පොලිස් රණගලගේ පහරදීම සහ ජනපතිවරණයේ කුමන්ත්‍රණ හෙළිදරව්ව.

කතුවැකිය: මෙම සියලු හෙළිදරව් වල පරමාර්ථය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත අන්තර්ජාලයේ එල්ල කරන අභූත සහ අසත්‍ය මඩ චෝදනා සඳහා ප්‍රති උත්තර ඉදිරිපත් කිරීම පමණි. මෙහිදී පුද්ගල නම් හෙළිදරව් කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ මෙම ලිපියේ කරුණු සත්‍යාපනය කිරීම මිස කිසිවෙකුවත් අපහසුතාවයට පත් කිරීම නොවේ.

[1]. මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම සඳහා ආණ්ඩු පාර්ශවයේ අය විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවකින් මෙම පෝස්ටරය දමා තිබුණි. මේ පෝස්ටරය තුළින් වැදගත් කතන්දරයක් දිගහැරේ.

ranagala

(i). එදා මහින්ද පාලනය යටතේ සරසවි සිසුන්ට පහර දීමක් ගැන ඔවුන් දමා තිබෙන පින්තූරයේ සරසවි සිසුන්ට පහර දෙන උසස් පොලිස් නිලධාරියා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධතා ඇති පොලිස් SSP ප්‍රේමලාල් රණගල මහතායි. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ තවත් පින්තූරයකි.

Capture[1]

(ii). ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී සරසවි සිසුන්ට මෙලෙස පහර දීමට මහින්ද රාජපක්ෂ මහතාට කිසි සේත්ම අවශ්‍ය නැත.

(iii). අනික් අතට පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයෙක් (SSP) මෙලෙස උද්ඝෝෂකයින්ට පහර දීම සාමාන්‍යයෙන් සිදු නොවන්නකි.

(iv). පහර දීමට කිසිදු නියෝගයක් නිකුත් කර තිබුණේත් නැති බව අපට වාර්තා විය.

(v). එසේම පළමු පින්තූරයේ දැක්වෙන පොලිස් පහරදීම් අවස්ථාවේ එහි සිටි උසස්ම පොලිස් නිලධාරියාත් SSP ප්‍රේමලාල් රණගල මහතායි.  ඒ අනුව එය මෙහෙයවූයේ රණගල මහතාගේ අණ පරිදි බවට අපට නිගමනය කිරීමට සිදුවෙයි.

(vi). පොලිස් SSP ප්‍රේමලාල් රණගල මහතාගේ සහෝදරයෙක් මෙන්ම පුතාත් එජාප ප්‍රබලයන් ය.

(vii). පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවෙන් එම පහර දීම ජනාධිපතිවරණයට පෙරදා ත් දේශපාලන ප්‍රචාරයට යොදා ගත් අයුරුයි.

ranagala1

(viii). එසේනම් ජනාධිපතිවරණයෙන් පසු මේ වන විට දින 100 කට වඩා ගත වී ඇතත් ප්‍රේමලාල් රණගල මහතාට එරෙහිව එරෙහිව කිසිදු ආකාරයේවත්  නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවී නැත. අනෙක් අතට එය එජාපයෙන් කළ මඩ ගැසීමක්නම් ඊට එරෙහිව රණගල මහතා නීතිමය ක්‍රියාමාර්ග ගෙනත් නැත. ඒ අනුව එහි සිදුවී ඇත්තේ දේශපාලන “කුමන්ත්‍රණයක්” ම බව වැටහෙයි. (පාථලී චම්පික රණවක මහතා පසුගිය ආණ්ඩුවේ සිටිමින් මුස්ලීම් ජනතාවට බැනවැදී, ආණ්ඩු මාරුවත් සමග ඒවා කතා නොකිරීමත් එවැන්නකි)

(ix). පොලිස් SSP ප්‍රේමලාල් රණගල මහතාගේ පුත් ප්‍රධාන් රණගල යනු එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වරයෙකි. ඔහුත් ඉහත පින්තූර යොදාගනිමින් කළේ ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි. ඒ ඉන්නේ තමන්ගේ පියා බව නිකමටවත් පවසා නැත.

premalal-ranagala

ප්‍රධාන් රණගලව දන්නා අය “යහපාලන ආණ්ඩුවෙන් තාත්තාට දඬුවම් ලැබුණේ නැත්තේ ඇයි?” දැයි ඇසිය යුතුයැයි සිතේ.

