පිස්තෝලයක් සහිතව මෛත්‍රීපාල ළඟටම ආවාද? මෙන්න ඇත්ත.

[1]. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාව ඝාතන කිරීමේ ප්‍රවෘත්තියක් ගැන ව්‍යාජ කටකතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මඩ කණ්ඩායම විසින් දියත් කරලා තිබෙනවා. අපට වාර්තා වෙන පරිදි එම මඩ මෙහෙයුමේ අරමුණු මෙලෙසයි.

(i). මහින්ද රාජපක්ෂ මැතිතුමාට දී ඇති ආරක්ෂාව අඩු කිරීම සාධාරණීකරනය කිරීම.

(ii). මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මඩ ගැසීම.

(iii). තාර්කිකව බලන කල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ආරක්ෂාවට වැඩිම තර්ජනය එල්ල වන්නේ එජාපයෙන් බැවින් (එවිට රනිල් වික්‍රමසිංහ මහතා ඉබේම ජනාධිපති වන නිසා) එතුමාට මොනයම් හෝ හානියක් වුවහොත් එය මහින්ද පාර්ශවයට බැර කිරීමට කල් තියාම පිඹුරුපත් සකසා ගැනීමට එජාප පාර්ශවයට අවශ්‍ය වීම.

 

[2]. එහි එක් පියවරක් විදිහට, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත මඟින් පළකළ පුවතකුයි පහත දැක්වෙන්නේ.

lankadeepa

**********************

එම පුවත මීටත් වඩා සාහසික ආකාරයෙන් අනෙකුත් එජාප මඩ වෙබ් අඩවි වල පලවී ඇති නමුත් ඒවායේ  අයිතිකරුවන් අප්‍රකාශිත බැවින් කිසිදු වගකීම් සහගත භාවයක් නොමැති නිසා ඔවුන්ට ඕනෑම දෙයක් ලිවීමට හැකි බව මැදහත් ජනතාව වටහා ගන්නවායැයි අප විශ්වාස කරනවා. එනිසා ලංකාදීප පුවත ගැන පමණක් අවධානය යොමු කරමු.

(i). අඟුණුකොළපැළැස්ස්සේ පැවතුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිත සම්මේලනයයි. නමුත් එයට සියලුම මහජනතාවට විවෘතව ආරාධනා කර තිබුණා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් එතුමාට ලැබුණ ආරාධනාව පිට එයට සහභාගී වුණා. ඒ බව ලංකාදීප ලිපියේ සඳහන් කරලා නෑ.

(ii). කිසිදු හමුදා කෝප්‍රල් වරයෙක් හෝ වෙනත් හමුදා නිලධාරියෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරක්ෂකයින් ලෙස වර්තමානයේදී ලබා දී නෑ. ඒ අනුව එකී නිලධාරියා නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙක් ලෙස දැක්වීම බොරුවක්.

(iii). එලෙස පැමිණි පුද්ගලයා හමුදාවේ නිවාඩු ලබා සිටින රණවිරුවෙක්. ප්‍රදේශයේ රැස්වීමක් නිසාත්, රටේ ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු රටේ ප්‍රභූන් පැමිණ සිටින නිසාත්, එතුමන්ලාව දැකබලා ගැනීම සඳාහ එම රණවිරුවාත් එහි පැමිණ තිබෙනවා. සාමාන්‍ය ජනතාව අසුන් ගත් ප්‍රදේශයේම ඔහුත් වාඩි වී තිබෙනවා.

(iv). ඉතින් ඔහු යුද හමුදවේ සේවය කළ රණවිරුවෙක් නිසා, ජනාධිපති ආරක්ෂක අංශයේ අය (ඔවුනුත් යුද හමුදා සෙබලුන්) ඔහුව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු ආවේ කුමකටදැයි ප්‍රශ්න කර තිබෙනවා. එවිට හේතුව කියා තිබෙනවා. (රටේ ජනාධිපතිවරයා, කථානායකවරයා ආ බැවින් එතුමන්ලාව දැක බලා ගැනීමට පැමිණියා).

