මහින්දව අල්ලස් කොමිසම්ට කැඳවනවානම් රනිල්වත් කැඳවන්න – රජීව

TH10_RANIL__G71_TH_2274393e[1]පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන යාමට යහපාලන ආණ්ඩුවෙන් උත්සාහ ගත්තේ, ජනාධිපතිවරණ කාලය තුළ පුරප්පාඩු වී තිබූ සෞඛ්‍ය ඇමති කම තිස්ස අත්තනායක මහතාට දුන්නා කියමිනි. එහෙත් හිස් වූ ඇමති ධූරයක් පිරවීම ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතියක් වන අතර, එම ජනාධිපති බලතලය ජනාධිපතිවරණ කාල සීමාව තුළදීවත් අහෝසි නොවන බව ව්‍යවස්ථා විශේෂඥයින් විසින් පෙන්වා දී තිබුණි. වැඩි විස්තර මෙම ලිපියෙන්.

නමුත් ඊට වඩා අති බරපතල චෝදනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති බව වාර්තා විය. අප මෙය පළ කරන්නේ පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වූ එම ඇමතිකම ලබා දීම ගැන චෝදනාවට තවත් පිළිතුරක් වශයෙනි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිෂව් සභාවට පැමිණිලි කළ යුතු යයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා විසින් එම කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවා ඇත.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ තිස්ස අත්තනායක මහතාට අල්ලසක් දීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ද එවැනි චෝදනා මත විමර්ශනයක් කළ හැකි බවයි.

[1]. අමාත්‍ය රවුෆ් හකීම් මහතා වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට සහායදීම සඳහා “මුදලක් ඉල්ලූ බව” අගමැතිවරයා තමන්ට පවසා ඇති බවත්

[2]. රිශාඩ් බදියුද්දීන්ට ඇමති ධුරයක් ලබා දුන්නේ ඔහු වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට සහය පළ කිරීමේ කොන්දේසියක්මත බව අගමැතිවරයා පැවසූ බවද

එම ලිපියේ දැක්වේ.

rajiw

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉහත චෝදනාව නගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි මන්ත්‍රීවරයෙක් නම් ජනතාව එය නොසලකා හරිනු ඇත. එහෙත් ඉහත චෝදනාව නගන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා පසුගිය කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් අයෙකි. ඒ අනුව යහපාලනයට සහාය දුන් අයම යහපාලනයේ කෙරුවාව ජනතාවට හෙළිකරමින් සිටී.

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to මහින්දව අල්ලස් කොමිසම්ට කැඳවනවානම් රනිල්වත් කැඳවන්න – රජීව

  • Dinuu

    නීතිය හැම කෙනාටම එක සමාන වෙන්න ඕනේ. නමුත් ජනපති මහින්ද මැතිදුන්ට එම චෝදනාව නගන්න කොහොමත්ම බැහැ විධායක ජනපති ධූරයේ සිටියදී කරපු පත්වීමක් නිසා. අපි බලමු මේ ලිපියට අල්ලස් කොමිසම දක්වන ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා.

  • Power

    ඔව්…ජනතාව හිතුවා මහින්ද ජනාධිපතිතුමා පරාජය කරොත් රටට සෙතක් වෙයි කියලා.එහෙත් ජනයාට වැරදුනා, රට ආරථික අතින් සංවර්ධනයෙන් දවසින් දවස ප්‍රපාතයටම ගියා. යහපාලනය පටන් ගත්තු දවසේ සිට ගෙදර TV එක දැම්මම කොයිවෙලෙත් පෙන්වන්නෙ අධිකරණය හෝ බන්ධනාගාරය මොකද තියෙන්නෙම පුද්ගලික වෛරී පළිගැනීම හැබැයි කිව්වෙ නම් “රටකට ඕනෑ අපමණ අගයක් ඒකට ඕනෑ මෛත්‍රී යුගයක් කියලා” හිටං.මේ මලකෝලම් දැකලා දේවල් අහලා,දැකලා රටේ යහපාලනයට ඡන්දය ප්‍රකාශ කරපු ජනයාට පවා මේ මෛත්‍රී,රනිල් විවාහය කල්කදුරු තිත්ත කල්ල ගුලියක් වගේ තිත්ත උනා.

    ජනයා ඉල්ලුවේ යහපාලනය
    මෛත්‍රී දුන්නෙ යමපාලනය

  • RATA wenuwen

    Come on! Prof. Rajiw you should know more than that.
    BALLALU MALLEN ELIYATA PANIE,
    Pinguththara agamathi ge Thatiya Rathwuna , Rotiya Pichchunna, Eka Karawela, Dan gilapiya
    .

  • විශ්වනාත් ජයසේකර

    මෙම රජයේ යහපාලනයේ හොඳයයි කිවහැකි කිසිම දෙයක් නොදැක්කෙමි. බොරුවෙන් බලය ලබාගත් මෙම කට්ටරැලට කුමක් කරමුද?

  • ASOKA

    LTTE DIAPORA FUNDED RS. 2 MILLION TO UNP.

Leave a Reply