 

[2]. ප්‍රේමලාල් රණගල නැමැති තමන්ගේ පියා මහින්ද රාජපක්ෂ මහතාට යටහත් පහත් බව ප්‍රධාන් රණගල පැවසුවද ඔහුගේම තවත් පෝස්ට් එකකින් කියන්නේ තවත් කතාවකි. (පහත දැක්වෙන ෆේස්බුක් ස්ටේටස් එක ඔහු මකා දමා ඇතත් වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් එයම කොපි කර නැවත පළ කර ඇත)

pra

(i). නමුත් එවන් හමුදා කුමන්ත්‍රණයකට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ නැති බව අණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාම පැවසුවේය. ඊනියා හමුදා කුමන්ත්‍රණය ගැන මැකො ඇතුළු අනෙකුත් අය කී දේවල් මෙතනින්.

(ii). එවන් හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේනම් ඒ ගැන කටයුතු කිරීමට ආණ්ඩුවෙන් දින 100 ම බලා සිටින්නේ නැත. එසේම මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කිරීම සඳහා තිස්ස අත්තනායක මහතාට ඇමතිකමක් දීම වැනි විහිළුසහගත චෝදනාවක් නැගීමට අවශ්‍ය වෙන්නේත් නැත.

 

[3]. ප්‍රධාන් රණගල මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසා අතේ මාට්ටු වූ තවත් අවස්ථාවක් පහතින්. එහි විස්තර මෙතනින් කියවන්න.

10856464_758871110864295_1073830589837453706_o

 

[4]. ප්‍රධාන් රණගලගේ තවත් අතේ පැලවූ මඩක් පහතින්. මූලාශ්‍රය.

pradan

(i). නමුත් එහි සිටින්නේ ආනන්ද විජේතිලක නැමැත්තෙක් හෝ විමල් වීරවංශ මහතාට සම්බන්ධ අයෙක් නොවේ. එම පුද්ගලයාගේ නම Mohd Syakir නම් වෙයි. එම ෆේස්බුක් ප්‍රොෆයිලය දැන් ඉවත් කර ඇති නමුත් ගූගල් කෑශ් වලින් මෙතනින් බලන්න.

(ii). අපගේ තොරතුරු ජාලය හරහා ලැබුණ Mohd Syakirගේ තවත් පින්තූර පහතින්.

shakir3

shakir2

(iii). ප්‍රධාන් රණගල පවසන ආකාරයට “ආනන්ද විජේතිලක” නැමැත්තෙක් ඉහත ආකාරයේ ඇඳුම් වලින් සැරසී නොසිටින බවට ඔබට අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නැත. ඒ අනුව ජනපතිවරණයේදී මඩ ගැසීම සඳහා ප්‍රධාන් රණගල විසින් ජාතිබේධ ඇතිකළ ආකාරය පැහැදිළි නොවන්නේද?

 

[5]. ප්‍රේමලාල් රණගල මහතාගේත්, ඔහුගේ පුත් ප්‍රධාන් රණගලගේත් කුමන්ත්‍රණකාරී කටයුතු ගැන දැනගැනීමට ඒ ප්‍රමාණවත් යැයි සිතමි.

[6]. “විදේශ කුමන්ත්‍රණ” යන වචනය පවසද්දී ඒවාට ඉහත පරිදි බොහෝ අය නිශ්චිත මූලාශ්‍රදක්වන්නේ නැති බැවින් එය සමහරුන්ට විහිළුවක් වී ඇත.  එහෙත් ඉහත දැක්වෙන්නේ එලෙස විදේශ අරමුදල් හරහා පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සිද්ධීන් කිහිපයක් පමණි.