(v). ඔහු සතුව කිසි සේත්ම පිස්තෝලයක් තිබී නෑ. එවැනි පිස්තෝලයක් තිබුණානම් එම රැස්වීමට ඇතුළු වීමට ඔහුට කිසි සේත්ම ඉඩක් ලැබෙන්නේත් නෑ.  එම් සිද්ධිය ඇසින් දුටු හම්බන්තොට ශ්‍රීලනිප පාක්ෂිකයින් අපට වාර්තා කළ ආකාරයට එම රණවිරුවා සතුව තිබී ඇත්තේ මුදල් පසුම්බිය, වතුර බෝතලයක් සහ පුද්ගලික ලේන්සුවක් පමණක් බවයි.

(vi). ඉහත ලංකාදීප ලිපියේ මෙලෙස සඳහන්.

පොලිස් විශේෂ බලකාය නාමල්ගේ ආරක්ෂකයන් සෝදිසි කර ඔහු ළඟ පිස්තෝලයක් ඇති බව සොයා ගත්තේය. ඔහු එම ස්ථානයෙන් ඉවත් කැරිණි.

යහපාලන බොරුව අතේ පැලවුණ ප්‍රධානම තැන තමයි ඒ. යම් විදිහකින් රටේ ජනාධිපතිවරයා අසළට අනවසරයෙන් පිස්තෝලයක් හෝ වෙනත් ඕනෑම ආයුධයක් රැගෙන ආවානම් අනිවාරයයෙන්ම ඔහුව අත් අඩංගුවට ගත යුතුයි. ඒත් පවසනවා අදාල සැක කරුව “එම ස්ථානයෙන් ඉවත් කැරිණි” කියලා. පිස්තෝලයක් ගෙනාවා කියන කතාව පට්ට පල් බොරුවක් බව ඒකෙන්ම පේනවා.

(vii). එම රණවිරුවාව අත් අඩංගුවට ගෙන නෑ. ඔහු වැරැද්දක් කර නොමැති නිසා (ඒ කියන්නේ ඔහු ඔය කියන විදිහට පිස්තෝලයක් ගෙනැවිත් නැති නිසා) තමයි ඔහුව අත් අඩංගුවට නොගෙන එතනින් යැව්වේ. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන වගේ, රටේ අලුත්ම ජනාධිපතිව දැකබලා ගන්න ආවට පස්සේ ප්‍රශ්න කළාම ඒ රණවිරුවා යන්න ගියා. නිවාඩු ලබා සිටින රණවිරුවෙකුට රටේ ජනාධිපතිවරයා සිටින රැස්වීමකට ඇවිත් වාඩි වෙන්න තහනම් වුණ බවකුයි දැන්නම් අපිට පෙනී යන්නේ.

(viii). වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ ප්‍රධනියා වන එස් එම් වික්‍රමසිංහ මහතා ගැනත් ලංකාදීප ලිපියේ සඳහන්. යහපාලන කෙප්පයේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා අසලට පිස්තෝලයක් රැගෙන යාමට ඉඩ හැරියානම් එස් එම් වික්‍රමසිංහ මහතාව ඒ මොහොතේම ක්‍රියාත්මක වන පරිදි සේවය අත් හිටුවා තිබිය යුතුයි. එසේ නොකර ඇත්තේත් එවැනි පිස්තෝල හමුවීමක් නොමැති නිසා.

