන්ම ශ්‍රීලනිපය මතක් වී කෑ ගසන රාජිත සේනාරත්න මහතාත් සිරිකොතේ.
maithree_sirikotha1[1]

4. අමුතුවෙන් ජනතාවට ඔප්පු කිරීමට දෙයක් නැත, මෛත්‍රීපාල සිරිසේන මහතා යනු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පත් වූ ජනාධිපතිවරයායි. රාජිත සේනාරත්න මහතා උපකාරී කළෙත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාටයි.

– “එදා අනුර – මහින්ද – මෛත්‍රීපාල සේනානායක 1980 දි එජාපයට උදව් කළා” යනුවෙන් රාජිත පවසයි.

1. මෙයත් බොරුවකි. මහින්ද රාජපක්ෂ මහතා කිසිම දාක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගොස් නැත. ශ්‍රීලනිපය වැටී ඇති අවස්ථාවන්හීදී මහින්ද මහතා එය ගොඩ ගත් ආකාරය මෙම ලිපියෙන් පැහැදිළි කළෙමු. https://www.mahinda.info/2015/03/slfp/

2. නමුත් සැබෑ ලෙසම ශ්‍රීලනිපය අපහසුතාවයට පත් කරන ලද්දේ රාජිත සේනාරත්න මහතා විසිනි. ඔහු දේශපාලනය ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. එහෙත් ඔහු විජය-චන්ද්‍රිකා සමග එක් වී ශ්‍රීලනිපයෙන් ඉවත් විය. නැවතත් 1994 දී එක්සත් ජාතික පක්ෂයෙන් කළුතරින් මන්ත්‍රීකම ගත්තේය. 2007 දී එක්සත් ජනතා නිදහස් සංධානයේ (ශ්‍රීලනිප ය සිටි ආණ්ඩුව) ඇමති කමක් ගත්තේය. 2014 දී නැවතත් ශ්‍රීලනිපය ප්‍රමුඛ සංධානයෙන් ඉවත් වී එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සමග එක් විය.

– “මහින්ද දේශපාලනයට ගෙන ඒම පිටිපස්සේ එජාපය සිටිනවා” යනුවෙන් රාජිත පවසයි.

1. එයත් සම්පූර්ණ අසත්‍යයකි. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ආගමික වතාවත් වල නිරත වීමට පවා එරෙහිව එජාපයේ සමහරු පසුගිය කාලයේ කී දේවල් අපි ජනමාධ්‍ය වලින් දුටුවෙමු. එතුමා නැවත දේශපාලනයට එන බව කියමින් ඊට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් එජාපයෙන් දියත් කරන ලදී. (ඒ එකදු චෝදනාවක්වත් අධිකරණයේ ඔප්පු කිරීමට මාස 3 ක් ගොස් ඇති මේ අවස්ථාවේදීවත් එජාපය සමත් වී නැත.)

2. මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට නාවොත් ඉන් වඩාත්ම වාසිය සිදුවන්නේ එජාපයටයි. මේ තිබෙන තත්ත්වය අනුව මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට කිසි සේත්ම ජයග්‍රහණය කළ නොහැකි බව අති බහුතරයක් ශ්‍රීලනිප ප්‍රාදේශීය නායකයින් පවසයි..

– “සතුරාගේ සතුරා මිතුරා වේ. සිරිසේන නැමති සතුරාගේ සතුරා එජාපයයි, එනිසා එජාපය මිතුරා වේ” යනුවෙන් රාජිත පවසයි.

1. එදා මෙදා තුර කාලයේදී වගකිවයුතු ඇමතිවරයෙක් සහ මාධ්‍ය ප්‍රකාශක වරයෙක් පැවසූ අමනෝඥම කතාව එය බව අපට සිතේ. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සතුරා එජාපය නොවේ. එජපය යනු සිරිසේන මහතාට ජනාධිපති වීමට ඡන්ද ලැබුණ පක්ෂයයි. එනිසා එජාපය යනු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මිතුරා වෙයි.

Ranil-and-Sirisena2[1]

2. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පැමිණ, එජාපය ප්‍රමුඛ සංධානයක අපේක්ෂකත්වයෙන් ජනාධිපති බවට පත් වී, ජනාධිපති වූ සැනින් පාර්ලිමේන්තුවේ බහුතරයවත් නොතිබුණ එජප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය තනතුර ලබා දී, වැදගත් ඇමති තනතුරු සියල්ලම එජාපයට ලබා දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපයේ සතුරෙක් බව කිසි සේත්ම කිව නොහැකියි.

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන් ඒ ආකාරයෙන් ගල් පැලෙන බේගල් අදින්නේ රටේ ජනතාව තණකොළ කනවා යැයි සිතගෙනද?

Share කර මිතුරන් අතරේ බෙදා හරින්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහින්ද ට UNP ය උදව් කරන බවට රාජිත කළ චෝදනාවට පිළිතුරු

  • Siriman

    Rajitha boru kaarayek bava mulu ratama dannavaa! dhan nam moley wire maaru vela!

  • Siriman

    Apey Mahinda Methidhun hamadaama pakshaya aarakshaa kalaa! Riju prathipaththi athi edithara kenek! mulu ratama aadarey etumaata!

  • RATA wenuwen

    Rajitha naemathi pudhgalayaa boruwea upathayi. Eya mulu ratatama oppuwi awasanayi, Musaawaadhaa wearamani sikkaa padan samadhiyami kiya pansil gannaa bahudhdhayek neadha obathumaa, kohoma kiwwath api MAHINDHATA !!

  • Asanka

    somebody says about Rajitha

    රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

  • Viswanath

    Mohugea PROJECT EKA Hri gihinn,Hari Sathutennn, Balamu JANATHA Project Eka……??????

  • RATA wenuwen

    Hina dhakinawaa minisaa dhawalata,
    Boru aedhabaannea hirikitha naehae ohuta,
    Chethiya Rajuyi pata pedhune ema namata ,
    Rajaku noweyi NARIYEK bawa peneyi mata

  • Power

    අනේ…මුගේ මේ ඇස් ගගහා ගහන පච ගැන රටම දන්නවා.
    තවත් ඔය මෝඩ බොරු හරියන්නෙ නෑ.

Leave a Reply