[7]. ඒ අනුව මෛත්‍රීපාලනය සහ මහින්ද පාලනය ගැන සංසන්දනය කිරීමට UPFA – Brighter Future මඩ පිටුවෙන් දැමූ පින්තූරය අතේ පැලවුණ තවත් යහපාලන පචයක් විය.

[8]. මෙහිදී ප්‍රේමලාල් රණගල මහතා සහ ඔහුගේ පුතා ගැන අන්තර්ජාලයේ මූලාශ්‍ර ඇති තොරතුරු පමණක් මූලශ්‍ර සහිතවම වාර්තා කර ඇත. ඒවා නැවතත් කියවා “කුමන්ත්‍රණ” ගැන නිගමනයට එළඹීම ඔබට බාරයි.

[9]. එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන ලංකාඊනිවුස් වැනි වෙබ් අඩවි මෙන්ම එජාප ෆේස්බුක් පේජ් වලින් පවා පසුගිය රජයේ නිලධාරීන් ගැන ලිපි ලිවීමේදී භාවිතා කරන “සට්ටැඹියා” “හොරා” “මැරයා” “මිනීමරුවා” ආදී වචන සහිත පහත් භාෂා විලාෂයන්, මහින්ද රාජපක්ෂ මහතාට පූර්ණ වශයෙන්ම සහාය දෙන එකම වෙබ් අඩවිය වන mahinda.info කිසි සේත්ම භාවිතා නොකරන අතර විරුද්ධවාදීන්ට වුවද “මහතා” ලෙස අමතන්නෙමු. එය ඔවුන් සහ අප අතර වෙනසයි.

 

යහපාලනයේ වෙනස.

[10]. පහත දැක්වෙන්නේ යහපාලන ආණ්ඩුවේ නියෝග මත 2015/03/31 දින ජයවර්ධනපුර සරසවියේ සිසුන්ට සහ භික්ෂූන් වහන්සේලාට පොලිසිය ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කළ අවස්ථාවකි. (මේ ලිපියේ මුලින්ම ඔබ වෙත ගෙන ආ පින්තූරයෙන් එජාපය සරසවි සිසුන්ව රවටන හැටි පේනවානෙ.)

[11]. සංධාන ආණ්ඩුව කාලයේදීත් එවැනි දේවල් සිදු නොවූවායැයි අපි නොකියමු. එහෙත් ඒ බලයට පත් වී අවුරුදු ගණනාවකට පසුවය. එජාපය බලයට පත් වී මාස 2 ක් ගිය තැන, පාර්ලිමේන්තුවේත් බහුතරය නොමැතිව, තවත් මහ මැතිවරණයක් ඔන්න මෙන්න තිබියදී එවැන්නක් වුණානම්, අවුරුදු 6 කට එජාපය බලයට පත් වුවහොත්, සරසවි සිසුනි ඔබට වෙන දේ සිතාගත හැකියි නේද?

[12]. අප දන්නා ඉතිහාසය අනුව අප රටේ රාජ්‍ය නායකයෙක් බුදු පිළිම වලට පහර දී කඩා දැමුවානම් ඒ ක්‍රිපූ 77 දී රජ වූ “චෝර නාග” නැමැති පාලකයා විසිනි. විස්තර. නමුත් මෑතකදී පත් වුණ යහපාලන ආණ්ඩුව, කූරගල පුද බිමට බොදු බැති ගී ගයමින් සංසුන්ව වැඩම කළ භික්ෂූන් වහන්සේලාට පහර දුන් අතර, ඉදිරියෙන් වැඩම කළ බුදු පිළිම වහන්සේටත් අධි බල ජල ප්‍රහාරයක් එල්ල කර එය කුඩුපට්ටම් කිරීමට හැදුවේය. මූලාශ්‍රය. (මෙපමණ මූලාශ්‍ර දැමීමට සිදුවන්නේ යහපාලනයෙන් අන්ධ වූ අය ඒවා දරාගත නොහැකිව එය මහින්ද යුගයේ සිදුවූවක් බව කිව හැකි නිසයි). ජල ප්‍රහාරයක් බුදු පිළිමයේ ශීර්ෂයටම එල්ල කර බුදු පිළිමය විනාශ කිරීමට හදන වීඩියෝව පහතින්.