 

[3]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමානම් තමන්ගේ රැස්වීම් වලට එන නිරායුධ රණවිරුවන්ව කිසිදා හරවා යවන්නේ නෑ. ඒ විතරක් නොවෙයි එතුමා උතුරු නැගෙනහිර යුද වදින රණවිරුවන් ගාවටත් ගියා. ඒ ගියේ එම රණවිරුවන් මැෂින් ගන් ඇතුළු ජීව උණ්ඩ සහිත දරුණු ආයුධ වලින් සන්නද්ධව ඉන්නකොටයි. යුද්ධයක් දිනපු නායකයෙක්ගේ ප්‍රෞධත්වය එයයි. වාකරේ මහ සටන ජයග්‍රහණය කළ රණවිරුවන්ට සුබ පැතීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ගිය මොහොත.

z_vpg03-impossible[1]

 

[4]. මහින්ද රාජපෂ මහතාට තර්ජනයක් වුණේ කොටි ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ හිතවතුන් මිස ශ්‍රී ලංකා හමුදාවන්ගේ සෙබලුන් නොවෙයි. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට මුළු ත්‍රිවිධ හමුදාවම සිටියත්, මේ වෙද්දී එතුමාගේ ආරක්ෂාව හොඳටම අඩු කර තිබෙනවා.

(i). ඊට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යන යන තැන් වල දහස් ගණනින් ජනතාව වටවීමත්, ඒක යහපාලන ආණ්ඩුවේ සමහරුන්ට ඇස් වල කටු ඇනෙනවා වගේ වීමත් නිසයි.

(ii).  දෙමළ ඩයස්පෝරා තහනම ඉවත් කිරීමත් ඒ සමගම විදේශවල සිටින කොටි හිතවාදීන්ට කිසිදු අවහිරතාවයකින් තොරව ශ්‍රී ලංකාවට ඒමට හැකි වීමත් නිසා එතුමාගෙ ආරක්ෂාව මේ වන විට බරපතල අවදානම් තත්ත්වයකයි තිබෙන්නේ.

(iii). ලංකාදීපයේ දැක්වූ ව්‍යාජ පිස්තෝල සිද්ධිය ආකාරයේ කතන්දර, යහපාලන ආණ්ඩුවෙන් ගෙතුවේ අන්න ඒක සාධාරණීකරනය කිරීමටයි.
පසුව ලියමි: ඉහත සිද්ධිය සම්බන්ධයෙන් එජාපයට සම්බන්ධ මඩ වෙබ් අඩවි වලින් එක එක කතා පළ කරන අතර, ඊට අමතරව පුවත්පත් ලිපි ලෙස පෙනෙන ආකරයට සෑදූ ව්‍යාජ ස්ක්‍රීන් ශොට් සමාජ ජාලයන්හි පළ කරමින් සිටී. ඒවාට නොරැවටෙන මෙන් අප හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

යාලුවන්ටත් ඒ ගැන දැනුවත්වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

22 comments to පිස්තෝලයක් සහිතව මෛත්‍රීපාල ළඟටම ආවාද? මෙන්න ඇත්ත.

  • Buddhist

    MY3 has to be careful. This is preamble to oncoming activities. If MY3 gets killed Ranil will be the President. So MY3 has to ….

  • shirash

    lankadeepa neme mona paththare monade kiwwath janathawa dannawa aththa mokadda kiyala. kawru monawa kiwwath ona dekata mahinda mahaththatayata moona denna shakthiya darya lebenna ona. api oba samaga semada

  • Newton Saparamadu

    We request all parties who concern president’s security,to give maximum protection for the president, it helps to protect SLFP leadership,we have seen so many incidents in the political arena.

  • Kithsiri Rajakulage

    Athigharu Mahinda Rajapaksha Mahatha Janathawa Atharata Yamin., Samanya Janathawa Menma Ranawiruwan Atharada Hada bendi Suhadathawayak Godanagagena Thibenneya.,Chandayen Dinagatha Hekiyawa Thiyeddi Monawata…,,,? Pawpuro gannawada.,? Owun Sathuwa Rate Janathawata Ho Ehi Sangwardanaya Udesa Kisidu Selesmak Nethiwa Menma Sri Lankawe Yahapatha Udesa Owunta Sidukala Heki Kisiwak Nomethibawa Owunma Oppukara Etha.,? Boru Porondu., Madaprachara.,Me,siyalla Owunge Nohekiyawa Pennum Karaiy.,Mahinda Mahathawa Jayagrahanaya Karaweema Udesa Api sangwidanathmakawa,ekamuthuwa., ekaraashie wemin.,ilakkaya hamba yamin.,jayagrahanaya kala yuthuwa etha.,Ea Ape Rata Wenuwenmaya.,Sebe Helayan Denuwath Karamin.,Suukshamawa Athyawashya-thawaya Pehedili Karademin.,Oba Siyaluma Dena Sidu Karana.,Nirawadya Kirima api agaya karamu,.Mahinda mahatha Newatha Bala Genwiya Hekiy.,Ea Rate Wasanawata.,

  • RATA wenuwen

    Paala mathithuma awurudhu kaale hadhisiye ledawune u. n. p lokka monawath bonna dunna nedha LEDAWENNA?, Oba maranna , oba nathikara janadhi wanna Pinguththara thumo lasthiwenawaa ,Ungen arakshawanna , Api mehema kiyanne api langayi niyama maiththriya thiyenne, Api Maithriya palanaya karanne naha,Api Maiththri Wardhanayayi karanne, SIYALU SATHWAYO WAIRI ADAHAS NETHTHO WETHWAA
    Eheth ratarekumata ,ratawenuwe api ape hadha dhinu Mahindha Mahatha samagayi.

  • Power

    මෛත්‍රීපාල වගේ කෙලිහිගුණ නොදත් කන්ඩ දීපූ අත සපා කාපූ…..ලෙකුට කවුරුහරි වෙඩි තිබ්බත් ඒක පුදුම වෙන්ඩ දෙයකුත් නෙමෙයි.එක මේසේ වාඩි වෙලා ආප්ප කකා ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදුන් මිනිහෙකුට කවදහරි වෙඩි කන්ඩ වෙයිද කියන්ඩත් බෑ.හැබැයි එහෙම දෙයක් කරයිද කියන්ඩත් බෑ, මොකද මිනිස්සු ගැරඩි මරලා පවු පුරවා ගන්නෙ නෑනේ. නමුත් එහමෙ දෙයක් කරොත් කරන්නෙ එක්කෝ UNP යේ උන් එහෙමත් නැතිනම් TNA එකේ උන්,
    හැබැයි මුන් එහෙම දෙයක් කරොත් අනිවාර්යයෙන්ම ඒ චෝදනාවත් එල්ල කරන්නෙ එක්කෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නැතිනම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාටයි.

  • Power

    අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හා ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කියන්ඩ තියෙන්නෙ, මම එක්තරා පුවත් වෙබ් අඩවිය දැක්කා ඔබතුමන්ලා දෙපල ඝාතනය කිරීමට විදෙස් රටවල සිට කලුකොටි 90 ක් අවිත් මේ රටේ විවිධ තැන්වල සිට ස්ථාන ගත වෙමින් සිටිනා වග අපේ බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා කියලා.එම නිසා ඔබතුමන්ලා දැඩි ලෙස ප්‍රවේශම් වන්න.මොකද ඔබතුමන්ලාට යම් කිසි අනතුරක් උනොත් මේ රටට දෙවියන්ගෙ පිහිටවත් නැතිවේවි,ඒ වගේම සදා අමරණීය වීරයන්ව අපට නැතිඋනොත් අපේ සිත් කොතරම් ශක්තිමත් උවත් එවැනි මොහොතක අපට එය කිසිසේත්ම දරා ගැනීමට නොහැකිවණු ඇත.ඒ වගේම නැවතත් මේ රට මිනී කන්නන්ගෙ දේශයක් බවට පත් වෙනවා සිකුරුයි.පුලුවන්නම් මෙවර මැයිදින රැළී වලට සහභාගී නොවන්න.එයට සහභාගී වෙන්ඩම වෙනවා නම් තම ආරක්ෂාව ගැන නොසළකා හරින්න නම් එපා..අනිවාර්යයෙන්ම මේ වියරු වැටී සිටින යම පාළකයෝ ඇතුලු කොටි නඩය ඔබතුමන්ලාට අනතුරක් කිරීමට මාන බලමින් සිටිනවා,එකේ ආය දෙකක් නෑ.