කොහොමද මිත්‍රවරුණි ලැබුණ යහපාලනයේ වෙනස?

යාලුවන්ටත් මේවා දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

11 comments to පොලිස් රණගලගේ පහරදීම සහ ජනපතිවරණයේ කුමන්ත්‍රණ හෙළිදරව්ව.

  • yohan

    ape moda minissunta danwat mewa terenawa nam loku deyak..api katawal kedena kam kiwwa..ahuwe na un..

  • බෙන්තර කොල්ලෙක්

    සත්‍ය කවදා හෝ ජය ගනීවි මහින්ද මතිදුනි….සොබහදහම නිසි පිළිතුරු දෙනු ඇත…

  • Kithsiri Rajakulage

    sri lankawe 1989-90n pasu ipaduna nawa chanda dayaka parapurawa denuwath karamin., sri lankawe pasugiya UNP palana kaalaye owun sidukala manawa aiythiwasikam ullanganaya kirim.,deshapalana paligenim.,menma bheeshanayan.,duushanayan.,merakam.,saha siyaluma prajathanthra nowana magodi kriyawan elidaraw kalayuthuwiya.,( “ange indan Kana” Kana Ewun Men Langinma indan Janadhipathithuma ethulu Rajaya Apahasuthawayata Pathwana Aakarayen Kriya karamin.,Hesirunu kumanthrana karuwan handuna gannawita api pramada wuwa wiya hekiya.,?

  • මහසොහොන් පිල්ලිය

    කොහොමද මිත්‍රවරුණි ලැබුණ යහපාලනයේ වෙනස?
    අති විශිෂ්ටයි සෑර්!!! 😀

  • Dinuu

    බුදු පෙරහරට කල හිරිහැර අප දුටුව..
    සරසවි තරුණ කැළ මඩනට වෙර දැරුව..
    ජල පහරමයි හිරිහැර ඇත අඩු නැතුව..
    යහපාලනය රටකට කල අවනඩුව..!

    බටහිර උපදෙසට කොටියව රකින්නට..
    බහුතර සිහල පරපුර නැති කරන්නට..
    අන වින කරන අය අකැපය ලක්මවට..
    ඇය රැකගන්න හෙට බාරයි මහින්දට..!

    ඔබ කල මෙහෙය රට විපතින් මුදන්නට..
    සිහිකර ඔබට නිති හරසර පුදන්නට..
    අවසර දෙන්න මට මේ ටික කියන්නට..
    ඔබ හැර කවර පිහිටද දැන් ලක්මවට..!

  • RATA wenuwen

    Neluma Obayi Mada Gohoruwea Pipi Yasata,
    Mathindhu Obayi Garu Pudhasath Labannata ,
    Edithara Kamin, Bala Wickkrama Penwanta,
    Oba DHEVIYEKYA Apa Ranbima Rekaganta

    Waiwaram Mada Dhiyawel Ekapita Eka Mathuwanne,
    E Dhiyawel Ran Abarana Weyi Apa Garu Mathidhunne,
    Satharawaram Dhevi Pihiten Oba Thejasa Pathuramine,
    Rata Rekumata , RATAwenuwen Oba Samagayi Apa Inne.

  • nawoda

    bouwata ayusa ne.. den yahapaalanaya waha paalanaya wi hamaarai..duka ape rata aurudu 50ta apassta giya me wenasa nisa meti mollu kala..