    මේ රටේ දස ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට ජීවිත දානය දී (LTTE යේ සිටි කොටින්ට පවා)මතුව දෙවුලොව උපදින පිනක් කරගත් ඔබතුන්ලා දෙපලට ඒ පින් මහිමයේ බලයෙන් කිසිදු අතුරු අන්තරාවක්,අපල උපද්‍රවයක් සිදු නොවේවා….!

    බුදු සරණයි!
    සුමන සමන් දෙවි පිහිටයි!

  • Dinuu

    Kithsiri Rajakulage comment එක මා ඉතා අගය කරනවා. සින්හලෙන් කියවිය හැකි නම් එය ප්‍රබලයි.
    සින්හලෙන් ලියන්න කැමති අයට පහසු උපදෙස් මෙන්න.
    comment කරන තැනට පැමින දකුනු පස උඩ ‘සින්හල අකුරින් ලිවීමට’ click කරන විට ලැබෙන Real Time Unicode Converter හි උඩ English වලින් ලියන විට යට සින්හලෙන් වදිනවා. එය highlight කර right click කර copy කරන්න.
    නැවත ඔබ සිටි comment කොටුවටම ගොස් (left click kara curser suudaanam kara) Alt key press කරනවිට MENU BAR එක උඩින් මතුවේ. එහි EDIT තෝරා PASTE click කරන්න.

    ps: If you have any difficulty typing to get the right Sinhala akuru Google for English to Sinhala Alphabet.

  • Dinuu

    ලන්කාදීප වැනි පුවත් පතක මෙවැනි වගකීමෙන් තොර වැරදි පුවත් පල කිරීම පහත් ක්‍රියාවක් ලෙස හෙලා දකිමු. මෙයට වගකිවයුතු අය සොයා දඩුවම් ලබා දීමත් පාඨකයින්ගෙන් සමාව ගැනීමත් කර්තෘ සතු යුතුකමයි.
    ඉහත නිවැරදි කිරීම හෝ ඇසින් දුටු අයගේ වාර්තා දිවයින හෝ එවැනි පුවත් පතක පල කිරීම මැනවි. දසදහස් ගනනින් දැනුවත් කල හැකියි මුද්‍රිත මාධ්ය හරහා. රණවිරුවන් කෙරෙහි අභිමානයෙන් සැලකූ මහින්ද යුගය යලි බිහි කිරීමට අපි සැම එකා මෙන් පෙල ගැසෙමු!

    මෙහි ගොඩ වැදී අරගලයට උර දෙන්ට..
    වෙබ් අඩවියට පිවිසෙන හිතවත් අයට..
    තුති පුදකරමි අප සැම එක්වී හෙටට..
    මගෙ රට බාර දෙමු ජනපති මහින්දට..

  • RATA wenuwen

    Me Paala thumani , Prasnawalin Maga Herenna eka eka Seppadawjja Rangana Dhakwanawa. Oba thuma ta marana tharjana thiyenne U. N Pyen , Mokadha Pinguththara balagena Innawaa Obathuma swargaththakaralaa nikamma pinata
    Balaya ganna, Ungen prawesam wunoth yeheki

  • u np kata katha balakaye wedak

  • Dinuu

    මහින්ද, ගෝඨාබය මැතිතුමන් තම ජීවිත පරදුවට තියා දරුනුම කොටින් මර්දනය කෙරුවා මගෙ රට වෙනුවෙන් සහ අපි හමෝම වෙනුවෙන්.
    දැන් රනිල් ල පිටරට සහ මෙරට කොටින්ට රට පුරා නිදහසේ සැරිසරන්නත්, ඉඩම් තානාන්තර දීලා පදින්චි කරන්නත්, හමුදාව කරගෙන ගිය වියාපාර ඩයස්පෝරා කොටින්ට මිලට ගන්නත් දීලා, රටෙන් ලොකු කොටසක් කොටි රජ කරන්නෙ.
    ඉතින් මහින්ද, ගෝඨාබය මැතිදුන් ගේ ආරක්ශාවට ප්‍රමුඛත්වය දීම අත්යවශ්යය්. මට නම් මේ වටිනා ජීවිත වලට ප්‍රශ්නයක් වුනොත් තව එක හුස්මක්වත් ගන්න ඕනෙ නැහැ.
    එහෙම හිතෙන තව ලක්ශ ගනනක් මේ රටේ ඉන්නවා.
    අපේ ඉශ්ට දේවතාවුන් දෙදෙනා දිවි පුදා හෝ රැකගත යුතුයි!

  • dsk hewavitharana

    mahida mahathath gotabaya mahathath merate sihalunge 1 2 M3 merate 3 ensa ethram gataluwak na

  • Ashan priyankara watson

    Ape mahinda rajpaksha mathi tumatai ewage ma gotbaya mathi tumatah ape sahaya noaduwa apa laba dena bawa apa stutin danna sitennemu ape rata beragat nayakayanta jayan jayam ma saha dirgau labewa

  • බෙන්තර කොල්ලෙක්

    රාජපක්ෂවරු ඔය වගේ පහත වැඩ කරන්නේ නැතිබව ජනතාව දන්නවා…මද ගැසීමෙන් ඔවුන්ව විනාස කල නොහැකි බව ඔවුන්ට් දැන් වත් වැටහේව,,,

  • RATA wenuwen

    මහින්ද මැතිතුමනි ඔබට ජය

  • RATA wenuwen

    ගැරඩි මරා පව් පුරවා ගතයුත්තක් නැහ
    පවක් කරන්නට කවදා සිත් දෙන්නෙත් නැහ
    මඩ ප්‍රචාර ඇද බැවත් අප නම් බය නැහැ
    රට නසන්න කැනහිලාට ඉඩදෙන්නෙත් නැහැ

  • Power

    (RATA wenuwen)

    නියමයි යාලුවා, නියමයි…

  • anny

    RANAVIRUVA ATHADANGUWATA GANEEMA KUMANTHRANAYAK VIYAHAKI BAVIN EETA MUHUNA DEEMATA JANATHAWA SOODANAM VIYAUTHYA

  • Orpheus

    Any intelegent person who listen to Police spokeman’s announcement can see that it was a big fabrication. I felt the the guy(ASP) is naked in front of TV camera.

  • geethanjali dasanayaka

    inna un okkotama dan pissu watila..boru kiyala gaththa chanda tika gana hodata un dannawa..obatumata mona mada gahuwath api salenne naha..api dannawa obatuma niyama nayakayek bawa..un muslim demala chanda walin dinala un dan porondu ista karanawa rata pawademin sakkiliyanta..mithree dinawanna chanda dun un serama me ratata maubimata sapayak,,un kala aparadayata wandi gewanna wenne api ahinsaka daruwanta..obatumata kisi anaturak wenne naha..koti sarisarana bawa obatuma gathanayata apitath teruna,,eth prakarange marana manchakaya laga marana biye jeewath una laksha ganakata oba jeewaya dunna,,oba sada amaraneeyai janapatahi taumani,,ape hadawathwala inna ekama janahada hadunana janapati obai sadakalhima

  • JBD

    This is absolutely not true.

Leave a Reply