  • Power

    තෝ ඇස් දෙක පොට්ට වෙච්ච එකෙක්ද ප්‍රධාන් පරයෝ..මහින්ද ජනාධිපතිතුමා ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව උදෑසන විශේෂ ප්‍රකාශයක් කරමින් මේ ලක්වාසී බහුතර ජනයාගේ දෑසට කදුලක් එක් කරමින් අරලිය ගහ මැදුරෙන් නික්ම ගියා තෝ දැක්කෙ නැද්ද..?අනික තෝ කියනවා පරාජිතයා කියලා.කොහෙද යකෝ පරාජිතයෙක් ඉන්නෙ,එතුමා පරාජය වුණේ නෑ.එතුමා පරාජය කරන්ඩත් බෑ.එතුමා නැවත එනවා ඇවිත් තොපිලට වැඩේ දෙනවා ආය ගෙදරට වෙලා නිදා ගන්ඩ.තොපිලනෙ යකෝ ජීවිත කාලෙම පැරදි පැරදි ඉඳලා රණවිරුවන්ට අවමන් කරපු රනිල් පිං අගමැතියා කරගෙන ආප්ප පාල එක්ක දීග කන්ඩ පටන් ගත්තෙ.ඇත්තමයි තොපිලට විලි ලැඡ්ඡාවක් කියලා එකක් වත් නැද්ද යකෝ..?තොපිලා අනුන්ගේ පහනෙන් එළිය බලන පෙරේතයෝ ටිකක්නෙ…තව උන් ටිකක් මහලොකුවට ගහගෙන ඉන්නවා UPFA- A Brighter Future කියලා තොපිලගෙ ආප්ප පාල UNP පරාජිතයේ ටිකත් එක්ක මඟුල් කනකොට තොපිලටත් දැනෙනවා ඇති නේද මහලොකු Brighter Future එක,දැන්න ආප්ප පාල දඟලනවා ශ්‍රී ලංකා එක දිනවන්ඩ එතකොට ආප්ප පාල දිනවන්ඩ දරදිය ඇද්ද UNP යට මොකද වෙන්නෙ..ඔබලා එතකොට ගහගනිං UNP- A Brighter Future කියලා.

    තොපිලගේ මේ මඩ පාරවල් වලට අපිත් නිකං මඩ කාගෙන බලාගනෙ ඉඳියි කියලා හිතුවද..?
    තොපිලා දැනගනිං මේ රටක් වටින නායකයන්ට බොරු අවලාද ගොතමින් මේ රටේ ජනයා මුළා කරමින් මේ කරගෙන ගිය කරගෙන යන යමපාලන වෙනසට අපි අනිවාර්යයෙන්ම දැඩි ප්‍රහාර එල්ල කරලා යහපාලන ත්‍රස්තවාදය මේ ලංකාවෙන් අතුඟා දමනවා.

    පුලුවන්නම් නවත්තපං…

  • Orpheus

    We knew these things in our minds. We did not have any evidance.Also the remanded DIG’s wife tried to frame Mrs. Rajapaksa about gold ingots, Ravi tired to frame Gota about he account in Thaprobane branch, Mess up the avan gaurd jobs, DG of BC is politically and personally fully biased to UNP and charging Rajapaksa fmily and other officials, CB cheif’s Bonds fraud just to trick the people, commeetee was 2 UNP lawyers who gave a report saying Ravidran is not diretly involved and that is the end of it and Ravi asking what is the problem. Police is trying to charge Udaya fro not carrying National flag adopted in 1948. This is fine democarcy and West is approving only for us. We have to tell the Gods or shoot these Ministers who think people are stupid idiots. I trust even if all these people are put in the prison before the election, people will vote new MP’sand not UNP.

  • Orpheus

    I think It is not too late to bring these issues and bring a no-cofidence motion and remove Ranil and Ravi with reference to appointment of DG to bribary commission where they can penalize political opponents. Also about the way CB Bonds fraud problem was handled. If Ravidran is not directly involved is that the end of bloody UNP lawyers queries about the fraud? The No Confidence motion need to be properly forwarded and sinhalese media should cover it well.

  • Amila

    Genuine politics by mahinda.info…..We all supports you.Long live for you.

Leave a Reply